Monday, October 17, 2011

කු/ ශ්‍රී නිශ්ශංක මහා විදුහලේ විදුහල්පතිගෙන්13 හැවිරිදි පිරිමි ළමයෙකු දෙවෙනි වරටත් අපයෝජනය කරයි.




ක/ශ්‍රී නිශ්ශංක මහා විදුහලේ හත්වෙනි වසරේ ඉගෙනුම ලැබූ 12 හැවිරිදි පිරිමි දරුවාව බරපතල ලිංගික අපයෝජනයට ලක්කලේ - කුරුණෑගල කොලපැලලි කන්දේ 56 හැවිරිදි හා 17 හැවිරිදි පිරිමියෙක් හා ළමයෙකු විසින්ය.

අපරාධ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අපයෝජනයට ලක්වූ දරුවාව, ආරක්ෂාව සදහා පරිවාස බාරයට පත් කිරීමට අධිකරණය නියම කළේය.

එම තත්වය තුල දරුවාට, පළමු වසර සිට ඉගෙනුම ලැබූ කු/ශ්‍රී නිශ්ශංක පාසලෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුවිය.

දරුවාව යලිත් මවට බාර කෙරුනේ 2011.07.20 දිනය. ඒ අනුව, නැවත දරුවා කු/නිශ්ශංක මහා විදුහලට ඇතුලත් කිරීමට - මව කල ඉල්ලීම විදුහල්පති ප්‍රතික්ෂේප කළේය.

දරුවාව ඇතුලත් කරගන්නා ලෙසට කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දෙන ලද නියෝගය බාර ගැනීම පවා - විදුහල්පති ප්‍රතික්ෂේප කලේ - නැවත කලාප අධ්‍යාපන කාර්යාලයට යන ලෙසට මවට නියෝග කරමින්ය.

මෙම තත්වය තුල, 2011.07.20 සිට මේ දක්වා මාස තුනකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට දරුවාට නොහැකිව තිබේ.
ළමා අයිතීන් ගැන කතා කරන ආණ්ඩුවක හැටි මනාව පෙන්නුම් කරන තවත් එක සිදුවීමක් පමණි මෙය.

කුරුණෑගල, කොලපැලලිකන්ද ගමේ කුමුදුනී පුෂ්පලතා , අපයෝජනයට ලක්වූ මේ වන විට 13 හැවිරිදි තම දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරගැනීමට මේ වන විට නොගිය තැනක් නැත.

ඇය දුප්පත්ය. ඇය තනි මවකි. ඇය අසරණය. ගිලන්වූ මව හා පියාද ජීවත්කරන ඇය - පුතාට අමතරව 7 හැවිරිදි දියණියද රැකබලා ගනියි.

No comments:

Post a Comment