Friday, September 30, 2016

පරපීඩක කාමුකයන් රකින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොක්කන් ............

2012 වසරේ කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියක් වූ මනෝහාරි පැලකෙටිය මහත්මියව, ලිංගික අපයෝජනයට ලක් කළ එම විදුහලේ එවක විදුහල්පති පේ‍්‍රමලාල් කුමාරසිරිට හා මලගොඩ නැමති ගුරුවරයාට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, විදුහල්පති කුමාරසිරිව හා මලගොඩ ගුරුවරයාට, රුපියල් ලක්ෂය බැගින් ගුරු මහත්මියට ගෙවන ලෙසටත්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චෝදනා පත‍්‍රය ශුන්‍ය කර බල රහිත නියම කරණු ලැබීය.

කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති කුමාරසිරි හා මලගොඩ ගුරුවරයා තමන්ව දැඩි ලෙස ලිංගික අපයෝජනයට ලක්කරන බවට, අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කළද, ලේකම් ඇතුලූ අධ්‍යාපන ලොක්කන්, මෙම පරපීඩක කාමාතුරයන් දෙදෙනාව ආරක්ෂා කරමින් මෙම ගුරුවරියව පීඩාවට පත්කිරීමට ඉඩහැර බලා සිටියේය.

එ් මොවුන් දෙන්නා රාජපක්ෂ රෙජිමයේ බත්බැලයන් වීම නිසාය. මලගොඩ ගුරුවරයා, ප‍්‍රාදේශීය දේශපාලූවෙකුගේ සොහොයුරෙකි.

මෙම ගුරු මහත්මිය මෙම නරුමයන්ට එරෙහිව නිතිමය හා විනය පියවර ගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය.

ඇය ලංකා ගුරු සංගමය, සිරස මාධ්‍ය හා එක්ව මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වූයේ බැරිම තැනය.

පරපීඩක කාමාතුරයන්ට එරෙහිව නීතිමය හා විනය පියවර ගැනීමට තරම් ශක්තියක් නැති බෙලහීන අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂක, රාජ්‍ය සේවා කොමිෂම, පුවත්පත් සාකච්ඡුාවක් පැවැත්වීම මගින් ආයතන නීති රීති උල්ලංඝණය කළා යැයි ප‍්‍රකාශ කරමින් ඇයව වැඩ තහනමට ලක් කළේය.

ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ එ් මතය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ වැඩ තහනම අත්හිටුවා පෙත්සම විභාගයට තබන ලදි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගුරුවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා ඇයට දඩයක් නියම කළේය.

පසුව විදුහල්පතිවරයාට එරෙහිව හා මලගොඩ ගුරුවරයාට එරෙහිව ද විනය පරීක්ෂණ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවිය.

විදුහල්පති කුමාරසිරි විශ‍්‍රාම ගන්වන ලදි. විනය පරීක්ෂණ අවසන්ව නොමැති නිසා ඔහුට මේ දක්වාම විශ‍්‍රාම වැටුප නොලැබේ.

මලගොඩ ගුරුවරයාට ලූම්බිනි මහා විද්‍යාලයේ සේවය කිරීමට ඉඩ දී තිබේ.

2016.09.28 වන දින ප‍්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවෙන්, පෙර ස`දහන් කරන ලද පරිදි ඇයට විරුද්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චෝදනා පත‍්‍රය ශුන්‍ය කර බල රහිත කර ඇත. එ් අනුව ඇයට එරෙහිව පවත්වන ලද පරීක්ෂණය ශුන්‍ය වේ. දඬුවමද ද ඉවත් වේ. දඩය ආපසු ගෙවිය යුතුව තිබේ.

මැයට ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් පොලීසිය පවරන ලද නඩුව අසා ඇත්තේ අලි හොරා ලෙසට ප‍්‍රකට වූ තිළිණ ගමගේ නැමති හිටපු විනි සොරායාය. එම නඩු තීන්දුවට එරෙහිව ගුරු මහත්මිය මහාධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනු කර ඇත. එම නඩුව ඉවර නැත.

මෙම නඩු තීන්දුවෙන්, ආයතන සංග‍්‍රහයේ රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීම තහනම් කර තිබෙන වගන්නි අභියෝගයට ලක් කර තිබේ. 

ඇය නඩුවෙන් දිනුවේය. එහෙත් පරපීඩක කාමාතුරයන් වූ විදුහල්පති කුමාරසිරි හා මලගොඩ ගුරුවරයාට දඬුවමක් නැත. මෙම දෙදෙනාව ආරක්ෂා කරන ලද එවක අධ්‍යාපන ලේකම්වරුන් දෙන්නාට දඬුවමක් නැත. ජාතික පාසල් අධ්‍යක්ෂකට දඬුවමක් නැත. 

අධ්‍යාපන අමාත්‍යාංශය පරපීඩක විදුහල්පතිවරු හා ගුරුවරු ආරක්ෂා කිරීම එදත් අදත් සිදු කරයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට සිවිල් සමාජය හා ග-රු වෘත්තිය සමිති පෙරමුණ ගත යුතුයි.

සම්පුර්ණ නඩු තීන්දුව සඳහා පිවිසෙන්න.
http://www.janasansadaya.org/page.php?id=620&lang=en


මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් කරුණක් ඇත. මෙම නඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් හා නිතිපති වෙනුවෙන් සිටි රජයේ නීතිඥවරයා පෙනිසිට ඇත්තේ යුක්තිය වෙනුවෙන් නොව, දුෂිත රාජ්‍ය නිලධාරීන් රැුකීමටය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම වැළැක්වීම රාජය වගකීමකි. එවන් තත්ත්වයක් තුළ මූලික අයිතීන් උල්ලංඝණය කරන්නවුන් රැුකීමට රජය නියෝජනය කරමින් නීතිපති හා ඔහුගේ නියෝගයෙන් රජයේ නීතිඥවරයා ගේ ඉදිරිපත්වීම අභියෝගයට ලක්කළ යුතුය. හෙළා දැකිය යුුතුය. 





1 comment: