Tuesday, December 7, 2010

අනුලාවති නඩු තින්දුව සහ අභාවයට පත් ශ්‍රි ලංකාවේ නීතිය

අනුලාවති නඩුව අනුලාවතිට සහ ඇගේ පවුලේ උදවියට ඉමහත් පීඩාවක් සහ අසාධාරණයක් විය. නමුත් එය අභාවයට ගිය නීති පද්ධතියේ බලධරයන්ට සහ කොටස්කරුවන්ට ඉමහත් ආශිර්වාදයකි. ඔවුන්ගේ බඩ කට පිරෙන්නේ අනුලාවතිලා නිසාය.
අනුලාවති සිය සැමියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිම නිසා පොලිස් ස්ථානයට ගියාය. එහිදි ඇය පොලිස් නිළධාරින්ව අභියෝගයට ලක්කරමින් කතා කිරිම නිසා ඔවුන් ඈ ගැන බලා ගන්නා බව කිවාය. ඉන්පසුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ වු උද්ධෟතය පහතින් දක්වා ඇත.

—2008.09.16 වන දින පිලිය්නදල පොලිස් ස්ථානයේ උ.පො.ප. සුජිත් සිල්වා ඇතුලු නිළධාරින් කණ්ඩායමක් වසමෙි දුෂණ මර්ධන රාජකාරියේ යෙදි සිිටියදි නිවන්තිඩියදි සැක සහිත කාන්තාවක් පරික්ෂා කිරිමේ දි ඇය සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්‍රැමිස් 30 බැගින් අඩංගු පැකටි 20ක් හමු වු අතර ප්‍රශ්න කිරිමෙිදි සැකකාරිය අංක 10 නිවන්තිඩිය පාසැල් මාවත පිලිය්නදල පදිංචි නැකැත්දුර ගේ අනුලාවතී බවට හදුනාගෙන ඇත.—(බී වාර්තාව)

අනුලාවතිිව 2008.09.17 දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ඇයව 2008. 09. 29 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. 2008.09.29 දින සිට 2008.12.15 දක්වාම නඩු වාර සයක් මුලික සාක්ෂි ඉදිරිපත් කිරිම සදහා දින ඉල්ලිමට වැය කර ඇත. 2008.12.15 දින මුලික සාක්ෂි ගොනු කර ඇත.

එදිනම රස පරික්ෂක වාර්තා කැදවිිමට නියෝග කර ඇත. රස පරික්ෂකවරායට වාර 54කදි රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත. ඒ 2008. 12. 15 සිට 2010. 10. 15 දක්වාය. රස පරීක්ෂක නිසා නඩු පමාව අවුරුද්දයි මාස දහයකි. මෙය රස පරීක්ෂක විසින් අනුලාවතිට දුන් දඩුවමයි.

2010. 10. 29 දින රස පරීකAෂක වාර්තාව කෑස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ලැබි ඇත. පොලිිසියේ චෝදනාව හෙරොයින් මිලිග්‍රෑමි 600කි. අංක 1 ලෙස සටහන් මිලිග්‍රැමි 30 පැකටි 10ක් සහ අංක 2 ලෙස සටහන් වු මිලිග්‍රැමි 30 පැකටි 10ක් රස පරීක්ෂකගේ පර්යේෂණාගාරයේදි පරීක්ෂාවට බදුන් විය.

මෙන්න රස පරීක්ෂකගේ සොයා ගැනිම. අංක 01 ලෙස සටහන් පැකටිටුවෙි හෙරොයින් තිබු බවට හදුනාගෙන ඇත. නමුත් කොපමණ ප්‍රමාණයක්දැයි සටහන් කර නැත. මින් හැග් යන්නේ එහි මැනිය නොහැකි තරමි සුලු ප්‍රමාණයක් හෙරොයින් අඩංගු වු බවය. මෙම රස පරීක්ෂකවරයා අංක 02 ලෙස සටහන් වු පැකැටිටුව ගැන කියන්නේ කුමක්ද? එහි හෙරොයින්, මොෆින් හෝ විෂ අබිං හා අන්තරාදායක ඖෂධ ආඥා පනතේ සදහන් කිසිදු අන්තරාදායක ඹෟෂධයක් තිබු බවට හදුනාගෙන නැත.

2010. 10. 29 දින අනුලාවති ව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. දැන් අධිකරණ නියෝග 54ක ප්‍රතිඵලයක් ලෙස රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබි ඇත. හෙරොයින් මිලිග්‍රෑමි 600ක් ජවාරමි කිරිමට තමන් වරදකරුද එහෙම නැත්නමි නිවරැදිකරුදැයි අධිකරණය අනුලාවති ගෙන් ඇසුවේය. අනුලාවති තමන් වැරදිකරු බව කිවාය. දඩය රුපියල් 5000ක් බව අධිකරණ නියමය විය.

ඇයි අනුලාවති වරද පිළිගත්තේ? දුප්පත්කම ප්‍රධාන විය. නිවරැදිකරුයි කිවේ නමි දිගටම නඩුව විභාග වේ. ඇපය ගෙවිමට විශාල මුදලක් වැය වේ. සෑම නඩු වාරයකදිම ඇය වෙනුවෙන් පෙනි සිටින නීතිඥයාට මුදල් ගෙවිමටද සිදුවෙි. ඉළගට බලපෑ කරුණ මේ රටේ පවතින දුෂිත නීති පද්ධතියයි. පවතින නඩු පමාව දුප්පත් අනුලාවතිට තියා යමක් කමක් ඇති පුද්ගලයකුටත් දරාගත නොහැක.

අනුලාවති නඩුව අනුලාවතිට සහ ඇගේ පවුලේ උදවියට ඉමහත් පීඩාවක් සහ අසාධාරණයක් විය. නමුත් එය අභාවයට ගිය නීති පද්ධතියේ බලධරයන්ට සහ කොටස්කරුවන්ට ඉමහත් ආශිර්වාදයකි. ඔවුන්ගේ බඩ කට පිරෙන්නේ අනුලාවතිලා නිසාය.






හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

1 comment:

  1. ශ්‍රී ලංකා පොලීසිය පමණක් නොව අධිකරණ පද්ධතියද බරපතල ලෙස ප්‍රශ්ණ කළ යුතුව පවතින අටලු දෙකකි. එම ක්‍රියාවලිය මෙපරිද්දෙන් හෝ ඇරඹීම පිළිබඳව "ජන සංසදය" ට ස්තුති කරමු. දිරි පතමු.... මේ පද්ධති තුළ සිදුවන දූෂිත දේශපාලන ඇඟිළි ගැසීම් ගැනද උනන්දු වන මෙන් ඉල්ලමි... අතුරක යන විට වැටිය හැකි ආකාර දෙකක් බව මතක් කරමි. එකක් ළණුව කැපීම හෝ කැඩීමයි, අනෙක පය ලිස්සා යාමයි...දෙකම පිළිබඳ අවධානයෙන් ඔබේ සද් ක්‍රියාව ඉදිරියට ගෙන යන මෙන් ඉල්ලමි.....

    ReplyDelete