Monday, October 24, 2011

ගඩාපිට යුක්තිය ඉටුවිය යුතුයි



අතීතයේ පටන් කෘෘර පාලකයින් බලයෙන් පහ කිරීමට ජනතාව පසුබට වූයේ නැත.

ආසන්නතම උදාහරණය ගඩාපිය. ගඩාපිගේ අවසානය කෙතරම් මිලෙච්ජ ආකාරයෙන් සිදුවීද යන්න අද ලෝකයම දනී.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් රකින බවට පොරොන්දු දී, පීඩාවට පත්වූ ජනයාගේ ලේ දහඩියෙන් බලයට පැමිණ සිටින වත්මන් පාලකයෝ, ගඩාපිගේ මරා දැමීම වසන් කිරීමට බොරු කීමට පටන්ගෙන තිබීම, පිලිකුල් කල යුතුය.

කවුරුවුවත් අස්වාභාවික ලෙසට මිය ගියා නම් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එය ශිෂෟඨකමේ ලක්ෂණයයි.

මෘතදේහයට - නිසි ගෞරවයක් දැක්විය යුතුය. එයද ශිෂෟඨ කමේ ලක්ෂණයයි.

ජීවත්ව සිටියදී ඔහු මිනීමරුවෙකි. දූෂිතයෙකි. ඔහුගේ මරණය අපේක්ෂා කල අය බොහෝය. එහෙත් අත්අඩංගුවට ගත් පසුව වධහිංසාවට පත් කිරීමට, මරා දැමීමට කිසිවෙකුටවත් අයිතියක් නැත.

ගඩාපි ඉස්ලාමීය සංස්කෘතියට අයත් නොවුනානම්, බෞද්ධ හෝ හින්දු වූවානම් මෙලහකටත් මළ සිරුර අදුනාගන්නට නොහැකිවන පරිදි පුලුස්සා දමා හමාරය.

ගඩාපිගේ මරණය ගැන - පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත්වීමට, සෑම ශිෂ්ඨ රාජ්‍යයක්ම ලිබියානු නව නායකයින්ට බලකල යුතුය.

දැනටමත් ජගත් සංවිධාන පෙන්වාදී ඇති අයුරු කැරළි හමුදා, ගඩාපි පරාජය කිරීම සදහා දියත් කල සන්නද්ධ අරගලයේදී මානවවාදී නීති උල්ලංඝණය කර ඇත.

ගඩාපිගේ සහ ඔවුන්ගේ සගයින්ද, ඔහුට පක්ෂවූ හමුදා සොල්ලාදදුවන්ද අත්අඩංගුවට පත්වීමෙන් පසුව මරා දැමූ බවට පළවන සියලු පුවත් පිළිබද වින්දිත භාවයෙන් යුතුව පරීක්ෂණවලට භාජනය කෙට, වැරදි කල අයට නිසි දඩුවම් පැමිණවිය යුතුය.

එසේ නොකරන්නේනම් ගඩාපි පාලනය     මර්දනකාරී හා දූෂිත පාලනයකින් ලිබියානු ජනයා පීඩාවට පත්වනු ඇත.

යුද්ධ අපරාධ කවුරු කලත්, මොන තත්වයන් යටතේ කලත් අපරාධය. මිලේච්ජය. අත්අඩංගුවට ගත් පුද්ගලයා කවරෙකු වුවත් වධහිංසා පැමිණවීම, මරා දැමීම පිළීකුල් කල යුතුය. හෙලා දැකිය යුතුය. එසේ කරන ලද අයවලුන්ට නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.

ගඩාපි ජීවතුන් අතර සිටි වකවානුවේ ඔහුගේ මිතුරන්, ඔහුගෙන් ලාබ ප්‍රෙයා්ජන ගත්තවුන් -මේ අවස්තාවේ නිහඩව සිටිනවානම්, ඔවුන් ශිෂෟඨ මිනිසුන් නොවන්නේය.

ගඩාපිගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණ පවත්වන ලෙසට හා ගැටුමේදී යුද අපරාධ සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා පිළිබදව - ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම ඇති නිසි පරීක්ෂන පැවැත්විය යුතු බවට, නගන ජාත්‍යන්තර හඩට ශ්‍රී ලංකාව එක්විය යුතුය.

එහෙත් යමක් කළ යුත්තේ තමා සම්මතයේ පිහිටා විය යුතු බවට වන - කියමන සිහියට තබාගෙන බව මතක තබාගත යුතුය.

No comments:

Post a Comment