Tuesday, March 16, 2021

රිමාන්ඞ් එකේ මාස 11 යි, ඇල්ලූවායි කියන ”කුඩු” උසාවියට ඉදිරිපත් කරලා නෑ.

 

ශිරෝමිගේ සැමියා, හෙරොයින් වලට ඇබ්බැහි වූ, පුහුණු කම්කරුවෙක්. මොරටුවේ ඔහු වැඩ කරපු ආයතනයේදී තමයි කුඩු වලට පුරුදු වෙලා තියෙන්නේ. 30 හැවිරිදි එක් දරු පියෙක්.

2020 අපේ‍්‍රල් 07 ඔහුව අත්අඩංගුවට ගන්නේ හිරණ පෙලිස් මුර පොලේ නිලධාරීන්. පසුව ඔහුව පානදුර දකුණ පොලීසියට බාර දෙනවා.

අපේ‍්‍රල් 08 වෙනිදා උසාවියට ඉදිරිපත් කරන්නේ කුඩුසමග අත්අඩංගුවට ගත් බවට උසාවියට "බීවාර්තාවක් ද සමග.

උසාවිය ඔහුව රිමාන්ඞ් කරන්න නියෝග දෙනවා. කොරෝනාව නිසා, දින 14 ක් ඔහුව රඳවාගෙන ඉන්නේ පානදුර බන්ධනාගාර සිර මැදිරියේ. පසුව ක`ඵතර බන්ධනාගාරයට මාරු කරනවා.

එදා සිට අද දක්වාම ඔහු ඉන්නේ බන්ධනාගාරයේ. ඔහු සතුව, හෙරොයින් මි.ග‍්‍රෑ. 2400 ක් තිබුනා කියලා චෝදන කරලා තියෙන බව පොලීසිය කියනවා.

ශිරෝමි කියන පරිදි මේ දක්වාම, ඇල්ලූවාය කියන හෙරොයින් උසාවියට ඉදරිපත් කරලා නෑ.

එම නිසා රස පරීක්ෂකට යවන්න විදියක් නැතිලූ.

දින 14 කට වරක්, නඩුව කථා කරනවා. එක් වරකට නීතිඥ ගාස්තුව රු: 5000/- ක්. මුල් අවස්ථාවේ ඉදිරිපත් කරන ලද නීතිඥවරිය කිසිම දෙයක් කරලා නැතිලූ.

රංජන් රාමනායක හිරේ ඉඳලා එව්වායි කියන ලිපියේ සඳහන් වෙනවා හදිසි හස්තයක් කි‍්‍රයාත්මක වෙලා තියෙනවා කියලා.

රංජන් රාමානායක හිරේ ඉන්නේ රටේ ඉන්න ඉහළම පෙළේ ජ.නි. නීතිඥවරුන් ඉදිරිපත්වුනු නඩුවෙන් වැරදිකාරයා වෙලා.

ශිරොමිගේ සැමියා මාස 11 ක් හිරේ ඉන්නේ චෝදනාවක් වත් නැතිව.

ශිරෝමි ඇඟ`ඵම් සේවිකාවක්. මාසික වැටුප රු: 12,500/- යි. ඇයට, ජනාධිපති නීතිඥවරුන් ඉදිරිපත් කරන්න තියා, රු: 5000/- ක් ගෙවන්න නීතිඥවරයෙකු ඉදිරිපත් කරන්න බැරවි ඉන්නේ.

ශිරෝමිගේ සැමියාව, චෝදනාවක් නැතිව, නඩු භාණ්ඩ උසාවියට ඉදරිපත් කරන්නේ නැතිව හිරේ තියාගෙන ඉන්න ක‍්‍රියාත්මක වෙන හදිසි හස්තය කුමක්ද?

 කව්ද නිහඬ?

 

No comments:

Post a Comment