Sunday, November 8, 2020

තෙල් කෝච්චියට ගේට්ටුව වහපු හින්දා STF එකට අහුවුණා. ඇප ගැනිමට දුප්පත්කම හරස් වෙලා.

 


මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ මාස පහක් තිස්සේ පසුවන තම සැමියා කිසි දිනෙක මත්ද්‍රව්‍යය පාවිච්චි කරන හෝ ජාවාරමට හෝ  සම්බන්ධ නැති කෙනෙක් බව පවසන, බරපතළ හෘද රෝගයකින් පෙළෙන බිරිඳක්,  ඉල්ලා සිටින්නේ සැමියාව කොරෝනාවට බිළි නොදි ඇප ලබා දෙන ලෙසටය.

 ජුනි මස 30 වන දින සවස රුපියල් දෙදහක් අරගෙන ජා-ඇළ නගරයට තම සැමියා ගියේ පසුදින දියණියගේ උපන්දිනයට කෙක් ගෙඩියක් රැගෙන ඒමට  බවත්, එසේ යන අතර ප්‍රදේශයේ "චබී" නැමැති පුද්ගලයා, ඔහුව නවතා තමාවද ජලයට ගිහින් දාන ලෙසට ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඔහු  "චබී"  නැමැත්තාව ද නංවාගෙන  යන අතර  රේල් ගේට්ටුව, තෙල් කොච්චියට වසා තිබු බවත්, එතන නතර කරගෙන සිටින විට, පැමිණි STF  නිලධාරින් "චබී"  ව පරික්ෂා කළ විට ඔහු සන්තකයේ "හෙරොයින්"  තිබී ඇති බවත් කියා සිටි.

 "චබී"  සමග තම සැමියාව අත්අඩංගුවට ගත් STF නිලධාරීන්, සැමියා සතුව හෙරොයින් මිලිග්‍රෑම් තුන් දහසකට වැඩි ප්‍රමාණයක් තිබූ බවට හා ඔහු ප්‍රවාහනයට ආධාර කඝ බවට ව්‍යාජ චෝදනා කරමින්, අධිකරණයට ඉදිරිපත් කර තිබේන බවත් කියා සිටි.

 මාස පහක් ගතව තිබියදීත් ඔහුට අප ලබා ගැනීමට නොහැකිව පසුවන බව ඇය කියා සිටී.  දමා තිබෙන චෝදනාව අනුව අප ලබා ගැනීමට මහාධිකරණයට යා යුතු බව නීතිඥයන් කියන අතර, ඒ සඳහා විශාල මුදලක් වශ්‍ය ඇති බවද ඇය කියා සිටී.

 තමාට හා දරුවන්ට මේ වන විට ජීවත් වීමට නොහැකිව සිටින අතර අැප ලබා ගැනීම සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද කියා සිටි.

 චෝදනාව ඇත්තද බොරු ද යන්න පිළිබද ප්‍රශ්නය මෙහිදී සැලකිල්ලට නොගත යුත්තේ, පවතින නීති රාමුව තුළ මෙවන් චෝදනා වලට අප ලබාගෙන එළියට ඒමට හැක්කේ විශාල මුදලක් වැය කර කිරීමට හැකි පුද්ගලයන්ට පමණක් වීමය. එම නිසා මෙම ක්‍රමය වෙනස් විය යුතුයි. කෙටි කාලය තුළ නඩු අසා තීරණ ලබාදීමට වහා පියවර ගත යුතුය. පවතින කොවිඩ්-19 වසංගත යටතේ මේ වන විට බන්ධනාගාර වල සිරවී සිටින, ඇප ලබා ගැනීමට නොහැකි සැකකරුවන් සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය ද යොමුවිය යුතුයි.

 

No comments:

Post a Comment