Thursday, March 29, 2018

උත්සන්න වන පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් ට, යහපාලනයේ පොලිසිය බාර යු ඇන් පිය වගකිව යුතුයි. පොලිස් කොමිසම නිදි වැදි ඇත.


කුඩු සුදා කිව්ව වාඩිය චින්තකගේ කියලා. ඒ හින්දා  යන්. උඹව ගේන් කිවිවේ OIC. 

රට පුරා උත්සන්න වන පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් ට, යහපාලනයේ පොලිසිය බාර රනිල් ප‍්‍රමුඛ යු ඇන් පිය වගකිව යුතුයි. පොලිස් කොමිසම නිදි වැදි ඇත. 

රනිල් පාලනයට සුදු හුණු ගාන එන් ජි ඔ් පිරිස පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් වසන් කිරිමට සංවිධාන වි සිටි. 

මේ පරිසරය තුල දිනෙන් දින පොලිස් අපරාධ වර්ධනය වේ.

මේ උදාහරණයකි. 

 චින්තක - අවු: 28 යි, විවාහක, කුලි වැඩ/රියදුරු. 

පොලිස්පතිට කියන්න වැඩ සඑහන යටතේ මොහු විද්යුත් තැපැල මගින් පොලිස්පති අමතන ලද පැමිණිල්ලෙ ්මෙසේ ස`දහන් වේ.

2018.03.29 වන දින දීය.

නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමීමට එරෙහිව  පැමිණිලි කිරිම නිසා පළිගැනීමට නැවත නැවත අත්අඩංුවට ගෙන    බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට කරණු ලබන ඉල්ලීම.

2018 මාර්තු 28 වන දින රාත‍්‍රී 12.00 ට පමණ, අගලවත්ත පොලීසියේ තිදෙනෙක් මා සිටි, මාගේ බිරිඳගේ නිවසට පැමිණියා. 

ඔවුන් මට කියා සිටියා, ”කුඩු සුද්දාවයි, සමන්තවයි අපි අල්ලා ගත්තා. කුඩු සුද්දා වඩි වගයක් පෙන්නුවා, එ්වා චින්තකගේ කියා කිව්වා” කියා. මට පොලිසියට යන්න එන්න යයි කිව්වා

මම ප‍්‍රතික්ෂේප කළා. පැය භාගයක් විතර මට තර්ජනය කරමින් මාව පොලීසියට ගෙනියන්න හැදුවා. ගෙදර හිටිය අයද, මාව ගෙන යනවාට විරුද්ධ වුණා. අවසානයේ මාගේ බිරිඳගේ මවට කිව්වා, අද (29)උදේ 9.00 ට මාව පොලීසියට අරන් එන්න කියා.

මීට පෙර, 2018.03.05 දින මාව අත්අඩංගුවට අරගෙන වධහිංසා පමුණුවා බොරු නඩු දමන ලදි.  මා හා මාගේ ආච්චී වන සෝමවතී මිය, එ් පිළිබඳව පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි කිරීම්වලට පලි ගැනීම සඳහා, නැවත මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට දරන උත්සාහය වළක්වන ලෙසට ඉල්ලා සිටිමි.

මා කියන මේම කරුණ මේ සමග එවා තිබෙන රේකෙිඩින් එකෙන් ඔප්පු වෙනවා.  සාක්ෂි දරනු ඇත. සවන් දෙන්න. 

මීට පෙරද, මේ ආකාරයට තර්ජනය කර, මා අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇත.

මාගේ ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලමි.

මෙයට,
චින්තක    


No comments:

Post a Comment