Sunday, October 1, 2023

වසර 8 පුරා යුක්තිය අහිමිකරන ලැබු එවක වරාය අධිකාරියේ සභාපති ඇතුලු අධ්යවක්ෂ මණ්ලයට, විරුද්ධව ගත හැකි පියවරක් zzසිස්ටම්ZZ එක තුල නැත. ඒ ගැන කථා කරමු.

වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණය 2014 සැප්තැමබර් 10 වන දින සිට එම පස් දෙනාව සහකාර ආරක්ෂක තනතුරට උසස්කර විශ්රාිම ගිය දිනය දක්වා සියලුම හිඟ වැටුප ගෙවන ලෙසට නියෝග කළේය. එවකට අවුරුදු 53-56 අතර වු මෙම පස්දෙනා, නියමිත පටිපාටිය උල්ලංඝණය කරමින් හිමි උසස්විම නොදිම මගින් අධිකාරියේ සභාපති ඇතුලු අධ්යරක්ෂ මණ්ලය,තම මුලික අයිතිවාසිකම් කඩකර ඇති බව කියා සිටින ලදි. 2015 දි ඉදිරිපත් කරන ලැබු මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම 2021'11'24 විභාගයට ගැනින. එහි තීන්දුව ප්ර කාශයට පත්කරනු ලැබුවේ 2023'09'17 දින දීය. ගතවු කාලය වසර 08කි. වසර 8 පුරා යුක්තිය අහිමිකරන ලැබු එවක වරාය අධිකාරියේ සභාපති ඇතුලු අධ්යවක්ෂ මණ්ලයට, විරුද්ධව ගත හැකි පියවරක් zzසිස්ටම්ZZ එක තුල නැත. ඒ ගැන කථා කරමු.

Tuesday, September 19, 2023

නැති වෙලාවක් බලලා ගෙදරට පනිනවා. පොලීසියට එන්නත් එපා කියනවා. පිටතදී ගන්න එක වළක්වා දෙන්න පු`ඵවන් බව, තැරැව්කාරයෝ කියනවා.

49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපති චාමර නලිධාරියා, තමා ගැන විපරම් කර, නිවැසියන්ට, නින්දා අපහාස කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රිකාශ කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රාකාශ කර සිටී. ඒ අතර, පොලීසිය හා සමීප සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්, පොලීසිය කරන්නට යන දේ නතර කර දෙන්නට, කප්පමක් අවශ්යමය බව කියයා ඇත. තමාට, නිල දැණුම් දීමක් කරන්නේ නම් ඕනෑම විටක පොලීසියට පැමිණීමට සූදානම් බව, අලි, චාමර නිලධාරියාට දැන්වූ විට, පොලීසියට නොපැමිණෙන ලෙස දන්වා ඇත. එමෙන්ම ඔහුව, පොලීසියට අවශ්යටය තැනදී, අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබේ. වැලිපැන්න පොලිස් බල ප්රතදේශය තුළ, නීති විරෝධී වල්ලපට්ටා ජාවාරම, නීති විරෝධී මත්පැන් ජාවාරම මෙන්ම, හොර හරක් ජාවාරම සංවිධානාත්මකව සිදුවන බවත්, එයට පොලීසිය අනුග්රතහය දක්වන බවත්, ප්ර දේශ වාසීන් අතර පවතින මතය ගැනද අලි, සිහිපත් කර තිබේ.

Friday, August 25, 2023

Brutal assault against 27 year old heart patient.

Sumedha is a 27 year old youth from Panadura. As an infant, both his parents had abandoned him. He was growing under the care of his grandmother and uncle. He had a hole in the heart since birth and he was living with the support of pacing machine. At the age of 13 the pacing machine was removed and he underwent a heart surgery. Now he works as a machine operator. On 21st August 2023 he was assaulted by two police personal attached to Alubomulla police searching for ganja. Their fist blows directed against his chest and stomach. Sumeda told them that he underwent a heart surgery. Then the policemen stopped assaulting and went away. He was hospitalized because of chest pain. Panadura hospital police post recorded a statement from him. The judicial medical officer examined him. Both the occasions Sumeda said that he was assaulted by the police. Up to now, there is no investigation against the two perpetrated police personals called SI Chandana and Maduranga. Sumeda Lakmal has made written complaints to the relevant authorities.

Friday, July 21, 2023

පළමු වසරට නොගත් දැරිය 2 වසරට ගනු. උසාවිය විශාඛාවට කියයි.

2022 වසරේ පළමු වසරට ඇතුළත් කර ගැනීම සඳහා ලිතුලි දැරියගේ මව ඉදිරිපත් කරන ලද අයදුම්පත, සම්මුඛ පරීක්ෂණයට පවා නොකැඳවා ඉවත දැමීමට කොළඹ විශාඛාවේ විදුහල්පතිනිය ක්රිමයා කර තිබින. මෙම තීරණය මගින් තමාගේ හා දියණියගේ මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවට ප්රවකාශ කරන ලෙසටත්, දැරිය එම විදුහට ඇතු`ඵ කර ගන්නා ලෙසට නියෝග කරන ලෙසට ඉල්ලා දැරියගේ මව, තරංගනී ඉලේපෙරුම මහත්මිය ශ්රේ`ෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබිය. 2023.07.19 දින ශ්රේ`ෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්රිකාශයට පත් කරමින් නොපමාව, එම දැරියට 2 වන වසරට ඇතුළත් කරන ලෙසට විශාඛා විදුහල්පතිනියට නියම කරනු ලැබීය. මෙම දැරියගේ මව, බෞද්ධ වූ අතර පියා හින්දු භක්තිකයෙකු විය. අයදුම් පත්රශයේ ඒබ ව ප්රාකාශ කර තිබින. දැරිය, විශාඛාවට ඇතුළත් කරන ලෙසට ඉල්ලා තිබුනේ, ආගමික පදනම මත නොව, පදිංචිය, පාසලට ආසන්නතාවය මතය.