Friday, March 2, 2018

පොලිස් හොරු හා එක්වූ මව්බිම සොරුන්




2013 අපේ‍්‍රල් මස සිදුවීමකි. සම්පත් 31 හැවිරිදි තරුණයෙකි. පැවිදි බවින් මිදී ස්වයං රැුකියාවක් කරමින් මව්බිමට සේවයක් කිරීමේ අදිටනින් ජීවිතය ආරම්භ කළා පමණි.

මීගලෑව පොලීසිය පේන තෙක් මානයේ පිහිටි රට බීම හලක්, ප‍්‍රකට වෙළඳසැලක සිදු වූ සොරකමකට මොහුව අත්අඩංගුවට ගන්නා ලදි. පොලීසියේ ලොකු කුඩා එවුන්ගේ අනුග‍්‍රහයෙන් සිදුවන සියලූ අපරාධවලට ආදේශකයන් ඉදිරිපත් කරන්නේ මාධ්‍යය අනුග‍්‍රහය ද ඇතිවය. මේ සිදුවීම් දෙකෙදි පොලීසිය එ් ආකාරයටම ක‍්‍රියා කළේය.

මෙම සොරකම් දෙකට සම්පත්ව ආදේශ කිරීමට ඉතා හොඳ හේතුවක් තිබිණ. එ්  2011 දී සංගීත සන්දර්ශනයකදී සිවිල් පිට සිටි පොලිස්කාරයන් තරුණයෙකුට පහරදෙන විට එය වැළැක්වීමට ඉදිරිපත් වීමේ වරදය. එ් අවස්ථාවේ පොලිස්කාරයෝ සම්පත්ට අමානුෂික ලෙස පහර දෙන ලදි. ඔහු එ් පිළිබඳව මානව හිමිකම් කොමිෂම ඉදිරියට ගියේය. කොමිෂමේ විමර්ශන නිලධාරියා රුපියල් හතලිස් දාහක වන්දියක් නිලනොවන ආකාරයට පොලිස්කාරයින්ගෙන අරගෙන දී, පැමිණිල්ල සමථ කළේය. 

එ් වාඩුව පිරිමැසීමට පොලීසියට මෙම සොරකම් හොඳ අවස්ථාවක් විය. සම්පත් අත්අඩංගුවට ගත් පොලීසිය එම සොරකම් දෙකම ඔහුට ආදේශ කළේය. සම්පත් රිමින්ඞ් බාරයට පත්විය. වසර හතරක් නඩු කීවේය. 

උසාවිය ඉදිරියේදී රට බීම හලේ සොරකමට අදාලව නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කළ අරක්කු බෝතල් පිලිබඳව සාක්ෂි දීමට අරක්කු නිෂ්පාදන සමාගමේ අදාල නිලධාරියා ඉදිරිපත් විය. 

ඔහු කියා සිටියේ එම අරක්කු බෝතල් සොරකම සිදුවු දිනයට පසුව නිෂ්පාදනය කරන ලද එවා බවය. තවද ඔහු තහවුරු කළේ අරක්කු බොතල් වල කල් ඉකුත්වන දිනයක් සඳහන් නොවන බවයි. 

උසාවිය මෙම නඩු දෙකෙන් සම්පත් නිෙදාස් කොට නිදහස් කරනු ලබිය.  එ් සඳහා නිතිඥ ගාස්තු වශයේන් පමණක් වියදම් කරන්නට වු මුදල රුපියල් ලක්ෂයකට වඩා වැඩිය. දින 14 ක් බන්ධනාගාරයේ ලඟින්නට සිදුවිය. 

මේ සිද්ධිය ඉරිදා මව්බිම පලවු පුවත කොරේ අවධානය යොමු කළ යුතු බව සමපත් කියා සිටින්නේ, පොලිස් ¥ෂණ වංචාවලට අනෙකුත් සියුලම පාර්ශවයන් මෙන්ම ඊනියා ”නිදහස් මාධ්‍යයද” සම්බන්ධ බවයි.

ඔහු මේ පුවත පිළිබඳ අවම වශයෙන් නිවැරදි කිරීමක් කරගන්නට හා ලියපු ඊනියා වර්ථා කාරයා කව්ද යන්න දැනගන්න කොළඹ රොස්මිඞ් පෙදෙසේ මව්බිම කාර්යාලයට ගිය විට එහි සිටි නිලධාරියෙක් යයි කියා ගන්නා එකෙක් සම්පත්ට කියා ඇත්තේ ”මව්බිම” ඇමතියෙකු කිව්වත් පල කළ පුවත වෙනස් නොකරන බව හා ලියපු එකාව හෙළි නොකරන බවයි. මව්බිමද සොරුන්ට අයත් එකක් බව ඔහුට දැනගන්නට ලැබිණි.

සම්පත් දුප්පතෙකි. කරගෙන ගිය රැුකියාව අහිමි විය. දිගින් දිගටම පොලීසියේ පීඩාවන්ට ලක්විය. ඔහු එ් ගැන මානව හිමිකම් කොමිෂමට හා ඵලක් නොවන බව දැන දැනත් නිහඬව නොසිටිය යුතු බවට නිගමනය කර මව්බිම කතෘට ලිපියක් ලිපියක් යැවීමට පියවර ගත්තේය. අප ඉදිරියේදී එම ලිපිය පල කිරීමට පියවර ගන්නෙමු.

No comments:

Post a Comment