Friday, March 12, 2021

ආණ්ඩුව ගැසට් ගහනවා ! පොලීසිය, ගහගෙන ගහගෙන යනවා!!!



ආණ්ඩුව වධහිංසාවට ඒරෙහි පනත ඵලදියි කිරිමට උක්සහා ගත්තද, පොලීසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට වධ දීම නවත්වා නැත. යුක්තිය ඉටු කිරිමට තිබෙන සියුලුම යාන්ත්‍රණවල අනුකුලතාවය පොලිස් වධදිමට රුකුල් දෙන ඒවා බවට පත්ව තිබෙන් නිසාය. 

හිරණ පොලිස් මුරපාලේ නිලධාරීන් පිරිසක්, කොරෝනාව නිසා මා`ඵ විකිණීම කිරීමට බැරි නිසා නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී, බොරු නඩු දැමීමට එරෙහිව කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

01. පොලිස්පති, 02. ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය

  කසිප්පු නොදුන්නා කියා අමානුෂික ලෙස පහර දීම.

ප‍්‍රසන්න, අවු: 48 යි, ජා.හැ.අ. ----ල විවාහක, දරුවන්: 02 යි, රැකියාව: මාඵ විකිණීම, (කොරෝනා වසංගතය නිසා කසිප්පු විකිණීම) ලිපිනය: අලූබෝමුල්ල.

221.03.11 වන දින දීය.

2021.03.04 වන දින, රාත‍්‍රී 7.30 ට පමණ, හිරණ පොලීසියේ දෙදෙනෙක්, පොදුජන මාවතේදී මාව අත්අඩංගුවට ගත්තා. ඔවුන් මගෙන් කසිප්පු ඉල්ලා සිටියා.

මම නැහැ කිව්වාම, අතින් පයින් ගැහැව්වා. හිරණ පොලීසියට ගෙනවිත්, කූඩුවට දැම්මා. පොලීසියේදී අතින් පයින් පහර දුන්නා.

රාත‍්‍රී 8.30 ට විතර මාව පානදුර පොලීසියට ගෙන ආවා.

පසුදා, 2021.03.05 දවල් 1.30 ට විතර, පානදුර නඩුකාර නෝනා කෙනෙක් ළඟට රැගෙන ගියා. මම, මට පහර දුන බව කිව්වා. මට ඇප දුන්නා. මම ගෙදර ආවා.

අමාරු හින්දා, පසුවදා, 2021.03.06 පානදුර රෝහලට ආවා. එහිදී මාව නවත්වා ගත්තා. රෝහල් පොලීසියෙන් කටඋත්තරයක් ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා බැලූවා.

2021.03.12 වන දින, අධිකරණයට ඉදරිපත් වන ලෙසට නියම කළා.

මම, මා`ඵ විකිණීම කළේ. දවසකට රුපියල් දෙදහක් විතර හම්බු කළා. කොරෝනා නිසා මා`ඵ විකිණීම කරන්න බැරිවුනා.

මට, සඳුන් කියන අය, කසිප්පු ගෙනත් දෙනවා. දවසකට බෝතල් 06 ක් විතර, විකුණනවා. මට දෙන්නේ බෝතලයක් රු: 1000/- කට. විකුණන්නේ රු: 1200/- ට.

මාගේ පුතාට වයස අවු: 24 යි. ඔහු රියදුරු රැකියාව කරනවා. මාගේ පුතාටද මෙම නිලධාරීන් තර්ජනය කනවා. දින 2 ක සිට අරක්කු විකුණන්නේ නෑ.

අරක්කු නැතිව, මට පහරදී, බොරු නඩු දැමීම ගැන, හිරණ පොලිස් මුරපොලේ, නිශාන්ත කුමාර ඇතුලූ පිරිසට එහෙිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මේ වන විට, ආණ්ඩුව පොලිස් වධ හිංසාව වැළැක්වීමට නීති වැඩි කර ඇති බවත්, මෙම වධ දීම සිදුකළේ, පොලීසිය ආණ්ඩුව ගණන් නොගන්නා නිසා විය හැක.

අධිකරණ වෛද්‍ය වාර්තාව, පානදුර මූලික රෝහලෙන් ලබාගන්නා ලෙසටද ඉල්ලා සිටිමි.

මෙයට,

 ප‍්‍රසන්න 

 

No comments:

Post a Comment