Sunday, March 25, 2018

”” Porsche"" ට අත්‍යාවශ්‍ය පෙට්‍්‍රල් ගහන්න බරිවුන DIG. නැට්ට විකාගෙන. අපරාධය වලක්කපු ”ලාංකිකයාට” නඩු!! විඩියෝ බලන්න



පසුගිය නොවැම්බරයේ පෙට්්රල් හිඟය පැවැති වේලාවේ කලූතර දකුණ පොලිසිය කොස්සන් සමග ඇවිත් අති ''ෆොෂ්” වර්ගයේ සුඛොපභෝගි වාහනයකට  ”අත්‍යාවශ්‍යය” සේවාවන්ට වෙන් කළ පෙට්‍්‍රල් ගස්සවා ගන්නට ගත් උත්සහයක් ව්‍යාර්ථ කළ ”ලාංකික පුරවැසියෙකු” ව, හපා කන්නට පටන් ගෙන ඇත. රටේ නීතිය මහා පරිමාණ ජාවාරම් කරුවන්ට බලනොපාන බව වංචනික පොලිස් ලොක්කන්  දෙනෝ දහසක් මැද ඔප්පු කරන්නට ගත් උත්සහය මේ ”ලාංකිකයා” විසින් වලක්වන ලදි. මොහුගේ ක‍්‍රියාව අගය කළ යුතුය. නීතිය අවභිවිතා කරන්නට උත්සහා ගත් කොස්සන්ට විරුද්ධව විනය පියවර ගත යුතුය. නමුත් බොහෝ”සිංහලයින්”ගේ ජන්ම ගතිය වු ටික කලකින් ප‍්‍රශ්ණය, සිද්ධිය අමතක කර, මුහුණදුන් එකාව තනිකර දැමිම, හොඳින් තේරුම් ගත් නි.පො.ප.මාස හතරකට පසුව ”ලාංකිකයාව” අත්අඩංගුවට ගෙන උසාවිය දඩමිමා කරගෙන වධ දෙන්නට පියවර ගෙන ඇත. 
”ලාංකිකයා” විසින් සිද්ධිය අදාලව මානව හමිකම් කොමිසමට හා පොලිස්පතිට කර අති පැමිණිල්ල හා සිද්ධිය අදාලව මොහුගේ හඬපටය, සිද්ධිය අදාල විඩියෝ පට, පහත දක්වන්නේ බුද්ධ පිළිම අටවාගෙන භාවනා කරමින් නටන නාඩගම, කරන හොරකම්, වංචා නතර කරන්නට ඔබටද යමක් කළ හැකි නේද යන පැනය මතු කරමින්ය. 

යහපාලනය යනු විගඩමක් නොවේ. පුරවැසියන්ට අවශ්‍යය පාලන ක‍්‍රමයකි.

සභාපතිනිය, ශ්රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව/ පොලිස්පති. 

නීති විරෝධිව අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, මානසික වධහිංසාවට හා අවමන් සහගත සැලකිලි වලට පාත්ර කර, අධිකරණයට ව්යාජ තොරතුරු වාර්තා කර මා පිඩාවට ලක්කිරිම මගින් මාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම

තුෂාර, අවු:- 45යි, විවාහක, දරුවන් 02යි, ගෘහ නිර්මාණ ශිල්පි,  ක`ථතර.
2018. 03. 23 දින දීය
2018.03.20වන දින සවස 6.00ට පමණ, 0718591691 දරණ දුරකථනයෙන් මට කලූතර දකුණ පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක ඉලංගකෝන් දුරකථනයෙන් කථා කොට දැනුම් දුන්නා පසු දින (2018.03.21), උදේ 9.30න් පසුව, ප්රකාශයක් ගැනීම සඳහා කලූතර දකුණ පොලිසියට පැමිණෙන ලෙසට. ඒ අනුව මා නිතිඥ සම්පත් මහතා සමග පොලිසියට ගියා. මුලස්ථාන පොලිස් පරික්ෂක මට ප‍්‍රකාශ කලා සිරසෙන් විඩියෝපටි ගෙන්වා ගත්තා, පොලිසියට තර්ජනය කළා කියා උසාවි දානවා කිව්වා. අත්අඩංගුවට ගත් මාගෙන් ප්රකාශයක් ගත්තා. දහවල් 1.30ට පමණ මාව ක`ථතර මහේස්ත්රාත් අධිකරනයට ගෙන ගියා. උසාවියට ගෙන ගිය වහාම, උප පොලිස් පරික්ෂකවරයෙක් දුවගෙන ඇවිත්, මාව ගෙන ආපු පොලිස් සැරයන්ට කිව්වා ආපසු මාව පොලිසියට ගෙන යන්න කියා. මාව නැවත පොලිසියට ගෙන ආවා. ගෙන ආ විගස මාව කුඩුවට දැම්මා. ඒ අවස්ථාවේ මා දුටුවා DIG රන්මල් කොඩිතුවක්කු මුලස්ථාන පොලිස් පරික්ෂක කාර්යාලයේ,  මුලස්ථාන පොලිස් පරික්ෂකගේ පුටුවේ වඩිවෙලා ඉන්නවා. විනාඩි 45ක් පමණ කුඩුවේ ඉන්න කොට, රන්මල් කොඩිතුවක්ක නැගිට කුඩුව ලඟට පැමිණියා. ඔහු අසල සිටි පොලිස් නිලධාරින් ගෙන් මා පෙන්වා මෙයා මොකද? කියා ඇසුවා. ඔවුන් පෙට්ටේ‍්‍රල් ෂෙඕ එකේ සිද්ධිය යයි කිව්වා. ”පොලිසියට පාට් දාලා මෙතනට එන්න වෙයි කියලා හිතුවේ නැ නේද?” කියා මගෙන් අසා, ”හිටහන් මම බලා ගන්නම්” යයි තර්ජනාත්මක ව කියා යන්න ගියා. ඔහු ගොස් ටික වේලාවකට පසුව යලිත් මාව උසාවියට ගෙන ගියා. එහි දි මාව උසාවිය තුල පිහිටි කූඩුවට දැම්මා. නඩුව කථා කලවිට මා වෙනුවෙන් ඉදිරිපත්වු නිතිඥයින්, දහවල් උසාවියට ගෙන ආ පසුව නැවත පොලිසියට ගෙන ගොස් රඳවා ගෙන සිටි බව හා මිට මාස 4ට පෙර සිදුවීමකට මෙම නඩුව පවරා ඇති බව ප‍්‍රකාශ කලා. මාව ශරිර ඇප මත මුදා හරිනු ලැබුවා. නඩුව 2018.08.31ට කල් දමනු ලැබුවා. නඩු අංකය ----- වේ. 
මෙසේ 2018.03.21දින මා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට, නඩු පැවරරීමට පෙර, 2018.03.18 දින සිට මට නිර්ණාමික සැක සහිත දුරකථන පණිවුඩ ලැබුණා. එම දුරකථන පණිවුඩ ලැබුනේ 078 788378 හා 071 8247609 යන අංක දෙකෙනි. 
මේ ආකාරයට මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දමා පිඩාවට පත්කරන්නේ නියොජ්යය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ අවශ්‍යතාවයට බව පැහැදිලිය. මෙයට හේතු වුයේ 2017 නොවැම්බර් මස ඇතිවු පෙට්‍්‍රල් හිඟයි. 2017.11.06 දින උදේ 8.30ට පමණ ක`ථතර නගරයේ ‘‘අයි  ඕසි’’ සමුපාකාර ඉන්ධන පිරවුම් හලේ පෙට්‍්‍රල් ලබා ගැනිමේ පොලිමට මා එක්විය. එසේ පොලිමේ සිටින විට දවල් 11ට පමණ, එම ස්ථානයට පැමිණි ක`ථතර දකූණ පොලිස් ස්ථානයට සම්බන්ධ පොලිස් නිලධාරින් තිදෙනෙක් ”පෝලිමට” පිටින් පැමිණ සිටි අංක ඩබ්.පි. 2127 දරන ”ෆොෂ්” වර්ගයේ පුද්ගලික අති සුඛෝපභොගි වාහානයකට ”අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා” වෙන් කරන ලද පෙට්‍්‍රල් ලාබා දීමට උත්සහා ගන්නා ලදි. මා ඒ අවස්ථාවේ ශ‍්‍රි ලාංකික පුරවැසියෙක් වශයෙන් මෙම අසාධාරණයට විරුද්ධවිය. නීතියට ඉහළින් කිසිවකු නැති බව පෙන්වා දෙන ලදි.
මාගේ ඉදිරිපත් වීම නිසා පොලිසිය යොදවාගෙන අල්ලසට දුෂණයට යටවි ”අත්‍යාවශ්‍යය සේවාවන් සඳහා” වෙන් කරන ලද පෙට්‍්‍රල්, නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ  ඕනැකමට ව්‍යාපාරිකයින්ට නිකුත් කිරිම වැළකින.
මාස හතරක් ගිය පසු, සිද්ධිය පිළිබඳව ”සිර” පළකල පුවත හා අදාල විඩියෝව යොදාගෙන, මා නීති විරෝධිව අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, මානසික වධහිංසාවට හා අවමන් සහගත සැලකිලි වලට භාජනය කර, අධිකරණයට ව්‍යාජ තොරතුරු වාර්තා කර මා පිඩාවට ලක්කිරිම මගින් මාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ, 
01. නියොජ්යය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට හා 02. ක`ථතර දකුණ පොලිසියේ මු.පො.ප. ඉලංගකෝන්ට 
එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මාහට   ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලා සිටිමි. 
මෙයට, තුෂාර
පිටපත:-  ජාතික පොලිස් කොමිසම:-
           නීති විරෝධි ක‍්‍රියාකළ පොලිස් නිලධාරින්ට 
           එරෙහිව යමක් කළ හැකිද යයි සලකා බැලිමට 









No comments:

Post a Comment