Wednesday, March 28, 2018

උ.පො. සිරිවර්ධන ව දක්කන්නා පිටුපස ඉන්නේ ජජෙක් ද?



තම දියණිය මිතුරෙකු මගින් උකස් කරපු මාලයක් බේරාගන්න, පියෙක්,  පොලීසිය යොදවාගෙන සිදුකරන නීති විරෝධී මහජන මුදල් විනාශ කරන පුවතකි මේ.

සිල්වා මහතා ව්‍යාපාරිකයෙකි. ඔහු නිවසට පළමුව කඩා වදින්නේ පියාය. ඔහු තමාගේ අනන්‍යතාවය හෙළි නොකළ නිසා ඔහුව ‘නානා’ ලෙසට හැඳින්වීමට සිදුව තිබේ. 

ඔහු, ‘නානා’, සිල්වා මහතා ට කියා සිටින්නේ තම දියණිය ගෙන් ලබාගත් රන් මාලය සිල්වා මහතාගේ පුතා උකස් කර ඇති බවයි. ඔහු සිල්වා මහතාට තර්ජනය කරමින් ඉල්ලා සිටින්නේ තමන්ට ලොකු ලොක්කන් ගේ අනුහස් තිබෙන නිසා එ් නිසා පුතා මගින් උකස් කරපු රන් මාලය බේරා දෙන ලෙසටයි. 

පුතා තිදරු පියෙක්. ඔහු ඉන්නේ වෙනම. එ් නිසා ඔහුකරන කියන දේවල්වලට තමන්ට වගකීමක් නැති බව, සිල්වා මහතා ‘නානා’ ට පැහැදිළි කරන්නට උත්සාහ ගෙන ඇත. නමුත් පලක් නොවු බව සිල්වා මහතා කියා සි

ඉන්පසු සිද්ධියට මැදිහත් වන්නේ කොහුවල පොලීසියේ අපරාධ අංශයේ උ.පො. සිරිවර්ධනය.

උ.පො. සිරිවර්ධන, සිල්වා මයාට දුරකතනයෙන් කථා කර පුතා ඉන්නේ කොහේද කියා විමසනවා. සිල්වා මයාගේ පිළිතුර අනපේක්ෂිත එකක් වූ නිසා, උ.පො. සිරිවර්ධන, ‘නානා’ හා තවත් මංචු කුට්ටමක් එල්ලාගෙන සිටි අයෙක් සමග නිවසට පැමිණෙයි.

ඔහුගේ  නීති විරෝධී ප‍්‍රශ්නවලට,  සිල්වා මයාගේ අනපේක්ෂිත ප‍්‍රතිචාරය නිසාදෝ උ.පො. සිරිවර්ධන පිටව යන්නේ තර්ජනය කරමින්ය. වීඩියෝව සාක්ෂි දරයි.


උ.පො. සිරිවර්ධන, කොහුවල පොලීසියට එන ලෙසට ලියා දෙන ලද ‘තුණ්ඩුව’, ඔහුම සිල්වා මහතා අතින් උදුරා ගනී. නමුත් එහි ඡයාරූප ගන්න සිල්වා මයා අමතක නොකරයි. එය මෙහි දැක්වේ.

කෙසේ වෙතත් සිල්වා මහතා කොහුවල පොලීසියට යයි. එහිදී තමා ප‍්‍රකාශ දෙන්නේ තමාට විරුද්ධව ඇති පැමිණිල්ල කුමක්ද යැයි දැණුම් දුන්නොත් පමණක් බව හා තම නිවසට පැමිණි, උ.පො. සිරිවර්ධන ගේ ක‍්‍රියා කලාපය ලියන්නේ නම් පමණක් යයි අවධාරණය කරයි.

එම කොන්දේසි සපුරාලමින් සිල්වා මහතා ප‍්‍රකාශය දෙයි. සිල්වා මයාගේ ප‍්‍රකාශය ගන්න මූලික වූ පැමිණිල්ලේ අංකය හා කාරණය කොල කෑල්ලක ලියා දෙයි. එය ද මෙහි දැක්වේ.

උ.පො. සිරිවර්ධන ගේ ක‍්‍රියාව, නීති විරෝධී බව පෙන්වා දුන්් සමහර පොලිස් නිලධාරීන්, හ මගින්  සිල්වා මහතාගේ මානව හිමිකම් ඔහු උල්ලංඝණය කර ඇති බව ද ප‍්‍රකාශ කර තිබේ.

තවද 2017 දෙසැම්බර් වල, විවිධ පැමිණිලි අංශයට විශ්වාසය කඩ කිරීමක් ලෙසට කර තිබෙන පැමිණිල්ල, උ.පො. සිරිවර්ධන ‘කරට’  ගෙන සිටින්නේ ‘නානා’ ගේ පගාවට ද නැතිනම් ජජෙක්ගේ  ඕනෑකමට ද යන්න අනාවරණය වී නැත.

සිල්වා මහතා විසින් මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘ වෙනත් අයගේ අවශ්‍යතාවයට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා රිමාන්ඞ් කරවීමට ගන්නා උත්සාහය වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.

2018.03.26 දිනදීය.

2018.03.24 වන දින, මා ගමනක් යමින් සිටින විට, දහවල් 11.45 ට පමණ, මාගේ දුරකථනයට ඇමතුමක් ලැබුනා.

එයට කතා කළේ, කොහුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සිරිවර්ධන යන අයයි.

ඔහු මට කියා සිටියා, මගේ පුතා, ......., එයාගේ යාලූ ගෑණු ළයෙකුගේ මාලයක් අරන් උකස් තියලා ආපසු දීලා නෑ කියා. එ් ගැන හොයන්න ආවේ, පුතා කෝ කියා ඇහුව්වා. මම ඔහුට කිව්වා, පුතා ........... ඉන්න තැන දන්නේ නැහැ කියා.

2018.03.25 දින, උදේ 10.30 ට පමණ, අපගේ නිවසට උ.පො.ප. සිරිවර්ධන සමග තවත් සිවිල් පිට පුද්ගලයෙකු පැමිණියා. ඔහුගේ ඉනේ මාංචු කුට්ටමක් එල්ලාගෙන හිටියා. ඔවුන් සමග තවත් පුද්ගලයෙකු පැමිණ සිටියා. ........ 

මේ ........ පුද්ගලයා, මීට මසකට පමණ පෙර අප නිවසට පැමිණ, ආරවුලක් ඇති කරන්න උත්සාහ ගත්තා. නමුත් අප එය ගණන් ගත්තේ නැහැ. ඔහුව දුටුවොත් අදුරන්න පුලූවන්.

මෙම පුද්ගලයා, මට තර්ජණය කරන්නට පටන් ගත්තා, මා ඔහුට නිවසින් පිටවන්න කිව්වා. උ.පො.ප.සිරිවර්ධන ඔහුට නිවසින් යන ලෙස නියම කලා.

ඉන් අනතුරුව උ.පො.ප.සිරිවර්ධන, මගෙන් යළිත් ඇසුවා, ........ පුතා ඉන්නේ කොහේද කියා. මා දන්නේ නැති බව ප‍්‍රකාශ කලා. 

ඔහු මට තර්ජණය කරන්නට පටන් ගත්තා, ඔහු මට කියා සිටියා, පුතාව අහුවුනොත් , ඇප දෙන්න ඉඩ දෙන්නේ නෑ, ඇප නොදී තියා ගන්න විදිහ මම දන්නවා, එ්ක තියෙන්නේ මගේ අතේ කියා ප‍්‍රකාශ කලා. ඔහු මට නියම කලා, දැන්ම පොලිසියට එන්න කියා. මා එය ප‍්‍රතික්ෂේප කලා. මම ඔහුට කිව්වා හෙට උදේ එන්නම් කියා. මා ඉල්ලා සිටියා ලිඛිතව එ් බව දෙන්න කියා. ඔහු උරන වී, පොඩි කොළකෑල්ලක් ගෙන, ඔහුගේ නම, දිනය, 2018.03.25 හා පොලිසිය කොහුවල කියා ලියා දුන්නා. පසුව එය උදුරා ගත්තා. මා එහි ඡුායාරූපය ලබා ගත්තා. ඉන්පසු ඔවුන් යන්න ගියා. 

මා පොරොන්දු වූ පරිදි, අද දින, 2018.03.26 උදේ 10.45 ට පමණ, කොහුවල පොලිසියට ගියා. 

එ් අවස්ථාවේ, උ.පො.ප.සිරිවර්ධන සිටියේ නැහැ. වෙනත් නිලධාරියෙකුට කාරණය කිව්වාම මාගේ ප‍්‍රකාශය ලියා ගත්තා. එහි මා, 2018.03.24 දින සිදුවීම ඇතුලත් කලා. 

මාගේ ඉල්ලීම මත, මාගේ ප‍්‍රකාශය ලබා ගැනීමට අදල, පැමිණිල්ලේ විස්තර දුන්නා. එය ලබා ගත්තේ ඉතා අසීරුවෙන්.

එහි සඳහන් වන්නේ ”විශ්වාසය කඩ කිරීම” ක්‍ෂඊ 340රැු177 හා 2017.12.16 යනුවෙනි.

මා ලබාදුන් ප‍්‍රකාශය අදාල තොරතුරු පොතේ ගොනුව ක්‍ෂඊ 320රැු251 හා 2018.03.26 . ලියන ලද්දේ පො.කො.79033 සමන්. 

මේ ආකාරයට, මා නිවසට පැමිණ, කිසිදු නීත්‍යානුකූල බවකින් තොරව, පොලිස් බලතල අයුතු ලෙසට යොදාගෙන, මා දැඩි පීඩාවට පත් කිරීම හා මාගේ පුතාට, ”අමූලික බොරු” චෝදනා නගා, උසාවිය පාවිච්චි කර, ”දඬුවම්” කිරීම වශයෙන් රිමාන්ඞ් කරවා පලිගන්න කරන ලද්දකි. 

කොහුවල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ, දෙසැම්බර් මස කරන ලද පැමිණිල්ලට, කොහුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උ.පො.ප.සිරිවර්ධන, බලය අයුතු ලෙස පාවිච්චි කරන ලද්දේ, ‘‘..... ඩුකාරවරයෙකුගේ,’’ අවශ්‍යතාවයට බව මට දැනගන්නට ලැබිණ.

මා ප‍්‍රකාශ කරන්නේ, කිසිදු අපරාධ ගණයකට අයත් නොවන පැමිණිල්ලක් අපරාධයක් ලෙස හුවා දක්වා, බොරු චෝදනා දමා, රිමාන්ඞ් කරවා, බලහත්කාරයෙන්, ”බලය” ඇති අයගේ උවමනා ඉටු කිරීමට කොහුවල පොලිසියේ - අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන ගත් උත්සාහය මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.”

කොහුවල පොලිසියේ උ.පො.ප. සිරිවර්ධන ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමි.

එමෙන්ම, ‘‘ .....ඩුකාරයෙකුගේ අවශ්‍යතාවයකට ”බොරු චෝදනා නගා” උසාවිය උපයෝගී කරගෙන, රිමාන්ඞ් කිරවා පීඩාවට පත් කිරීම වලක්වාලන ලෙසද ඉල්ලමි.

මෙයට,

.........   සිල්වා.

















No comments:

Post a Comment