Wednesday, October 19, 2011

විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක්




14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.

2011.10.17 දින විදුහල්පති බර්ටි, සුපුරුදු පරිදි වේවැල අතින් රැගෙන පංතිය ඉදිරියට පැමිණ වේවැල දික්කර මෙහෙ වරෙන් කියා ළමයින්ට කතා කරලා. ළමයි පංතියෙන් එළියට ආවත් බර්ටි විදුහල්පති  පෙනෙන්න ඉදලා නැහැ. ළමයි එළියට වෙලා බලන් ඉදලා.

එක පාරටම මතුවුනු බර්ටි විදුහල්පති, ඉස්සරහින්ම හිටිය මොහොමඩ් ජිල්ලාන් සිනර් ව අතින් අල්ලලා කරකවලා දිගට හරහට පහර දීලා. මේ තිරිසන් විදුහල්පති, ඊට පස්සේ  මොහොමඩ් ජිල්ලාන් සිනර් ලවා ඩෙස්, පුටු අද්දවලා, තනකොළ ගලවලා.

මීහරක් දක්කන්න වාගේ කෙවිට්ට අතේ තියාගෙන සැරිසැරූ බර්ටි විදුහල්පති - මේ අසරණයට පහරදීලා, සෙන්පති වෙස්ගෙන ගිහිල්ලා.

පියා දරුවාව රෝහල්ගතකර, අදාල අයට පැමිණීලි කර තිබෙනවා.


විදුහල්පතිගේ අමානුෂික ප්‍රහාරයේ තුවාල කැළලි


මේ වන විට අපරාධකරුවාව බේරාගන්න බොහෝ දෙනා ඉදිරිපත් වී තිබේ. මේ අතර, ගුරුවරියන් හා අම්මලාත් ඉන්නවා.

1 comment:

  1. පිංතූරෙය් තිෙයන කැළල ෙපාඩි එකක්ෙන්

    නිකං ෙබාරුවට උලුප්පල දක්වන්ෙන....

    ඉතින් කවුද රැවෙටන ෙමා්ඩෙයා්... හික්...

    ReplyDelete