Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

වැලිපැන්න පොලිසිය තරුණයින් දෙදෙනෙකුව මහ පාරේ දණ ගස්සවා පහර දෙයි.



ජනසංසදය විසිනි






වසන්ත හෙවත් ලොක්කයියා නැමැති මුදලාලිගේ කඩය ඉදිරිපිට මොවුන් දෙන්නාව දණගස්සවා පහර දි ඇත්තේ වසන්ත හෙවත් ලොක්කයියා නැමැත්තාගේ බිරිද, ඇගේ මල්ලී සමන්ත හා අසල්වැසියන් ඉදිරිපිටදී ය. ඒ මුදලාලිව සතුටු කරන්නටය.
2010. 05. 20 දින, දහවල් 11.45 පමණ, පරෙයිගම,පහළවෙල පදිංචිකරුවන් වන සුතිස කුමාර ජයලත්ව(අවු:23) හා මහේන්ද්‍ර උප්පලවන්නව(අවු:18), සුතිස ගේ නිවසේදී වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනාට පහර දෙමින් පාර දිගේ ඇදගෙන ගොස් වසන්ත හෙවත් ලොක්කයියා නැමැත්තාගේ කඩය ඉදිරිපිට දණගස්සවා ඇති අතර, එසේ කර ඇත්තේ - ලොක්කයියා නැමැත්තාගේ බිරිද, ඇගේ මල්ලී සමන්ත හා අසල්වැසියන් ඉදිරිපිටදී ය. එසේ දණගැස්සවූ සුතිස ට හා උප්පලවන්නට ලොක්කයියා ඇතුලු පිරිස ඉදිරියේ පහර දී ඇත.
වැලිපැන්න පොලිසිය මෙසේ නීති විරෝධී ලෙස ක්‍රියාකර ඇත්තේ ලොක්කයියා නැමැත්තාගේ කඩයෙන් බඩු හොරකම් කරායැයි චෝදනාකරමින්, ලොක්කයියා නැමැත්තාගේ අවශ්‍යතාවයටය.
අනතුරුව ඔවුන් දෙදෙනාව මාංචු දමා පොලිස් නිළධාරියෙකුගේ යතුරු පැදියෙන් වැලිවැන්න පොලිසියට ගෙන ගොස් පොලිස් කූඩවේ දමා තබා , විනාඩි 5 -10කින් පමණ උප්පලවන්නව එළියට ගෙනපොලිසියේ වෙනත් ස්ථානයකට ගෙන ගොස් තිබේ.
ඊ‍ට විනාඩි 45කට පමණ පසු, උප්පලවන්නව කූඩවට ගෙනවිත් ඇති අතර, උප්පලවන්න ඒ වන විට ඇවිද ගැනීමටවත් නොහැකිව ඉතාමත් අපහසුවෙන් පැමිණ තිබේ. උප්පලවන්නව කූඩවට දැමූ එම නිළධාරියා ඊලගට උඹ ලැහැස්තිවෙලා හිටපන් කියා සුතිසට පවසා ගොස් ඇත.
සිදුවූයේ කුමක්දැයි වේදනාවෙන් සිටි උප්පලවන්න‍ගෙන් සුතිස විමසූ විට උප්පලවන්න තම අත් දෙක පෙන්වා ඔහුට එල්ලා පහර දුන් බව පවසා ඇත. ඒ වන විට ඔහුගේ අත්වල මහපට ඇගිලි දෙක ඉදිමී නිල් පැහැවී තිබී ඇත. සවස 3ට පමණ සුතිසගේ බිරිදත්, ඇගේ පියාත්, ඔවුන්ව බැලීමට පොලිසියට පැමිණ, ඇප ලබාගැනීම පිළීබදව නිලධාරීන් සමග කතාකල විට, ස්ථානාධීපතිවරයා පැමිණෙන තෙක් සිටිය යුතු බවට පැවසීම නිසා, ඔවන් රාත්‍රී 8 වන තෙක් පොලිසියේ රස්තියාදුවී ආපසු ගොස් තිබේ.
2010.05.20 දින ‍මොවුන්ව අත්අඩංගුවට ගත් නිළධාරියකු විසින් සුතිසට කොලයක් දී ඇති අතර, එහි සුතිසගේ නම ලිපිනය හා අත්අඩංගුවට ගත් වේලාව ලෙස සවස 15 ලෙසත්, අත්අඩංගුවට ගත්නිලධාරියා පී. එස්. 28019 ලෙස සදහන්ව තිබී ඇත.
2010.05.21 දින සුතිසගේ හා උප්පලවන්නගේ ඇගිලි සලකුණු ලබාගෙන, කූඩුවේ සිටි සියලු දෙනාවම ඇප ලබාදීමට කූඩුවෙන් එළියට ගත්තද, සුතිසට හා උප්පලවන්නට ඇප ලබාදුන්හොත් ස්ථානාධීපතිවරයාගෙන් ඉන්න හම්බවෙන්නේ නැති බව පැවසූ පොලිස් කාන්තාවක්, ඔවුන් දෙන්නාට ඇප නොදෙන ලෙස ප්‍රකාශ කිරීම නිසා නැවත කූඩවට දමා ඇත. ඒ වන විට සුතිස ගේ හා උප්පලවන්නගේ ඥාතීන්ද පොලිසියට පැමිණ තිබේ.
එදින සවස සුතිසට හා උප්පලවන්නට ඇප ලබාදී ඇත.
2010. 05.22 දින උදේ සුතිස හා උප්පලවන්න ඉත්තෑපාන රෝහලට ඇතුලත්ව පොලිසියෙන් පහරදුන් බව පැවසීම නිසා නාගොඩ රෝහලට මාරුකර යවා ඇත. උප්පලවන්න එහි 11 වාට්ටුවේද, සුතිස 8 වාට්ටුවේද ප්‍රතිකාර ලබා ඇත.
සුතිසව දන්ත සායනයට යොමු කර ඇති අතර, මුහුනේ x කිරණ පරීක්ෂණය සදහා යොමු කර ඇත. රෝහල් පොලිසිය විසින් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාද පරීක්ෂා කර ඇත. 2010. 05. 24 දින සවස ටිකට් කපා ඇත.
2010. 05. 23 දින 072 4365298 දුරකථන අංක‍යෙන් සුතිස‍ ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇති අතර, අපරාධ විමර්ශන ඒකකයෙන් කතාකරන බවත්, මානව හිමිකම් යනවාදැයි අසා, මානව හිමිකම් ගියොත් කරදර වෙන්න වෙයි, උඹලට ඕවයේ ගියත් වැඩක් නෑ යනුවෙන් පවසා ඇත.
2010. 07. 17 දින සහකාර පොලිස් අධිකාරීවරයා මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
2010. 09. 13 දින රැකියාවට ගොස් එන අතරදී, ප්‍රාදේශීය සභා නියෝජිත ජනක කුමාර ගුණසේකර නැමැත්තාව සුතිසට මුණගැසී ඇති අතර, පොලිසියෙන් ලිපියක් දී ගිය බවත්, 15 දින පොලිසියට එන ලෙස එමගින් දන්වා ඇති බවත්පැවසූ ජනක නැමැත්තා, එදිනට පොලිසියට යා හැකිදැයි සුතිසගෙන් විමසා තිබේ. නමුත් සුතිස පොලිසියට ගොස් නැත.
සුතිස හා උප්පලවන්න පවසන්නේ නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, තමන්ට වධහිංසා පැමිණවූ නිළධාරීන්ව දුටවොත් අදුනාගත හැකි බවයි.
සුතිස හා උප්පලවන්න - වැලිපැන්න පොලිසියේ නිළධාරීන් විසින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළීබදව මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව හා පොලිස් අධිකාර වෙත පැමිණීලි කර තිබේ.

Posted by janasansadaya on 4:31 PM. Filed under , , , , . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for වැලිපැන්න පොලිසිය තරුණයින් දෙදෙනෙකුව මහ පාරේ දණ ගස්සවා පහර දෙයි.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison