Wednesday, October 26, 2011

නීතියට ඉහළින් ඉන්න තවත් එකෙක්




පහලොස් හැවිරිදි සිසුවකුට පහර දුන්න - ගාල්ල, ලබුදූව, සිරි ධම්ම විදුහලේ විදුහල්පති නීතියට ඉහළින් ඉන්න අයෙක්ද ?

පසුගිය 14 වෙනිදා, පහලොස් හැවිරිදි හරිත විකල්ප සිසුවාට, විදුහල්පති කාමරයට ගෙන්වා අතින් පයින් පහරදී ඇත්තේ, එම විදුහලේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා නැමැති අයයි.

ඊට පෙරදින පාසලේ සිසුන් අතර ඇතිවූ ප්‍රශ්ණයකට, එක් දෙමාපියෙකුගේ අවශ්‍යතාවයට කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව තාරක විකල්පට අතින් පහරදී ඇති බව පවසන ඔහුගේ පියා - සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට පැමිණිල්ලක් කරන ලද බව ප්‍රකාශ කර සිටී.

තම පුතාගේ කණට කරන ලද පහරදීම නිසා, තවමත් පුතා වේදනාවෙන් සිටින බවද, කරාපිටිය රෝහලේදී ලබාදුන් ප්‍රතිකාරවලට සුවයක් නොලැබූ හෙයින් පෞද්ගලිකව වෛද්‍යවරුන්ට පෙන්වා බෙහෙත් ලබාගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විදුහල්පති ප්‍රේමසිරි ඈපා ගෙන් පොලිසිය කටඋත්තරයක්වත් ලබාගෙන නැති බව පවසන හරිත විකල්පගේ පියා, සිද්ධිය සමථ මණ්ඩලයට දමන බවට පොලිසිය ප්‍රකාශ කරන ලද බව පවසා සිටී.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්වත් සිදුකර නැත.

දණ්ඩ නීති සංග්‍රහයට අනුව, පහරදීම අපරාධයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව - මූලික අයිතීන් උල්ලංඝණය කිරීමකි. අධ්‍යාපන චක්‍රලේඛ වලට අනුව විෂමාචාර ක්‍රියාවකි.

එහෙත්, ලබුදූව සිරි ධම්ම විද්‍යාලයේ විදුහල්පතිට මේ කිසිවක් වලංගු නැති බව පෙනී යයි.

No comments:

Post a Comment