Friday, July 28, 2017

2008 වසරේදී බාල වයස්කාර පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක්කරන ලද බවට චෝදනා එල්ලවූ ක`ඵතර උතුර ස්ථානාධිපතිව සිටි හැරල්ඞ් රෙක්ස් ජෑන්ස්්්ට බරපතල වැඩ සහිත 16 වසරක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවීමට නියම කරන ලදි.

මෙම චෝදනාවලට වැඩ තහනමට ලක්ව සිටි මෙම පොලිස් කාරයා මෑතක් වනතුරුම ASB ව්‍යාපාරයේ කළමනාකරුවෙකු වශයෙන් සේවයේ යොදවාගෙන සිටින ලදි.

එම වකවානුවේ මෙම ළමා අපයෝජන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකළේ ළමා අධිකාරියයි. 2008 වසරේ සිදුවූ මෙම සිදුවීමට 2017 තීන්දුව දෙන විට වසර 09 ක් ගතව අවසන්ය. එම කාලයේ මෙම ”පොලිස් නිලධාරියා” ප‍්‍රකට ව්‍යාපාරයක් වන ASB ව්‍යාපාරයේ ”ඉතා වැදගත්” තනතුරක් හොබවමින් සිය තේජස පෙන්වා සිටියේ පොලීසියේද අනුග‍්‍රහය ඇතිවය. 

අපරාධකරුවන්ට හා අපරාධ සැකකරුවන්ට ඉහළ තනතුරු ලැබෙන ඉහළ සැළකිලි ලැබෙන මහා සංස්කෘයක් ඇති බුදුන්ගේ දේශයේ කොන්ද පණ තියෙන, ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සිටින්නේ කී දෙනෙක් ද යන්න පැහැදිළි වන්නේ අධිකරණයේ වරදකරු වී ඇති,  දැරියක් දුෂණය කළ බවට චෝදනා ලැබූ පුද්ගලයන්ව නඩත්තු කරන්න තරම් "ව්‍යාපාරිකයින්” ඉදිරිපත් වීමෙන් කියවෙන්නේ මෙම ව්‍යාපාර වල නියම තත්ත්වයයි. 

 

No comments:

Post a Comment