Friday, March 19, 2021

හෙරොයින් ජාවාරම නැවතිලා නෑ. පොලීසිය කප්පන් ගැනීම නවත්වලා නෑ.



 ඉතා දුකසේ ගමේ ඉස්කෝලේ ඉගෙන ගෙන, සරසවි වරම් අරගෙන, උගත් දෙයින් ප‍්‍රයෝජන ගත්තු කෙනෙක්. රජයේ රැකියා බලාපොරොත්තුව අතහැර ගමේ තැඹිලි එකතු කර, අපනයන සමාගමකට බාරදීමේ රැකියාවට මුල පිරුවේ අවධානමක් ද අරගෙන.

ශ‍්‍රමය, බුද්ධිය කැප කරමින් තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට ඔහුට හැකිවුනා. මේ වන විට, කල්බදු ක‍්‍රමයට අරගත්තු ලොරි පහක් හා සේවකයින් දස දෙනෙකු සිය ව්‍යාපාරයට එකතු කරගෙන.

 තැඹිලි කපන්න හැමෝටම බැහැ. ප‍්‍රදේශයේ පොල් කඩන තැඹිලි කපන තරුණයින් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවන්. එම තරුණයින් ද රුමේෂ් යටතේ වැඩ කරනවා. පොලීසිය දන්නවා.

 ව්‍යාපාරිකයින්ගෙන් කප්පන් ලබ ගැනීම පොලීසියට ආයතන ගත වූවක්. ටිකට් ගන්නේ නැතිව බස්වල යන එකේ ඉඳලා සල්ලි ගෙවන්නේ නැතව මා`, එලව`ඵ ගැනීම දක්වාත්, තේ සිගරැට් අරන් බොන එකත් පොලිස් උප සංස්කෘතිය. පගාව ගැනීමට අමතරව.

 රුමේෂ් ගෙන්ද පොලීසිය, කප්පන් ගත්තා. පොලීසිය හොඳින් තියා ගැනීමට කප්පන් දුන්නේ හිතේ කහටක් නැතිව. සීමාව පැනපු නිසා, කප්පන් දීමට නොහැකි වුනා. නෝක්කාඩු වූ පොලීසිය රුමේෂ්ට දඬුවම කරන්න උසාවිය යොදා ගත්තා.

 01. ලේකම්,  මහජන ආරක්ෂක අමාත්‍යාංශය, 02. සභාපති,  මානව හිමිකම් කොමිෂන් සභාව, 03. පොලිස්පති වෙත යනවන ලද ලිඛිත පැමිණිල්ල.  කියවන්න.

 නීති විරෝධී ක‍්‍රියාවන් සිදුකරන ලද බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එරෙහිව නීතිය කි‍්‍රියාත්මක කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

 රමේෂ්  අවු: 29 යි, ජා.හැ.අ. 912**** විවාහක, රැුකියාව: ව්‍යාපාරික. ලිපිනය: 25*****, බණ්ඩාරගම. දු.අ. 

2021.03.13 වන දින දීය.

 2021 මාර්තු 07 වන දින, උදේ 7.50 ට පමණ, බණ්ඩාරගම පොලීසියේ, පො.කො.රි. බංඩාර සමග බුද්ධි අංශයේ නිලධාරියෙක් නිවස ඉදිරිපිටට පැමිණියා.

 එ් වෙලාවේ, මා, මාගේ ලොරිය අසල හිටියා. මා සමග මේනක, ප‍්‍රියන්ත සමන් හා පසිඳු යන අය හිටියා. ඔවුන් ව්‍යාපාරයට සම්බන්ධ අය.

 ඔවුන් පැමිණියේ යතුරුපැදියකින්. පො.කො.රි. බංඩාර එයින් බැස, නිවස අසල මා අලූතින් ඉදිකරගෙන යන නිවස තුළට ගියා.

 එයින් පසුව මා දැක්කා, එම හදාගෙන යන නිවස තුළ සිට, තිදෙනෙක් එළියට එනවා. දෙදෙනෙකුට මාංචු දමාගෙන මා ඉදිරියට ගෙන ආවා.

 

පො.කො.රි. බංඩාර පිහියක් අත ඇතිව, නොයෙකුත් දේ කියමින්, මට බැන තර්ජනය කරන්නට පටන් ගත්තා. එ් අතර ඔවුන් ජීප් රථය ගෙන්නුවා. ජීප් රථයට එම පස්දෙනාව නංවා ගත්තා. එ් අතර, උ.පො.ප. මධුසංඛ හා තවත් අයෙක් යතුරුපැදියෙන් එතනට ආවා.

 ඔවුන් මාව, අලූතින් හදන නිවසට අඬ ගසාගෙන ගොස්, අත්අඩංගුවට ගන්නා ලද පස් දෙනා      කුඩුබොමින් හිටියේ මෙතන යැයි කියා නිවසේ තැනක් පෙන්නුවා.

 ඉන්පසු, මට පොලීසියට ඇවිත් කටඋත්තරයක් දෙන ලෙසට කිව්වා.

මා මාගේ මාමා සමග එන්නම් යයි කිව්වා. එවිට මා සමග යන් කියා, උ.පො.ප. මධුසංඛ ඔහුගේ යතුරුපැදියෙන් මාව බණ්ඩාරගම පොලීසියට ගෙන ආවා.

 පොලීසියේදී, පො.කො.රි. බංඩාර, මට බැන තර්ජනය කරමින්, නින්දා කරමින් හැසිරුනා. ඔහු මාගේ කණට පාරක් ගසා, මූට හෙරොයින් ග‍්‍රෑම් 02 ක් දාලා, හයිකෝට් නඩුවක් දාන්න යයි එහි සිටි නිලධාරීන්ට කිව්වා.

 දවල් 12.30 ට පමණ ස්ථානාධිපති මූ.පො.ප. ඊ.එම්.ඞී.එම්.එල්. බුද්ධික පැමිණියා. මා ඔහුට කරුණු කියන්නට උත්සාහ ගන්නා විටම, ”උඹ කථා කරන්න එන්න එපා, මූට කුඩු දාන්නයයි සෙසු නිලධාරීන්ට කිව්වා.

 

මාව කූඩුවට දැම්මා. සවස 5.30 ට මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. නමුත් ලියූ දේවල් මට පෙන්නුවේ වත්, කියවා තේරුම් කර දුන්නේ වත් නැතුව මගෙන් අත්සන් ගත්තා.

 

රාත‍්‍රියේ, කූඩුවේ ඉන්න කොට, උ.පො.ප. මධුසංඛ ඇතු`ඵ නිලධාරීන් කිහිප දෙනෙක් මා අසලට පැමිණ, හෙරොයින් පානය කරන්න අනුබල දුන්නා කියා නඩු දාලා තියෙන්නේ, හෙට උසාවි දානවා කියා, වැරැුද්ද පිළිගෙන, නිදහස් වෙන්න යයි කියා සිටියා.

 පසුදින, 2021 මාර්තු 08, මාව, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

 නඩු අංකය : 82077 වේ.

 

මා වෙනුවෙන් නීතිඥ අමිල නාවලගේ මයා පෙනී සිටියා. මාව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරියා. මීළඟ නඩු දිනය : 2021 ඔක්තෝර් මස වේ. මා ප‍්‍රකාශ කර සිටින්නේ,

 

                (1) මා උපාධිධාරියෙකු බවත්, අපනයනය සඳහා තැඹිලි එකතු කරන ව්‍යාපාරයක නියැලී

             සිටින්නෙකු බවත්ය.

 

                (5) මා ළඟ දෛනික වැටුපට සේවය කරන (තැඹිලි කඩන අය* 10 ක් පමණ සිටිනවා.

 

                (4) එම පිරිසෙන් සමහරු, හෙරොයින් භාවිතා කරන්නන් බව මා දන්නවා. පොලීසියද

             දන්නවා. මාගේ දැනීමෙ හැටියට ඔවුන් හෙරොයින් ජාවාරම් කරන්නේ නැත.

 

                (4) අත්අඩංගුවට ගත්, හෙරොයින් භාවිතා කරන බවට සැක කරන පුද්ගලයින්

             අධිකරණයට ඉදිරිපත් කළද ඔවුන්ගෙන් මොනම අවස්ථාවකවත්, හෙරොයින්

             ලබාගන්නනේ කෙසේද යන්න පිළිබඳව ප‍්‍රශ්න කර නැති අතර, අධිකරණයෙන් ද එය

             වසන් කර තිබේ.

 

                (5) එ් අතර, බණ්ඩාරගම පොලීසියේ, පො.කො.රි. බංඩාර විවිධ හේතු දක්වමින්, උදව්

              ඉල්ලා සිටියා.

 

මා, එ් අවස්ථාවල, එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කළා. එම නිසා ඔහු මා සමග අමනාපයෙන් පසු වූ බවද කියා සිටිමි.

 

මා ඉල්ලා සිටින්නේ,

 

මෙම ව්‍යාජ නඩුව ඉවත් කරන ලෙස හා නීති විරෝධී ක‍්‍රියාවන්හි නියැලෙන, බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ඇතු`ඵ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

 

මෙයට,

zහෙට්ටි ආරච්චිගේ රමේෂ් ජීවන්ත

Tuesday, March 16, 2021

රිමාන්ඞ් එකේ මාස 11 යි, ඇල්ලූවායි කියන ”කුඩු” උසාවියට ඉදිරිපත් කරලා නෑ.

 

ශිරෝමිගේ සැමියා, හෙරොයින් වලට ඇබ්බැහි වූ, පුහුණු කම්කරුවෙක්. මොරටුවේ ඔහු වැඩ කරපු ආයතනයේදී තමයි කුඩු වලට පුරුදු වෙලා තියෙන්නේ. 30 හැවිරිදි එක් දරු පියෙක්.

2020 අපේ‍්‍රල් 07 ඔහුව අත්අඩංගුවට ගන්නේ හිරණ පෙලිස් මුර පොලේ නිලධාරීන්. පසුව ඔහුව පානදුර දකුණ පොලීසියට බාර දෙනවා.

අපේ‍්‍රල් 08 වෙනිදා උසාවියට ඉදිරිපත් කරන්නේ කුඩුසමග අත්අඩංගුවට ගත් බවට උසාවියට "බීවාර්තාවක් ද සමග.

උසාවිය ඔහුව රිමාන්ඞ් කරන්න නියෝග දෙනවා. කොරෝනාව නිසා, දින 14 ක් ඔහුව රඳවාගෙන ඉන්නේ පානදුර බන්ධනාගාර සිර මැදිරියේ. පසුව ක`ඵතර බන්ධනාගාරයට මාරු කරනවා.

එදා සිට අද දක්වාම ඔහු ඉන්නේ බන්ධනාගාරයේ. ඔහු සතුව, හෙරොයින් මි.ග‍්‍රෑ. 2400 ක් තිබුනා කියලා චෝදන කරලා තියෙන බව පොලීසිය කියනවා.

ශිරෝමි කියන පරිදි මේ දක්වාම, ඇල්ලූවාය කියන හෙරොයින් උසාවියට ඉදරිපත් කරලා නෑ.

එම නිසා රස පරීක්ෂකට යවන්න විදියක් නැතිලූ.

දින 14 කට වරක්, නඩුව කථා කරනවා. එක් වරකට නීතිඥ ගාස්තුව රු: 5000/- ක්. මුල් අවස්ථාවේ ඉදිරිපත් කරන ලද නීතිඥවරිය කිසිම දෙයක් කරලා නැතිලූ.

රංජන් රාමනායක හිරේ ඉඳලා එව්වායි කියන ලිපියේ සඳහන් වෙනවා හදිසි හස්තයක් කි‍්‍රයාත්මක වෙලා තියෙනවා කියලා.

රංජන් රාමානායක හිරේ ඉන්නේ රටේ ඉන්න ඉහළම පෙළේ ජ.නි. නීතිඥවරුන් ඉදිරිපත්වුනු නඩුවෙන් වැරදිකාරයා වෙලා.

ශිරොමිගේ සැමියා මාස 11 ක් හිරේ ඉන්නේ චෝදනාවක් වත් නැතිව.

ශිරෝමි ඇඟ`ඵම් සේවිකාවක්. මාසික වැටුප රු: 12,500/- යි. ඇයට, ජනාධිපති නීතිඥවරුන් ඉදිරිපත් කරන්න තියා, රු: 5000/- ක් ගෙවන්න නීතිඥවරයෙකු ඉදිරිපත් කරන්න බැරවි ඉන්නේ.

ශිරෝමිගේ සැමියාව, චෝදනාවක් නැතිව, නඩු භාණ්ඩ උසාවියට ඉදරිපත් කරන්නේ නැතිව හිරේ තියාගෙන ඉන්න ක‍්‍රියාත්මක වෙන හදිසි හස්තය කුමක්ද?

 කව්ද නිහඬ?

 

Friday, March 12, 2021

ආණ්ඩුව ගැසට් ගහනවා ! පොලීසිය, ගහගෙන ගහගෙන යනවා!!!



ආණ්ඩුව වධහිංසාවට ඒරෙහි පනත ඵලදියි කිරිමට උක්සහා ගත්තද, පොලීසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට වධ දීම නවත්වා නැත. යුක්තිය ඉටු කිරිමට තිබෙන සියුලුම යාන්ත්‍රණවල අනුකුලතාවය පොලිස් වධදිමට රුකුල් දෙන ඒවා බවට පත්ව තිබෙන් නිසාය. 

හිරණ පොලිස් මුරපාලේ නිලධාරීන් පිරිසක්, කොරෝනාව නිසා මා`ඵ විකිණීම කිරීමට බැරි නිසා නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී, බොරු නඩු දැමීමට එරෙහිව කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

01. පොලිස්පති, 02. ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය

  කසිප්පු නොදුන්නා කියා අමානුෂික ලෙස පහර දීම.

ප‍්‍රසන්න, අවු: 48 යි, ජා.හැ.අ. ----ල විවාහක, දරුවන්: 02 යි, රැකියාව: මාඵ විකිණීම, (කොරෝනා වසංගතය නිසා කසිප්පු විකිණීම) ලිපිනය: අලූබෝමුල්ල.

221.03.11 වන දින දීය.

2021.03.04 වන දින, රාත‍්‍රී 7.30 ට පමණ, හිරණ පොලීසියේ දෙදෙනෙක්, පොදුජන මාවතේදී මාව අත්අඩංගුවට ගත්තා. ඔවුන් මගෙන් කසිප්පු ඉල්ලා සිටියා.

මම නැහැ කිව්වාම, අතින් පයින් ගැහැව්වා. හිරණ පොලීසියට ගෙනවිත්, කූඩුවට දැම්මා. පොලීසියේදී අතින් පයින් පහර දුන්නා.

රාත‍්‍රී 8.30 ට විතර මාව පානදුර පොලීසියට ගෙන ආවා.

පසුදා, 2021.03.05 දවල් 1.30 ට විතර, පානදුර නඩුකාර නෝනා කෙනෙක් ළඟට රැගෙන ගියා. මම, මට පහර දුන බව කිව්වා. මට ඇප දුන්නා. මම ගෙදර ආවා.

අමාරු හින්දා, පසුවදා, 2021.03.06 පානදුර රෝහලට ආවා. එහිදී මාව නවත්වා ගත්තා. රෝහල් පොලීසියෙන් කටඋත්තරයක් ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා බැලූවා.

2021.03.12 වන දින, අධිකරණයට ඉදරිපත් වන ලෙසට නියම කළා.

මම, මා`ඵ විකිණීම කළේ. දවසකට රුපියල් දෙදහක් විතර හම්බු කළා. කොරෝනා නිසා මා`ඵ විකිණීම කරන්න බැරිවුනා.

මට, සඳුන් කියන අය, කසිප්පු ගෙනත් දෙනවා. දවසකට බෝතල් 06 ක් විතර, විකුණනවා. මට දෙන්නේ බෝතලයක් රු: 1000/- කට. විකුණන්නේ රු: 1200/- ට.

මාගේ පුතාට වයස අවු: 24 යි. ඔහු රියදුරු රැකියාව කරනවා. මාගේ පුතාටද මෙම නිලධාරීන් තර්ජනය කනවා. දින 2 ක සිට අරක්කු විකුණන්නේ නෑ.

අරක්කු නැතිව, මට පහරදී, බොරු නඩු දැමීම ගැන, හිරණ පොලිස් මුරපොලේ, නිශාන්ත කුමාර ඇතුලූ පිරිසට එහෙිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මේ වන විට, ආණ්ඩුව පොලිස් වධ හිංසාව වැළැක්වීමට නීති වැඩි කර ඇති බවත්, මෙම වධ දීම සිදුකළේ, පොලීසිය ආණ්ඩුව ගණන් නොගන්නා නිසා විය හැක.

අධිකරණ වෛද්‍ය වාර්තාව, පානදුර මූලික රෝහලෙන් ලබාගන්නා ලෙසටද ඉල්ලා සිටිමි.

මෙයට,

 ප‍්‍රසන්න 

 

Thursday, March 11, 2021

පොලිස් වධ හිංසාව වැළැක්වීම, මහේස්ත්‍රාත් වරුන්ගේ වගකීම.

  ආණ්ඩුව විසින් 1994 අංක 22 දරණ වධ දීමට හා අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකුම් වලට හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත බලාත්මක කිරීමේ වගකීම මහේස්ත්‍රාත් වරුන්ට පවරා තිබේ. ඒ හා අදාලව අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝදනය කර තිබේ.අදාල ගැසට් නිවේදනය පහත දැක්වේ







සංශෝදනය වූ සාක්‍ෂි ආඥා පනත


සංශෝදනය වූ සාක්‍ෂි ආඥා පනත පහතින් දැක්වේ...










Tuesday, March 9, 2021

නඩු දානවා. නඩු දෙනවා. දඩ ගෙවනවා.


 තුෂාරි, පානදුර ප‍්‍රදේශයේ බලපත‍්‍ර රහිතව නිපදවන මද්‍යසාර, (UML)- හෙවත් කසිප්පු විකිණීම ස්ථිර ජීවනෝපාය කරගත් තැනැත්තියක්. එයට සැමියාද, පවුලේ සෙසු සාමාජිකයින්ගේ ද පූර්ණ සහය ලැබෙනවා.

පරම්පරාවක්ම, පානදුර වෙරලේ අනවසර පදිංචිකරුවන්ව සිටි මොවුන්ට, සුනාමියෙන් පසුව, පානදුර මෝදරවිල ඉදිරකරන ලද තට්ටු නිවාස වල පදිංචියට යෑමට වසනාව හිමි විය.

 සුනාමි තට්ටු නිවාස නමින් ප‍්‍රකට, මෙම නිවාස සංකීර්ණයේ නොකෙරෙන ජාවාරමක් නැත. නීති විරෝධී ලෙසට හඳුන්වන සෑම දෙයක්ම මෙහි සුලබව ඇත. පසුගියදා, ඇගේ නිවසට කඩා වැදුනු පොලීසිය, නීතියට පටහැනි දේ වැළක්විමේ මුවාවෙන් සිදුකරන නීති විරෝධී කි‍්‍රයාවන් ගැන බලධාරීන්ට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

 හෙළි දරව් කරන කරුණු වලට  රජය ගන්නා පියවර මත මත්ද්‍රව්‍යය ජාවාරම වැළැක්වීමේ උත්සහයේ සාර්ථකත්වය රදා පවතිනු ඇත. 


ලි.ප.තැ.
සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව, 
පොලිස්පති  වෙත...               

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන,බොරු නඩු දැමීමට දරන උත්සාහය.

 තුෂාරි, අවු: 35 යි, ජ.හැ.අ. ...... ලිපිනය:, තට්ටු නිවාස, මෝදරවිල, පානදුර. දු.අ. ......2021.03.08 වන දින දීය.

ඊයේ, (2021.03.07) නිවසට පැමිණ, සැමියා අත්අඩංගුවට ගෙන, වධ දී බොරු චෝදනා දමා රිමාන්ඞ් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතර, අද, (2021.03.08) වරින් වර නිවසට පැමිණ, මාව අත්අඩංගවට ගෙන, උසාවියට බොරු කියා, හෙරොයින් ආදේශ කර, රිමාන්ඞ් කරවීමට උත්සාහ ගනී.

මෙසේ කරන්නේ, පානදුර, පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන, විශේෂ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසිනි. මෙම නීති විරෝධී ක‍්‍රියාව නවත්වන ලෙස ඉල්ලමි. ඕනෑම අවස්ථාවක, පොලීසියට ඉදරිපත් වීමට සූදානම් බව ප‍්‍රකාශ කරමි.

මා මත්ද්‍රව්‍යය ජාවාරම් කරන්නේ නැත. නීති විරෝධී මත්පැන් අලෙවි කර තිබේ.


මෙයට,

තුෂාරි

2.

ලේකම්,

මහජන ආරක්ෂක අමාත්‍යංශය,

14වන මහල, සුහුරුපාය

බත්තරමුල්ල

 මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවන් සිටියදී කසිප්පු වලට අල්ලා කුඩු තිබූ බවට ව්‍යාජ චෝදනා නගා අධිකරණය පාවිච්චි කර රිමාන්ඩ් භාරයට පත්කිරිමේ  අපරාධය

තුෂාරි, ජ.හැ.අ.. අවුරුදු 35 යි. තට්ටු නිවාස, මොදරවිල,පානදුර. දු.ක.අ. ****** සුජිත් අවුරුදු 40යි. මගේ සැමියා වේ.

 

 2021 මාර්තු 7 ඉරිදා රාත්‍රි 7ට පමණ පානදුර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් නිවසට පැමිණියා. ඒ අවස්ථාවේ මාගේ සැමියා ළඟ කසිප්පු බෝතල් බාගයක් තිබුණා. ඔහු එම කසිප්පු බෝතල් බාගය එම නිලධාරීන්ට බාර දුන්නා. එම නිලධාරීන් මාගේ සැමියාගේ එක් අතකට  මාංචු දැම්මා. ටික වෙලාවකින් අසල සිටි මාගේ අත ඇද පිටුපසට කර, සැමියාට දමා තිබු මාංචුවේ අනිත් කෙළවර දැම්මා. ඒ සමගම වාගේ එතනට එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක මධුශංක නිලධාරියා පැමිණියා.

අප දෙදෙනාව ඒ ආකාරයට විනාඩි 45ක් පමණ තියාගෙන හිටියා. මාගේ අතේ තිබූ මාංචුව ගැලවී ගියා. මා එවිට එම ස්ථානයෙන් පිට වුණා. තට්ටු නිවාසවල පදිංචිකරුවන් 100ක් පමණ මේ සියල්ල බලාගෙන සිටියා. ඒ අතර ජීප් රථ දෙකක් පැමිණියා. ඔවුන් අපට තර්ජනය කලා. ගෙවල් පොඩි කරනවා කිව්වා. අපට එහෙන් ඉවත්ව වෙනත් පදිංචියකට යන ලෙසට තර්ජනය කළා. ඒ අවස්ථාවේදී ඔවුන් මගේ සැමියාට පහර දුන්නා. සැමියාව ඉන්පසු පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පවත්වාගෙන යන, පානදුර කොට්ඨාශ දූෂණ මර්දන අංශයට ගෙන ගියා. එහිදී ඔහුට ඉතාමත් අමානුෂික ලෙස පහර දී වධ දී තිබෙනවා. ඉන්පසුව පානදුර දකුණු පොලිසියට බාරදී ඇත. දැනට ඔහු එම පොලිස් ස්ථානයේ සිටී. පානදුර පොලිසිය දැනුම් දුන්නා මගේ සැමියාට හෙරොයින් ග්‍රෑම් 10ක් සන්තකයේ තිබූ බවට චෝදනාවක් දමා ඇති බව. මොහුව උසාවියට ඉදිරිපත් කර  රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියමිතය.  අප ජීවත් වීම සඳහා කසිප්පු විකුණන බව ප්‍රකාශ කරමි. මේ වෙන විටත් නඩු තියෙනවා. එම නඩුවලට අප වැරදිකරු බව පිළිගෙන දඩ ගෙවනවා. හම්බකරන මුදලින් පවුලේ 09 දෙනෙකු ජීවත් වන බව ද ප්‍රකාශ කරමි. මෝදරවිල සුනාමි තට්ටු නිවාසවල අදටත් හෙරොයින්, අයස් හා පෙති විකුනනවා. අවුරුදු විස්සක් පුරා මෙම තට්ටු නිවාසවල කැට පොළක් පවත්වාගෙන යනවා. මේ සියල්ල පොලිසිය හොඳින් දන්නවා නමුත් ඔවුන් කරන්නේ විටින් විට අල්ලා අඩු ප්‍රමාණයන් සටහන් කර නඩු දමන ඒක. මැතකදි බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි පිරිස, නැවත මත්ද්‍රව්‍යය ජාවාරම සිදුකරනවා. ඒ සියුලුම දෙනාගේ විස්තර රහසිගතව ලබා දිමට අප සුදානම්.

මා ඉල්ලා සිටින්නේ, නිති විරෝධිව පෙරන ලද (කසිප්පු) මද්‍යසාර ලඟ තබා ගැනිම වෙනුවට පළි ගැනිමේ හා පොලිසියේ අනු දැනුම ඇතිව පානදුර උයන්කැළේ මහා පරිමාණ කසිප්පු ජාවාරම කරන ලසන්ත නැමැත්තාගේ අවශ්‍යතාවයට, හෙරොයින් ග්‍රැම් 10 ක් තිබු බවට චොදනා කර උසාවිය නොමග යවා රිමාන්ඩ් කරවිම නවත්වන ලෙසටය. මේ මගින් අප පවුලට මෙන්ම රජයටද සිදුකරන්නේ අපරාධයකි. කොරොනා වසංගතය මත රිමාන්ඩ් කරවිම අවම කිරිමට රජය ගත් තිරණය අවුල් කර දැමිමකි.

 

මෙයට,

  තුෂාරි

ස්පුට්නික් V එන්නත වෙනුසිලියානු ජනාධිපති ගහගනී, ඒ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න.


බටහිර මාධ්‍ය විසින් ස්පුට්නික් v, කොරෝනා එන්නත පිළිබඳව ගෙනගිය අසත්‍ය ප්‍රචාර හා ඒ ඒ රටවල ප්‍රධන මාධ්‍ය (MSM) විසින් මෙහෙයවන සිවිල් සංවිධාන හා වෘත්තී සමිති ස්පුට්නික් v  පිළිබඳව සෘණාත්මක තොරතුරු ප්‍රචාරය කලා පමණක් නොවල ඒවා ජනතාවට ලබාදීමට විරෝධය ද පළ කළේය. කෙසේ වෙතත් මේ වන විට මෙම එන්නත විශේෂයෙන් ලතින් අමරිකානු රටවල හා යුරෝපයේ ජනප්‍රිය වෙමින් පවතී.

මුල් අවස්ථාවේ මෙම එන්නත ප්‍රතික්ෂේප කළ යුරෝපීය රටවල් අද එය ලබාගැනීමට ඉදිරිපත්ව තිබේ. ලංකාවට ද මෙම එන්නත ලබාගැනීමට රජය තීරණය කර ඇත. එම තීරණයට මෙරට සෙඛ්‍යය යයි කියා ගන්නා සමිති සමිති කිහිපයක් විරෝධය පළ කර තිබෙනු දකින්නට ලැබුණිල මාධ්‍ය උපයෝගී කරගෙනග 


Astrazeneca එන්නත ලබා ගත් හත්දෙනාගේ මරණය ගැන දකුණු කොරියානු ආණ්ඩුව පරීක්ෂණ ආරම්භ කරයි


එරට මාධ්‍යය වාර්තාවලට අනුව Astrazeneca  එන්නත ලබාගත් විශාල පිරිසක් විවිධ සංකූලතා වලට ගොදුරුව තිබෙන අතර හත් දෙනකු මේ වන විට මියගොස් තිබේ 

දකුණු කොරියාව කොරෝනාව වසංගතය සාර්ථකව පාලනය කරන ලද රටවල් අතුරින් එකක් ලෙස සැලකේග එරට මිලියන 52දෙකක් වන ජනගහනයෙන් 92000ට වැඩි පිරිසකට කොරෝනා ආසාදන විය. මෙම පිරිස අතරින්  මිය ගිය සංඛ්‍යාව 1632 කි.

මිලියන 67 ක ජනගහනයක් ඇති එංගලන්තයේ මේ වන විට කොරෝනා ආසාධිතයින් ගේ සංඛ්‍යාව මිලියන 4.2 කි. ඒ අතරින් මේ වන විට 124,000 මිය ගොස් තිබේ.  


Saturday, March 6, 2021

දෙල්ගොඩ ජයනාථ දේවාලයේ අප්පච්චිගේ කෙරුවාව.


 58 හැවරිදි මවක ගේ කථාව, ඇය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාට කර තිබෙන් පමිණිල්ල පහත දැක්වේ. තොරතුරු ඒහි ඇතුලත්ය.

කඳුබොඩල ”ජයනාථ දේවස්ථානය” නමින් නීති විරෝධීව පවත්වාගෙන යන, ඊනියා ”ආගමික මධ්‍යස්ථානය” යොදාගෙන සිදුකරනල අස්වාභාවික ක‍්‍රියාවන්ල තරුණයින් හා ස්ත‍්‍රීන් ලිංගික අපයෝජනයට ලක් කිරීම.

මානෙල්ල අවු: 58 යි, ජා.හැ.අ - ****** විවාහක. දරුවන් 02 යි, 21.03.05 වන දින දීය.

1. ෂාන්  අවු: 25 යි. 2. හාන් අවුථ 23 යි. මාගේ පුතුන් දෙදෙනා වේ.

01. 2015 දීල මත්පැන් බීමට පුරුදුව සිටිල මාගේ සැමියාව එයින් මුදා ගැනීම සඳහා මාල දෙල්ගොඩල කඳුබොඩල ගෝල්ඩන් පාක් මාවතල ”ජයනාථ දේවස්ථානය” වෙත ගියා.
 
02. එසේ ගියේ, මාගේ ඥතීන් පිරිසකගේ මග පෙන්වීම මතය.

03. ”ජයනාථ දේවස්ථානය” චෛතයක් හා බෝධියකින් සමන්විත ගිහියෙක් විසින් පවත්වා ගෙන යනු ලබන්න ”පන්සලක්”. ”දේවාලයක්”, ”පල්ලියක්” හෝ නොවනල ගුප්ත බලයෙන්ල දේව බලයෙන් හා බුදුන්ගේ    බලයෙන්.

1 මත්පැන්වලට ඇබ්බැහි වූවන් ඉන් මුදවා දීමල :
2 නිවාසල භූමි ආරක්ෂා කර දීමල 
3 කල් පවතින විවිධ රෝග සුවපත් කර දීමල 
4 අමනුෂ්‍ය දෝෂ දුරු කිරීමල  සිදුකරන බව ප‍්‍රසිද්ධියක් ලබාදී තිබෙන ස්ථානයකි.

මෙය පවත්වාගෙන යන්නේල එහි අයිතිකරු ලෙසට පෙනී සිටින ”කොලීන් ගුණවර්ධන” නැමති පුද්ගලයාය.

04. කොලීන් ගුණවර්ධන යන නමල බියගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේල ”කඳුබොඩ” ග‍්‍රාම සේවා වසමේල ගෘහස්ථ නාම ලේඛනයේ ඡුන්ද හිමි ලේඛනයේ පවතින නම වේ.

05. අප දන්නා තරමින්ල 2015 ට පෙර, කොලීන් ගුණවර්ධන හා ඔහුගේ පවුලේ උදවිය, පදිංචිව සිටියේ වත්මන් ”ජයනාථ දේවස්ථානය” පිහිටි ඉඩමටල යාබද ඉඩමේ වූ නිවසේය.

06. මෙම ”කොලීන් ගුණවර්ධන” යන පුද්ගලයාල හඳුන්වා ගන්නේ, ”අප්පච්චී” යන අන්වර්ථ නාමයෙනි. ඔහු ඊනියා දේවස්ථානයේ ”නාථ”ල ”සමන්”ල ”දැඩිමුණ්ඩ” යන දෙවිවරු ගණනනාවක් තබාගෙන සිටී.

07ග ඔහුට විශ්ව ශක්තියක් තිබෙන බව ප‍්‍රකාශ කරන අතරල පෙර ආත්ම මෙන්ම ඉදිරි ආත්ම පෙන්නුම් කරන බව කියා සිටී.

08. චතුර කථිකත්වයක් ඇති මොහු, එමගින් ඔහු වෙත පැමිණෙන පුද්ගලයින් මුලා කර ගනී.

09. මාදල මාගේ සැමියාවල ”බීමත් බවෙන්” මුදවා ගැනීමේ දැඩි විශ්වාසයෙන් එම ස්ථානයට ගොස් ඔහුට රැවටුනෙමිග

10. මෙම රැවටීම මතල මාගේ සැමියාවදල මාගේ පුතුන් දෙදෙනාවද එම ඊනියා දේවස්ථායට සම්බන්ධ කළෙමිග

11. මාගේ සැමියා වසර දෙකක පමණ කලායක්ල එම ස්ථානයට ඇබ්බැහිව එහි ආවතේව කම් කළේයග

12. මාගේ ලොකු පුතාත්ල එම ස්ථානයට සම්බන්ධ කළේල ඔහුට පාඩම් මතක නොසිටින නිසායග

13. මාගේ දෙවන පුතාදල නැන්දාගේ පුතා සමග එම ස්ථානයට යන ලදිග

14. ඉතා ටික කලකින්ල පුතුන් දෙදෙනාල එම ස්ථානයට ඇබ්බැහි වියග ඔවුන් එහි කොලීන් ගුණවර්ධන ට ඉතා සමීපව ”ආවතේව” කරන්නට පටන් ගන්නා ලදි. ඔවුන් දෙදෙනා මෙම කොලීන් ගුණවර්ධනට ”අප්පච්චී” නමින් ආමන්ත‍්‍රණය කරන්නට පටන් ගන්නා ලදි.

වසර 02 කට පසුවල එනම් 2017 දී පමණල මාගේ පුතුන් දෙදෙනාල ප‍්‍රසිද්ධියේ මාව හා පියාව ප‍්‍රතික්ෂේප කරල ඔහුව ”අප්පච්චී” ලෙසට පිළිගන්නා බව ප‍්‍රකාශ කරල එම ඊනියා දේවස්ථානයේ නැවතින.

15. මෙම කොලීන් ගුණවර්ධනල මාගේ පුතුන් දෙන්නාවල ඔහුගේ වසඟයට ගෙන ඇත්තේල ”බුද්ධි සෝදා” හැරීමකින් නොවල ඔහුගේ විකෘති ලිංගික කි‍්‍රයාවන්ට යොදා ගැනීමෙන් බව ආරංචි විය.

16. මම, මේ පිළිබඳවල ෙදාම්පේ පොලිස් ස්ථානයට පැමිණිලි කළදල පොලීසියල එම පැමිණිලි පිළිබඳව ගැඹුරින් විමර්ශනය නොකළා පමණක් නොවල මෙම කොලීන් ගුණවර්ධන ආරක්ෂා කිරීමට ද පියවර ගත්තේය.

17.   පොලීසියට කරන ලද පැමිණිල්ලට අමතරව මාල
:1) ෙදාම්පේ හා බියගම ප‍්‍රාදේශීය ලේකම් වරුන්ටල
:2) බුද්ධ ශාසන අමාත්‍යාංශයටල
:3) මීගහවත්ත පොලිස් ස්ථානයටල
:4) වසමේල ග‍්‍රාම නිලධාරීවරයාටල පැමිණිලි කර සිටියෙමි.

18. දැනටද මෙම ඊනියා ”ජයනාථ දේවස්ථානය” පවත්වාගෙන යන අතර එමගින් විනාශ කර දමා ඇති දරුවන් ගණන කොපමණදැයි කීමට නොහැක.

19. එපමණක් නොවල මෙම කොලීන් ගුණවර්ධන නිසාල පවුල් ගණනාවක් බිඳී ගොස් ඇතග
20. මෙම කොලීන් ගුණවර්ධන විසින්ල පුද්ගලයින් විශාල වශයෙන් රවටමින්ල මහා ධනයක් උපයාගෙන ඇතග
21. ඉඩකඩම් ගෙන ඇත.
22. ගොඩනැගිලි ඉදිකර ඇත.
23. මෙම කොලීන් ගුණවර්ධන සිය මුදල් යොදවාල රාජ්‍යය නිලධාරීන් මිළයට ගෙන ඇතග
      එම පසුබිම තුළල ඔවුන්ගේ ආරක්ෂාව හිමිකරගෙන තිබේ.

මා ප‍්‍රකාශ කරන්නේල
දැනට මාගේ පුතුන් දෙන්නාල වයස අනුව වැඩිහිටියන් වුවදල ඔවුන්ට කුමක් සිදුවී ඇත්ද යන්න දැන ගැනීමට දෙමාපියන් වශයෙන් පමණක් නොව පුරවැසියන් වශයෙන් හිමිකමක් තිබෙන බවයිග

එම නිසා මා ඉල්ලා සිටින්නේල

1) මෙම කොලීන් ගුණවර්ධන යන පුද්ගලයා හොඳින් දන්නාල ඔහුගේ අනුදැනුම යටතේ සිටිනල මාගේ පුතුන්        දෙදෙනා පිළිබඳව තොරතුරු සොයා දෙන ලෙසටත්ල

2) මෙම ”ජයනාථ දේවස්ථානය” නමින් නීති විරෝධීව පවත්වාගෙන යනල ඊනියා ”ආගමික මධ්‍යස්ථානය” යොදාගෙන සිදුකරන අස්වාභාවික ක‍්‍රියාවන් තරුණයින් හා ස්ත‍්‍රීන් ලිංගික අපයෝජනයට ලක් කිරීම පිළිබඳව විමර්ශනයක් කරල නීතිමය පියවර ගන්නා ලෙසටය

මෙයට 
මව  මානෙල්

  




  

එන්නත ගහගෙන නැති නම්, හජ්ජි නැත. වෙරසයට, දෙයියෝ පස්ස ගහයි.


 සියලු බලධාරී දෙවියෝ වෙනුවෙන් බෙලි කපන්නත් සූදානම්, මිනිස්සුන්ට හජ්ජි යන්න පුළුවන් වෙන්නෙ Covid - 19 එන්නත විද ගත්තොත් පමණයි.

මක්කම භාර සව්දි රජය මෙවර මක්කම වන්දනාවට ඉඩ දෙන්නේ එන්නත ගහගත්ත අයට පමනක් බවට ප්‍රකාශ කර තිබේ. ඒ වගේම මීටරයේ දුර තියාගන්නත් ඕනේ