Friday, July 28, 2017

කාපු ජරාව වමාරන්න බෑ!! හිරණ OIC



තමන්ට උදේ හවා කන්න දෙන හෝටලයට විරුද්ධව නඩු දාන්නේ කොහොමද? යයි ප‍්‍රශ්ණ කරන හිරණ පොලීසිය සුදානම් වන්නේ පැමිණිලිකරුට විරුද්ධව නඩු දාන්නටය.

එම සිද්ධිය අදාලව පොලිස්පති, පානදුර පොලිස් අධිකාරීටද පිටපතක් සහිතව හිරණ පොලීසියේ ස්ථානාධිපතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ල මගින් සියල්ල හෙළි දරව් කර තිබේ. එම ලිඛිත පැමි’ල්ල පහත දැක්වේ.

සීඝ‍්‍රගාමී

ස්ථානාධිපති
පොලිස් ස්ථානය
හිරණ

නඩු පැවරීමට අදාල තොරතුරු ලබාදෙන 
ලෙසට කරණු ලබන ඉල්ලීම.

සමන්, අවු: 45 යි, විවාහක, දරුවන් 02 යි, රැුකියාව: රියදුරු. ලිපිනය: හිරණ, පානදුර.
2017.07.28 වන දින දීය.

2017 අපේ‍්‍රල් මස 02 වන දින, උදේ 9.30 ට පමණ, උදේ ආහාරය ස`දහා මාගේ බිරිඳ වන ඩිලානි කාංචනා ප‍්‍රනාන්දු, හිරණ ගල්තුඬේ, ”තේනුවර හෝටලයෙන්” පරාටා 10 ක් හා පරිප්පු හොද්දක් රු: 175/- ක් ගෙවා ලබා ගන්නා ලදි. 

ගෙදර ගෙනවිත් බලන විට ලබාදුන්, හොද්ද ආහාරයට සුදුසු තත්ත්වයේ නොතිබිණ. මම බිරිඳ හා පොඩි දරුවාද සමග එම හොද්ද හෝටලයට ගෙන ගොස් හෝටලයේ අයිතිකරුගේ බිරිඳට එම හොද්ද පෙන්වා සිටියෙමි. ඇය වැරැුද්දක් වී ඇති බව පිළිගෙන එ් සඳහා, වෙනත් ”හොද්දක්” ලබාදෙන්න සූදානම් වන විට, එතැනට පැමිණි ඇයගේ පුතාවන ශාන් තේනුවර, අපට බැන වැදී, හොද්ද තිබූ භාජනයම අපගේ ඇඟට විසි කරන ලදි.

එ් අවස්ථාවේදීම අප හිරණ පොලීසියට ගොස් පැමිණිලි කළෙමු.

තොරතුරු පොතේ ගොනුව : ක්‍ෂඊ 346රැු09ල සටහන් කරන ලද නිලධාරීණී පො.කො. 215385  රොෂාන්, දිනය: 2017.04.02

ඉන්පසු විභාගය සඳහා 2017.04.04 වන දින සවස 4.00 ට පැමිණෙන ලෙසට දැණුම් දුන්නා. අප ගියද, අනෙක් පාර්ශවය පැමිණියේ නෑ. පැයකට පමණ පසුව ස්ථානාධිපති රණවීර අපව කැඳවා, මම තුන් වේලටම කන හෝටලය, මුන්ට විරුද්ධව මට මුකුත් කරන්න අමාරුයි කියා පැවසුවා. 

දුරකතනයෙන් ශාන් තේනුවරට කථා කර, නුඹලට එන්න පුඵවන් වෙලාව කියන්න යයි කිව්වා. එවිට පසුදින සවස 3.00 ට එන්නම් කිව්වා. එ් අනුව අප පසුදින, 2017.04.05 සවස 3.00 ට ගියා. නමුත් ඔවුන් ආවේ නැහැ. ස්ථානාධිපති රණවීර නැවත ශාන් තේනුවරට කථා කර, එන්න පු`ඵවන් කවදාද කියන්න යයි ඉල්ලා සිටියා. ස්ථානාධිපති රණවීර පසුදින එනම් 2017.04.06 දින රාත‍්‍රී 7.00 ට එන්න යයි අපට කිව්වා.

අපි කියන වෙලාවට ගියා. නමුත් අනෙක් පාර්ශවය ආවේ නැහැ. එදා සමථ මණ්ඩලයට දානවා කියා අපට යන්න කිව්වා. ඉන්පසු මම පිනදුර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් කාරණය කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. සමථ මණ්ඩලය තුන් වරක් අපව කැෙ`ව්වා. එක පාරක්වත් ඔවුන් ආවේ නෑ. සමථ නොවීම පිළිබඳව හිරණ පොලීසියට දැණුම් දෙන ලදි. එම දැණුම් දීම කරන ලද්දේ 2017.06.03 වන දිනය.

අප දන්නා තරමින් හිරණ පොලීසිය නඩු පවරා නැත. එපමණක් නොව තමන්ට විරුද්ධව හිරණ පොලීසිය නඩු දාන්නේ නැති බව ශාන් තේනුවර ඇතුලූ පිරිස ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් අපට නින්දා අපහාස කරන බව ප‍්‍රකාශ කර සිටිමි.

එ් නිසා ඉල්ලා සිටින්නේ, සමථ නොවීමේ පදනම මත නඩු පවරා ඇත්නම් නඩු අංකය, නඩු දිනය, ඉදිරි නඩු දිනය අදාල තොරතුරු ලබාදෙන ලෙසටයි. 

සමථ නොවීමේ සමථ මණ්ඩල දැණුම් දීමේ ඡුායා පිටපත අමුණා ඇත.

මෙයට,

සමන් 

පිටපත්: 

01. ජේෂ්ඨ පොලිස් අධිකාරී
     ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
     පානදුර

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01
















   


No comments:

Post a Comment