Thursday, November 25, 2021

 

සුමනදාස ආදි වාසියෙක්. 62 හැවිරිදි, පස්දරු පියෙක්. හේන් ගොවිතැන ජීවිකාව කරගත් මොහු දඩයම් නොකරයි.

2020 නොවැම්බර් මස, වෙඩි වැදී මිය ගිය වන අලියෙක් පිළිබ`දව පැමිණිල්ලකට අනුව 2020 දෙසැම්බර් 02 වන දින පොලිසියට ගෙන්වා ගත් මොහුව - මහියංගනය පොලිසියේ නිලධාරීන් පිරිසක් කාමරයකටදමා නිරුවත් කොට, ශීෂ්ණයට පොල්ලකින් පහර දෙමින්, අලියා මැරූ තුවක්කුව ඉල්ලා තිබේ.

ඒ අතර, කණ්වලට, තට්ට වලට පහර දෙනු ලැබීය.

අලියා මැරූ සැකකරුවකු වශයෙන් පසු දින අධීකරණයට ඉදිරිපත් කළේය. ඔහුට ඇප ලැබුණි.

දරා ගත නොහැකි වේදනාවෙන් සිටි ඔහුව, ප‍්‍රදේශයේ මාධ්‍ය වේදියකු විසින්, රෝහල් ගත කරනු ලැබීය. ඒ 2020.12 10 වන දිනය.

මහියංගනය රෝහලින් පසු දිනම ඔහුගේ ටිකට් කපන ලදි.

සුමනදාස වෙනුවෙන් ඉදිරිපත් වූ ප‍්‍රදේශයේ ක‍්‍රියාකාරයෙකු 'මළ පොතේ' අකුරු නොදන්නා සුමනදාසව බලගන්වන ලදි. සුමනදාස අග‍්‍රවිනිශ්චයකාර තුමාට පැමිණීලි කළේය.

අගවිනිසුරු තුමා– පැමිණිල්ල පිළිගෙන, ඉදිරි නීතිමය කටයුතු කිරීමට, නීති ආධාර කොමිෂමට යොමු කරන ලදි.

ඒ අනුව, නීති ආධාර කොමිෂම විසින්, සුමනදාස වෙනුවෙන්, මූලික අයිතිවාසිකම් නඩුවට අදාළව අවශ්‍ය පියවර ගැනීමට නීතිඥ පුලස්ති හේවාමාන්න මහතාව පත් කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි පියවර සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට දෙසැම්බර් 16 නඩුව කැ`දවා ඇත.

සුමනදාස ප‍්‍රකාශ කරන්නේ, තමාගේ හේනට කි.මී. 2 ක පමණ දුරින්, වෙඩි වැදී මිය ගිය අලියාට, වෙඩි තැබීමට සැකකරු වශයෙන් අත් අඩංගුවට ගත් තමාට වධ දී, උසාවියට ඉදිරිපත් කළේ, මෙම අපරාධය සිදුකල තැනැත්තා, සිවිල් ආරක්ෂකයකු වීම නිසා බවය. පොලිසිය සමග සමීප සම්බන්ධතා පවත්වන සිවිල් ආරක්ෂකයා, දඩමස් කප්පන් වශයෙන් පොලිසියට දෙන බව ප‍්‍රසිද්ධ රහසක් බවද කියයි.

මෙම වධ හිංසා පැමිණවීම නිසා, තමා රෝගියකු බවට පත්ව ඇති බවද, හේන් ගොවිතැන අතහැරීමට සිදුව තිබෙන බවද කිියයි.


No comments:

Post a Comment