Friday, November 9, 2018

බොරු නඩු දමා ජීවිත බිලි ගන්නා ශ‍්‍රී ලංකා පොලීසිය


හොරා තමන්ගේ එකෙක් නම් අසරණයෙකු අල්ලා වධ දී උසාවිය යොදාගෙන ජීවිත විනාශ කිරීම ශ‍්‍රී ලංකා පොලීසියට උරුම වූවකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සිවිල් සමාජයට සාමාන්‍ය ජනයා විඳින දුක් පීඩාවන් පයට පෑගෙන දුවිලි තරම්වත් වටින්නේ නැත.

පටලවන ලද බොරු නඩුවකින් නිදහස්වීමට වසර දෙකක් පුරා ගෙන ගිය අරගලයෙන් නඩුවෙන් නිදහස් වීම, රැුකියාව නැති වීම හා පවුල නැතිවීම යන ප‍්‍රතිඵල හිමි කර ගැනීමය.

මීගලෑවේ, තිස් හැවිරිදි, තරංග, සිය බිරිඳ සමග ඇඟ`ඵම් කම්හලක සේවය කරමින් සිටිය දී, අත්අඩංගුවට ගන්නේ රු: 35,000/- වටිනා අත් ඔරලෝසුවක් සොරකම් කළ බවට චෝදනා කරමින්ය.

පොලීසියේ ඉල්ලීමට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය පසුව ඇප මත මුදාහරියි.

වසර දෙකක් පුරා ෙදාලොස් වාරයක් උසාවියට ගිය පසුව, අධිකරණය ඔහුව මුදාහරින්නේ ”සාක්ෂි නැත” යන පදනම මතය.

මෙම වසර දෙක තුළ ඔහුට අහිමි වන්නේ රැුකියාව පමක් නොවේ. පවුලද අහිමි වන්නේය. 

නීතිඥ ගාස්තු වශයෙන් පමණක් ඔහු මේ දෙවසර තුළ රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය කර ඇත.

අද ඔහු, කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ඉදිකිරීම් වැඩ බිම්වල කුලීකරුවෙකුය.

ගමට යා නොහැක. මන්ද, ඔහුව ඩැහැගන්න පොලිසිය බලා සිටින නිසාය.

සාමාන්‍ය වැසියෙකුට උසාවියට බොරු කීමට නොහැක. උසාවියට බොරු දිව්රුම් ප‍්‍රකාශ ඉදිරිපත් කළහොත් එය උසාවියට අපහාස කිරීමක්, නැතහොත් අපරාධයකි.

නමුත් මිනිස් ජීවිත විනාශ කරන්න උසාවිය රබර් මුද්‍රාවක් කරගන්නට පොලීසියට ඉඩ දී තිබීම අපරාධයක් නොවන්නේය, අපහාසයක් නොවන්නේය, 

No comments:

Post a Comment