Wednesday, November 4, 2020

දෙවියන් ශ්‍රේෂ්ඨ යයි කියමින් සිදුකරන හිස ගසා දැමීම්. ප්‍රංශ අර්බුදය සෙසු රටවලටත් පැතිරෙයි

 

 නීස් නුවර කතෝලික දේවස්ථානයක යාඥා කරමින් සිටී හැට හැවිරිදි කාන්තාවගේ හිස ගසා දමා, තවත් දෙදෙනෙකුට පිහියෙන් ඇන මරා දැමීම සමග එරට හටගෙන තිබෙන අර්බුදය හමුවේ එරට වැසියන් භීතියට හා කම්පනයට පත්ව තිබේ Covid-19 වසංගතය හමුවේ දැඩි පිඩනයකට පත්ව   බොහෝ නගර වසා දැමීම නිසා පැන නැගී ඇති අර්බුදයන් හමුවේ ඉස්ලාම් අන්තවාදයට මුහුණදීමට එරටට සිදුව තිබේ.

 මේ ආකාරයටම සති දෙකකට පෙර එරට ගුරුවරයකුගේ හිස ගසා මරා දමන ලදී.

  මෙම තත්වය ගැන පැහැදිලි කරන ප්‍රංශ ජනාධිපති මැකරෝනි කියා සිටින්නේ  ප්‍රංශ ජනරජයේ පුරවැසියන්ට හිමි අදහස් ප්‍රකාශ කිරිමට තිබෙන අයිතිවාසිකම යටතේ ඔවුන් විසින් සිදු කරන විකට නිරූපණයන් පාලනය නොකරන බවයි.

 ඉස්ලාම් ආගමේ ශාස්තෘවරයා වූ නබිනායක නිරූපණය කිරිම දෙවියන්ට කරන අපහාසයක් නින්දාවක් ලෙස සලකන මුස්ලිම්වරු එයට දඩුවම වශයෙන් හිස ගසා මරා දැමීමට පෙළඹී සිටිති. මෙම ක්‍රියාව මුස්ලිම් බහුල රටවල් වල නිතර සිදුවන අතර මේ නිසා වැඩිපුරම මැරුම් කන්නේද මුස්ලිම් භක්තිකයින් බව ප්‍රංශ පෙන්වා දී තිබේ.

  නබිනායක රූපයට නැගීම ඉස්ලාම් ආගමට නිගරු කිරීම අපරාධයම ක්‍රියාවක් ලෙසට ප්‍රකාශයට පත්කරන්නැයි ඉරානය ප්‍රංශ ඉල්ලා ඇත. පකිස්ථානය ප්‍රමුඛ මුස්ලිම් බහුතරයක් සිටින රටවල් මේ වන විට ප්‍රංශ විරෝධී පෙළපාලි පැවැත්වීමට ද, ප්‍රංශ භාණ්ඩ  වර්ජනය කරන්නට පියවර ගෙන ඇත. නමුත් ප්‍රංශ ජනරජය අදහස් ප්‍රකාශ කිරිම පාලනය නොකරන බවට ජනාධිපති මැකරෝන්  අවධාරණය කරයි.

 ඉස්ලාම් අන්තවාදීන්ගේ මැරුම් කන ලද අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන ප්‍රංශ වැසියන් එම දේවස්ථානය ඉදිරිපිට මල් වඩම් තබමින් ඉටිපන්දම් දල්වමින් තම ශෝකය මෙන්ම ක්‍රෝධය ද ප්‍රකාශ කර සිටී. මෙම අපරාධය සිදුකර ඇත්තේ එරටට සංක්‍රමණය වූ ටියුනිසියානු ජාතිකයෙක් විසිනි.

 


No comments:

Post a Comment