Thursday, October 13, 2011

පොලිසිය ශාන්තව මරාගනියි.



පොලිසිය දාන බොරු නඩුවලට ඔරොත්තු දීගන්න බැරිව, පොලිස් වධහිංසාවට පත්වූ ශාන්ත 2011.10.10 දින, වස බී දිවි නසා ගත්තේය.

49 හැවිරිදි එල්.එන්.ශාන්ත ති දරු පියෙකි.  ඔහු රැකියාව වශයෙන් පොල් කැඩීම සිදුකරනු ලැබීය.

2009.03.02 දින මීගහතැන්න පොලිසියේ උ.පො.ප.සෙනෙවිරත්න විසින් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා බොරු නඩුවකට පැටලුවේය.
ඔහු සමග ඔහුගේ මස්සිනා වන සුනිල් ශාන්තවද අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දැම්මේය.

මොවුන්  දෙදෙනාම, තමන්ට වධහිංසා පැමිණවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය. එහි අංකය SC/FR/ 479/09.

එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට දැඩි බලපෑම් එල්ල කලද - එම බලපෑම්වලට අවනත නොවී සිටීමට ඔවුන්ට හැකියාව තිබින.

එහෙත් බොරු නඩු වලට මුහුණදීමට නොහැකිව දැඩි සිත්තැවුලට පත්ව, ගමෙන්ද විටෙක බැහැරව සිටි ශාන්ත ගමට පැමිණියේ බොරු නඩුවකට ඉදිරිපත් වීමටය.
එහෙත් ඔහු උසාවි යනවා වෙනුවට කළේ, වස පානය කොට දිවිතොර කර ගැනීමය.මෙම පුවත, මීගහතැන්න පොලිස් කාරයින්ට නිවන් සුව ලැබුනා හා සාමනවන්නට ඇත.

පොලිස්කාරයෝ මෘගයින්ට සමාන කිරීමද වැරදිය. ප්‍රශ්ණය ඔවුන් ගැන නොවේ. මිනීමරු දූෂිත පොලිස් කාරයින්ට සෙත් පතනවුන් ගැනය. මොවුන් මිනීමරුවන්ටද වඩා භයානකය.

JS

No comments:

Post a Comment