Sunday, November 28, 2021

රුපියල් 112,500/- ක සොරකම, යට ගහන්න, මාස 08 ක් රිමාන්ඞ් එකේ තිබ්බා,

 


ඇප ගන්න වුනේ මහාධිකරණයෙන්. හැම ඉදිරිදම, අත්සන් කරන්න පොලීසියට යනවා.

ඇය, 63 න් හැවිරිදි, තිදරු මවක්. සැමියා අංශභාග රෝගියෙකි. පුතා කුඩු බොන හා ජාවාරම් කරන්නෙකි.

බෑනා කෙනෙක් රට ඉඳලා, එවන සල්ලි වලින්, හා පොලියට දීමෙන් ජීවිකාව කරන බව කියයි.

ඇය, 2021.03.03 දින, පොලිස්පතිට, කරන ලද පැමිණිල්ලට මේ දක්වාම පිළිතුරු ලැබ නැත.

මෑතක දී, ඇයට, සම්පූර්ණ නඩු වාර්තාව අධිකරණයෙන් ලබා ගැනීමට හැකි විය. එය පදනම් කරගෙන, ඇය, පොලිස්පතිට, කරන ලද පැමිණිල්ල පහත දක්වමු.

පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01

අත්අඩංගුවට ගෙන, වධ හිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා රක්ෂිත බන්ධනාගාරගත කරවීම.

රෝහිණී, වයස 63 යි, ජා.හැ.අ. 1957-, විවාහක, දරුවන් 03 යි, ලිපිනය: --- පානදුර.

2021.11.26 වන දින දීය.

මෙම කාරණය අදාළව මා විසින්, 2021.03.03 වන දාතමින් කරන ලද ලිඛිත පැමිණිල්ල අදාළව, වැඩිදුර කරුණු, පහත දක්වා සිටිමි. (එම පැමිණිල්ලේ පිටපත අමුණා ඇත*

02. මා එකී, පැමිණිල්ලෙන් සංක්ෂිප්තව, කියා සිටියේ, 2020.04.28 වන දාතමින් පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට, අනුයුක්තව රාජකාරි කරන උ.පො.ප. --- ඇතු`ඵ නිලධාරීන් පිරිසක් විසින්, මා අත්අඩංගුවට ගෙන, මා, මහජන බැංකුවට තැම්පත් කිරීමට ගෙන ආ, රු: 130,000/- ක මුදල ලබාගෙන, එයින් රු: 67,500/- ක් පමණක් සමග මා සතුව හෙරොයින් මි.ග‍්‍රෑ. 2300 ක් තිබූ බවට බොරු චෝදනා නගා, ගරු අධිකරණය මගින් මාව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීම පිළිබඳවය.

03. නඩු අංකය : ----/2020 වේ.

04. හෙරොයින් මි.ග‍්‍රෑ. 2300 ක් සන්තකයේ තබා ගැනීම යන චෝදනාව නිසා, එදා පැවති නීතිය අනුව, ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයට මා හට ඇප ලබාදීමට නොහැකි බව ප‍්‍රකාශ විය.

05. මට ඇප ලබාගැනීමට හැකි වූයේ, පානදුර, බස්නාහිර පළාත්බද මහාධිකරණයෙන් ය. ඇප මත මුදා හැරීමට නියෝග කරන ලද දිනය 2020.12.08 දිනය.

රුපියල් 5,000/- ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක්, සෑම සතියකම ඉරු දින, පානදුර දකුණ පොලීසියේ අත්සන් කිරීම යන ඇප කොන්දේසි වලට මා යටත් කර තිබින.

06. පොලීසිය අත්අඩංගුවට ගන්නා ලද බව කියන හෙරොයින්, ගරු අධිකරණයට ඉදිරිපත් කර, රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියෝග ලබාගෙන තිබුනේ 2020.08.14 දිනය.

07. රස පරීක්ෂක විසින්, සන්තකය් තිබූ බවට, පොලීසිය කියන ලද මිලි ග‍්‍රෑම් 2300 පැකට්ටුව, රස පරීක්ෂක විසින් කිරා බැලීමේදී, එහි බර මිලි ග‍්‍රෑම් 2275 කි.

තිබූ හෙරොයින් වල බර ප‍්‍රමාණය, මි.ග‍්‍රෑ. 49 කි.

එම වාර්තාව, ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයට එවා තිබූ දිනය, 2021.01.11 ය.

මෙම කරුණු සාරාංශ ගත කළ විට, 

(1) අත්අඩංගුවට ගත් දිනය : 2020.04.28

(2) අත්අඩංගුවට ගත් ස්ථානය : පානදුර කොමර්ෂල් බැංකුව ඉදිරිපිට වුවද, ගරු අධිකරණයට වාර්තා කර තිබුනේ මාව, නිවසේදී අත්අඩංගුවට ගත් බවත්, එපමණක් නොව දුවන විට බවත් ය.

(3) පානදුර කොමර්ෂල් බැංකුව ඉදිරිපිට දී, අත්අඩංගුවට ගන්නා විට, මා සතුව රු: 130,000/- කට වැඩි මුදලක් විය.

නමුත් පොලීසිය, ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ, රු: 67,500/- ක මුදලක් පමණි.

(4) මා සන්තකයේ තිබූ බවට, පොලීසිය සඳහන් කරන ලද හෙරොයින් ප‍්‍රමාණය, මි.ග‍්‍රෑ. 2300 කි.

(5) නමුත් රස පරීක්ෂකට යවා ඇත්තේ මි.ග‍්‍රෑ. 2750 කි.

එහි ඇත්ත වශයෙන්ම තිබී ඇත්තේ, හෙරොයින් මි.ග‍්‍රෑ. 49 කි.

(6) එපමණක් නොව, පොලීසිය, සිය වාර්තාවෙන්, ගරු අධිකරණයට ප‍්‍රකාශ කරන්නේ, මහසේනගේ රෝෂාන් ප‍්‍රනාන්දු නැමති සැකකරුවා ගරු අධිකරණයට ඉදිරිපත් කරන බවය.

මේ සිය`ඵම කරුණුවලින් මනාව ඔප්පු වන්නේ, මා නීත්‍යානුකූලව ලබා ගන්නා ලද, රු: 130,000/- ක මුදලක් පානදුර කොමර්ෂල් බැකුවට තැම්පත් කිරීමට පැමිණි අවස්ථාවේදී,අත්අඩංගුවට ගෙන, එම මුදලෙන්, රු: 112,500/- ක්, වංචා කර, එම වංචාව වසා ගැනීමට සහ ආණ්ඩුව, ජනතාව රැුවටීම සඳහා ගරු අධිකරණය උපයෝගී කරගත් බව ය.

මේ නිසා මට, 2020.04.29 දින සිට, 2020.12.28 දින දක්වා, මාස 08 ක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවිය.

මා, අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ,

(1) මාව, අත්අඩංගුවට ගත් ස්ථානය, නිශ්චිත වශයෙන් දැන ගැනීම සඳහාත්,

(2) මා හට, චෝදනා කරන, හෙරොයින් සන්තකයේ තිබූ බවට, සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති, බැංකු පොත්, ජංගම දුරකථන, සිම්පත් ආදිය නොපමාව, විධිමත් පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලෙසටත් ය.

මෙයට,

-- රෝහිණී ---- 


No comments:

Post a Comment