Monday, July 24, 2017

සමෘද්ධි වංචා වලට විරුද්ධ වුනොත් ණය නෑ



බුද්න්ගේ දේශය ලෙසට බොඞ් ගසාගෙන සිටින ශි‍්‍ර ලංකාවේ හොරකම දුෂණය වංචාව නැති තැනක් තිබේද? මේ පැනය අසන්නේ දිනපතාම ඇසෙන්නට දකින්නට අතිවිඳන්නට සිදුවන දේ නිසාය. අහංගම හැට දෙහැවරිදි සුනිතා රජයේ ඉඩමක ආවාසයක් හදාගෙන හිටිය චිවර ධාරියෙකු සමග තම පැල බේරාගන්නට නඩු කියන්නට සිදුවිය. බෞද්ධ පොලිස් කාරයෝ ඇගේ පුතුන්ව හිරේ විලංගුවේ දැම්මේ තක්කඩි චිවරධාරියා හා එක්වය.

ඇය වංචාවට හිස නමන්නේ නැත. එ් නිසා සමෘද්ධි නියාමකගේ වංචාවන් අභියෝගයට ලක්කළේය. එ් නිසාම ඇයට හිමි ණය අහිමි විය. පහත දැක්වෙන්නේ ඇය සමෘද්ධි නියාමකට ලියන ලද ලිපියයි. එය ආදර්ශයට ගනිමු.  

ලි.ප.තැ.

එල්. සිරිල් ගීගනගේ මයා
සමෘද්ධි නියාමක
164, නැගෙනහිර ග‍්‍රාමසේවා වසම
කත`ඵව
අහංගම

මහත්මයාණනි

සමෘද්ධි කුඩා කණ්ඩායම විසින් සිදුකරන ලද කූඨ වංචාවක් පිළිබඳව තොරතුරු ලබා ගැනීම හා මාගේ තැම්පත් මුදල් ආපසු ලබා දී, වගකීම් වලින් නිදහස් කරන ලෙස කරණු ලබන ඉල්ලීම.

නම :- ගල්බොක්ක හේවාගේ සුනීතා, අවු: 62 යි.
ලිපිනය :- නො: 42, මිරිහාන වත්ත, (කබලාන* කත`ඵව, අහංගම.
දු.අ. :- 077 6032785

2017.07.24 වන දින දීය.

මා, හබරා¥ව දිවිනැගුම ප‍්‍රජාමූල බැංකුවේ සාමාජිකාවකි. කොටස් ගිණුම් අංකය : 09/1973
මම 2006 සිට, සාමාජිකත්වය දරමි.මා සමෘද්ධි ලාභියෙකු නොවේ. එහෙත් මා, 9  - ෘ කුඩා කණ්ඩායමේ සමාජිකාවක් වශයෙන් 2006 සිටම ක‍්‍රියා කරමි. 
එහි අනෙකුත් සාමාජිකාවන් වන්නේ, 1. ජී.එච්. ධම්මිකා (නායිකාව) 2. එල්.එච්. සෝමවතී 3. එම්.බී. නයනා කාන්තා 4. එම්.බී. ගර්ටි  යන අය වේ.
2012.05.31 දින, මෙම කණ්ඩායමේ ගාස්තු වශයෙන් (සාමාජික මුදල්) රු: 4400/- ක් බැංකුව ලබාගන්නා ලදි. එ් හිඟ මුදල් වශයෙන් සඳහන් කරය. එයින් අනතුරුව මා, 2012.06.14 දින, රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාගත්තා. එම ණය මුදල මා, 2015.03.17 දින ගෙවා අවසන් කර තිබෙනවා.
එසේ තිබියදී, 2016 නොවැම්බර් මස මා, කණ්ඩායම් සාමාජිකයෙකු වශයෙන්, එම්.බී. ගර්ටි සාමාජිකාවට රුපියල් ලක්ෂයක ණය ලබාගැනීම සඳහා ඇපකාරිය වශයෙන් අත්සන් කළෙමි. එම අත්සන් කිරීම පිළිගෙන බැංකුව එම්.බී. ගර්ටි මියට, රුපියල් ලක්ෂයක් ලබාදෙන ලදි.
පසුව මා දැනගත්තා, එම්.බී. ගර්ටි විසින්, මෙම රුපියල් ලක්ෂයක ණය මුදල ලබාගෙන තිබෙන්නේ, සිය බෑනා, (දියණිය උදානි ගේ සැමියාට), ඇප මුදල් වශයෙන් තැන්පත් කිරීමටය. මොහු අපරාධ චෝදනාවකට සම්බන්ධ අයෙකි.
එයින් අනතුරුව, 2017 මැයි මස සු`ඵ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් ඉල්ලා සිටියෙමි. එවිට, ඔබ මා හට ප‍්‍රකාශ කර සිටියේ, මාව කණ්ඩායමේ අක‍්‍රිය සාමාජිකයෙකු කර ඇති හෙයින් ණය මුදල ලබාදිය නොහැකි බවයි.
මෙය ද්වේශසහගතව කරන ලද්දකි. මන්ද ඔබට මා, සාමාජික මුදල් ලබා නොදී, සෘජුව බැංකුවට දැමීම නිසාය. මා සෘජුව බැංකුවට මුදල් තැන්පත් කළේ ඔබ කරන වංචාවන් නිසාය. එය මා ඔබට ප‍්‍රකාශ කර ඇත.
මේ අසාධාරණය මා, දිවිනැගුම ප‍්‍රජා මූල බැංකුවේ කළමනාකාරිණියට හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශ ප‍්‍රධාන මොහාන් මහතාට ද ප‍්‍රකාශ කර සිටියෙමි. 
ඔහු මාගෙන් 2017.06.30 දින, ලිඛිතව මාගේ ඉල්ලීම ලබාගත්තා. එය ලබාගෙන 2017.07.05, 2017.07.12 හා 2017.07.14 ගෙන්වා ගත්තා. 2017.07.14 වන දින, මා අයත් කුඩා කණ්ඩායමේ (9  - D)සෙසු සාමාජිකාවන් අත්සන් නොකරන නිසා ඔහුට කරන්නට දෙයක් නැති බව පිළිතුර විය.
මෙම සාමාජිකාවන්ට බලපෑම් කරන්නේ, ඔබ හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන ඔබගේ බිරිඳ බව මා ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ, 
(1) 9  - D කුඩා කණ්ඩායමේ එම්.බී. ගර්ටි ට, රුපියල් ලක්ෂයේ ණය මුදල ලබාගැනීමට අක‍්‍රීය සාමාජිකයෙකු වූ මාගේ අත්සන පිළිගන්නේ කෙෙසේද යන්න පිළිබඳව පැහැදිළි කරන ලෙසට,
(2) ඔබ විසින් කූඨ ලෙස, අක‍්‍රීය සාමාජිකයෙකු බව දැන දැන මා, ඇපකාරියක් ලෙසට පිළිගෙන, එම්.බී. ගර්ටි මියට, දිවි නැගුම ප‍්‍රතිපත්ති උල්ලංඝණය කරමින්, ණය මුදල අනුමත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එම ඇපකාරීත්වයෙන්, අත්සන් කළ ගිවිසුමෙන් නොපමාව මා ඉවත් කරන ලෙසට,
(3) මාගේ තැන්පත් මුදල වන රු: 10,000/- හා ගෙවා ඇති සාමාජික මුදල් ආපසු ලබාදීමට පියවර ගන්නා ලෙසටය.
මෙයට,
ගල්බොක්ක හේවාගේ සුනීතා
පිටපත්:
(1)කළමනාකාරිණිය, දිවි නැගුම ප‍්‍රජාමූල බැංකුව, හබරාදු
(2) මොහාන් මයා, සමෘද්ධි අංශය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හබරාව
(3) ප‍්‍රාදේශීය ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හබරාදු

No comments:

Post a Comment