Thursday, November 5, 2020

වියනවේ ඉස්ලාමිය ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් හතරක් මරුට. 24 කට තුවාල. පොලීසිය ත්‍රස්තවාදියෙකු මරා දමයි.

 

ඔස්ට්‍රියාවේ අගනුවර වන වියනාවේ අවන්හලක ආහාර ගනිමින් සිටි පිරිසකට එල්ල කරන ලද ප්‍රහාරයෙන් මිය යන ලද අය අතර අවුරුදු 21 24 හා 39 වයසැති පිරිමි පුද්ගලයින් තිදෙනෙක් හා හතළිස් හැවිරිදි ස්ත්‍රියක් විය.

 මෙම ‍ප්‍රරහාරයට කිහිප දෙනෙකු එක්ව ඇති බව, එය අසල යුදෙව් දේවස්ථානය පිහිටා තිබෙන බවත් ප්‍රකාශ වේ.

  කොරෝනා වෛරසය පාලනයට මැදියම් රැයේ සිට පනවා ඇති ඇඳිරි නීතිය ආරම්භ කිරීමට පෙර අවන්හලට ගොස් ආහාර කරමින් සිටි පිරිසට වෙඩි තබා ඇත්තේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ය.

මොවුන් අතරින් පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති  21 හැවරිදි ත්‍රස්තවාදියා 2019 දි ත්‍රස්තවාදී කටයුතු නිසා අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙකු බව මේ වන විට හෙළිදරව් වී ඇත. ඔහු විදේශ පුහුණුව ලබා ඇති බවටද වාර්තා වේ. AK 47 වර්ගයේ ස්වයංක්‍රීය අවි වලට පාවිච්චි කරන උන්ඩ ස්ලොවැකියා වේදි මිල දී ගැනීමට උත්සාහ කර ඇති බවට බවටත් ඒ පිළිබඳව එරට ඔත්තුසේවය වියනාවට දැනුම්දී ඇති බවටත් හෙළිදරව් වේ. නමුත් පොලිසිය පිළිබඳ උනන්දුවක් දක්වා නැති බව එරට රජය පිළිගෙන ඇත.

 ඉස්ලාම් IS ත්‍රස්තවාදී සංවිධානය මේ ප්‍රහාරය වගකීම භාරගෙන තිබේ.

ඔස්ට්‍රියානු රජය ප්‍රකාශ කරන්නේ ඉස්ලාම් ත්‍රස්තවාදින් මර්දනය කිරීම හා එයට සමගාමීව අදාළ මතවාදය ද පරාජය කරන බවයි.

 Video linka:-

https://edition.cnn.com/2020/11/03/europe/vienna-shooting-nov-3-intl/index.html

 

No comments:

Post a Comment