Friday, March 16, 2018

පූජිතටත් බය නැති ‘‘ OIC’’ මාවතගේ, තුවායක් ඇඳගෙන ‘‘හච්චින්’’ ඇට දෙක මිරිකලා, කුරුල්ලට කොච්චි දම්මවයි.


අගලවත්ත පොලීසියේ ස්ථානාධිපති තමා අම්බලන්ගොඩ ”මාවතගේ” බවට හඳුන්වා දෙමින්, පොලිස්පතිට, පොලිස් අධිකාරීට, මානව හිමිකම් කොමිෂමට බය නැකි බව ප‍්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවේ සිටින තම මුණුබුරා වන චින්තකට  බෙහෙත් අරන් දෙන්න ඉඩ දෙන්න යැයි කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.

තමා එම පුද්ගලයාට ගැහැව්ව බවත්, මරා දමන බවටත් බොරු නඩු දමන බවටත් පම්පෝරි ගසමින්ය. 

අගලවත්ත, මහගම පදිංචි, 74 හැවිරිදි සෝමවතී මහත්මිය, මානව හිමිකම් කොමිෂමට කර තිබෙන පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට, තම මුණුබුරා නිදාගෙන සිටියදී, 2018 මාර්තු 05 අලූයම ගෙට ඇතු`ඵව අගලවත්ත පොලීසියේ පොලිස්කාරයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසු අත් කකුල් හා කට බැඳ, පාලූ ගෙදරකට රැුගෙන ගොස් පහර දී ඇත. එසේ පහර දී ඇත්තේ වෘෂණ කෝෂ ඇද, පුරුෂ ලිඟුවට හා ඇස්වලට කොච්චි මිරිස් කොටා දමමිනි.

පසුදින, ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පොලිස් කූඩුවේ සිටම, තමාට පහරදුන් ආකාරය ප‍්‍රකාශ කර තිබේ. මැය, ස්ථානාධිපති ළඟට ගොස් මුණුබුරාට අසාධ්‍ය බවත් බෙහෙත් අරන් දීමට ඉඩ ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.

එ් අවස්ථාවේ ස්ථානාධිපතිවරයා ඇයට ප‍්‍රකාශ කර ඇත්තේ තමා, අම්බලන්ගොඩ මාවතගේ බවත්, තමා පොලිස්පතිවරයා ඇතුලූ කිසිවෙකුටත් බිය නැති බවත්ය.

පොලිස් කූඩුවේ සිටින මුණුපුරා මරා දමන බවත්, බොරු නඩු දාන බවත් ප‍්‍රකාශ කර ඇත.

මෙසේ වධහිංසාවට පත්ව රක්ෂිත බන්ධනාගාර ව සිටි චින්තක 11. 03. 2018 දාතමින් මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිට කර තිබෙන පැමිණිල්ලේ උධෘතයන් පහත් දක්වන්නේ බුද්ධ පිළිමයට මුවාවි සිල් අරගන්න භාවනා කරන පොලිසිය හා බන්ධනාගාර පවතින තත්නය පිළිබඳ නිගමනයන්ට එ්ම සඳහාය.

අවු:- 28යි, විවාහක, කුලි වැඩ හා රියදුරෙක් වශයෙන් දිවි ගෙවන  චින්තක, ‘‘නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමිම’’ යන හිසින් යුතුව මෙම පැමිණිල්ල කර තිබේ.

‘‘ 2018.03.05 දින අලූයම 3.45ට මා නිවසේ සිටියදි පොලිසියෙන් කියාකථා කළා. මා ෙදාර ඇරියා. අගලවත්ත පොලිසියේ ස්ථානාධිපති මාවතගේ, උ.පො.ප. මධුරංග, නන්දන, රත්නායක යන නිලධාරින් ඇතුලූ හත් දෙනෙක් හිටියා. සියුලූ දෙනා හිටියේ සිවිල් ඇඳුමින්. පැමිණියේ යතුරු පැදි හතරකින්. ස්ථානාධිපති මාවතගේ, ජානක යන අයගේ ගෙදර පෙන්වන්න යයි කියා මට පවසා, එක පාරටම උ.පො.ප මධුරංග මා අඳිමින් සිටි කමිසය ඇද බෙල්ලේ ඔතා අත් පිටුපස කර මාංචු දැම්මා. ඉන්පසු නිවස අසල හතර මං හන්දිය දක්වා ඇදගෙන ආවා. එහි යතුරු පැදි නවතා තිබුනා. උ.පො.ප මධුරංග මා ඔවුහු පැමිණි යතුරු පැදිය අසලදි බෙල්ලෙන් අල්ලා නවා වැලමිටෙන් මාගේ පිටට ඇන්නා. ඉන්පසු ඔහු පැමැණි යතුරු පැදියේ මැද තබා ගත්තා....... මාගේ ඔලූව අල්ලා ඉස්සර යතුර පැදිය පැදවු අයගේ හෙල්මට් එකේ මාගේ නලල හැප්පුවා.......බොගහවත්ත කියන තැනට ගෙන ආවා. එතැනදි ........ නන්දන කියන නිලධාරියා කොච්චි තඩාගෙන අවා. මාව හා කුමාරව බදුරලිය අගලවත්ත පාරේ පොලිසිය පාවිච්චි කරන නිවසකට ගෙන ගියා. මාව එහිදි නිරුවත් කළා. මාගේ බෙල්ලේ ඔතා තිබු ෂර්ට් එක ගලවා එකෙන් කට බැන්දා. ස්ථානාධිපති මාවතගේ කිව්වා මුගේ කොච්චි ගාන්න කියා. නන්දන අතේ ෂොපින් බෑග් එකක් දාගෙන කොටපු කොච්චි අරන් මාගේ පුරුෂ ලි`ගුව් ගෑවා. ඊට පස්සේ ඇස් වල ගාමින් ඇෙඟ් හැම කැනම ගෑවා. ස්ථානාධිපති කුමාරට කිව්වා බලා ගන්න කියා. එසේ ඇඟ පුරාම කොච්චි ගාලා වතුර විසිරි තිබු අසල කුඩා කාමරයකට ගෙන ගිහිල්ලා බිම පෙරළා හත් දෙනාම වටකරගෙන අතින් පයින් පහර දුන්නා. පැය දෙකට ආසන්න ප‍්‍රමාණයක් එසේ වධදිටමෙන් පසුව එළියේ ටැප් එක ලඟට ගෙන හින් එක් අතක මාංච ගලවා නාගන්න යයි කිව්වා. ඉන්පසු එ් කාමරයේ මට බිම මාංචු පිටින් නිරුවතින්ම නිදාගෙන ඉන්න සැලැස්සුවා.
උදේ 7ට විතර ඇඳ ගන්න දි අගලවත්ත පොලිසියට ගෙන ගොස් කූඩුවට දැම්මා. උදේ 11ට පමණ අම්මා හා මල්ලි මාව බලන්න ආවා. ඔවුන්ට මට ගහපු බව කිව්වා. එදා දවසේම පොලිසියේ තියා ගත්තා.
පසුදින -2018.03.06 - දවල් මාව පිඹුර රජයේ රොහලට ගෙන ගියා. රොහලේදි මාව වෛද්‍ය වරයෙක් ලඟට ගෙන ගියා. මාව ගෙන ගිය පොලිස් සැරයන් කවිරත්න හා රොහල් පොලිසියේ නිලධාරියා වෛද්‍යවරයා වෙත ගොස් මොනවාද කථාකර පැමිණ, මාව ඔහු වෙත ගෙන ගියා. මට පොලිසිය ගැහැව්ව බව කිව්වා, ගහපු තැන් පෙන්නුවා, කොච්චි මිරිස් දාපු බව කිව්වා, නමුත් ගණන් ගත්තේ නැ. පොලිසිය දිපු කොළය පුරුවා මාව ගෙන යන්න පොලිසියට දුන්නා.
නැවත මාව අගලවත්ත පොලිසියට ගෙනවිත් එතැනින් මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. මාව මහේසත‍්‍රාත් නිල කාමරයට ගෙන ගියා. මා වෙනු වෙන් ඉදිරිපත්වු නිතිඥ මහත්මිය මට පහර දි ඇති බව ප‍්‍රකාශ කළා. මාව අධිකරණ වෛද්‍ය වරයාට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියම කළා. බන්ධනාගාරයේදි මට ප‍්‍රතිකාර ලබා දුනානේ නෑ. අධිකරණ වෛද්‍ය වරයාට ඉදිරි පත්කළෙත් නෑ. 
2018.03.08 දින නැවත මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට මා වෙනුවෙන් පෙනිසිටි නිතිඥ මහතා මට පහරදිම ගැන විස්තර අධිකරණයට කියා සිටියා. මාව රු.10,000/- ක මුදල් ඇපයක් හා රු. 1000,000/- ශරිරි ඇප මත මුදා හැරියා.......’’ 
ඔහු ඉල්ලා සිටින්නේ, නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමු අගලවත් පොලසියේ 1. ස්ථානාධිපති මාවතගේ 2. උ.පො.ප මධුරංග 3. නන්දන 4. රත්නායක ඇතුලූ හත්දෙනාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසටය.

No comments:

Post a Comment