Friday, July 28, 2017

31 ලක්ෂයේ MDK මංකොල්ලය ලක්ෂ 3 ක් අරන් නඩු භාණ්ඩවලට දාලා


තමාව පානදුර වැල්ලේ පොලීසියේ යුනිට් එකට ගෙන්වා, අත්අඩංගුවේ හිටිය පුතාව පෙන්නා, ලක්ෂ පහක් ඉල්ලා සිටියා. මා, මාගේ ඉඩම ඇපයට තියා ලක්ෂ තුනක් දුන්නා. එ් ලක්ෂ තුන නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කරලා. පුතා දැන් රිමාන්ඞ්. 
තම පුතා සමග හිටපු රණවිරුවෙක් ද MDK කොම්පැනියේ ගණකාධිවරයෙක්ද රිමාන්ඞ් බාරයේ  පසුවන බව පවසන මව, එ් හා අදාල සියලූ විස්තර පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ගක් වශයෙන් ඉදිරිපත් කර තිබේ. එම ලිඛි’ත පැමිණිල්ලෙන් ”පොලීසිය” අපරාධ විමර්ශනය පසෙක තබා ”නඩු හදන” අයුරු පැහැදිළි වේ.
 ඔම ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.                 

’‘ නීති විරෝධී රඳවා තබා ගැනීම, කප්පම් මුදල් ලබාගෙන ව්‍යාජ චෝදනා නැගීම ----
2017.07.28 වන දින දීය. එල්. ප‍්‍රනාන්දු, අවු: 58 යි, විවාහක, දරුවන් 04 යි, 
ලිපිනය : ----, හොරණ. 
චන්ද්‍රලාල්, අවු: 36 යි, විවාහක, රැුකියාව: ව්‍යාපාරික, මාගේ පුතා වේ.
2017 ජූලි 17 වන දින, දහවල් 10.00 ට පමණ මාගේ පුතාගේ ජංගම දුරකතනයෙන් මා අමතා, කියා සිටියා, "මම දැන් ඉන්නේ පානදුර වැල්ලෙ පොලීසියේ, අත්අඩංගුවට අරන් ඉන්නේ, ඉක්මනට එන්න කිව්වා.” 

මම එවෙලේම පිටත් වුණා. මා පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ආවා. එහි ගේට්ටුවේ සිටි නිලධාරියාට මම කාරණය කිව්වාම, මට යුනිට් එකට යන්න කියා පාර පෙන්නුවා. මම එතැනට ගියා. මට ටිකක් එළියෙන් ඉන්න කියා, පසුව ඇතුළට අරන් ගියා. මාගේ පුතා පුටුවක වාඩිවෙලා හිටියා. එතැන හිටිය සියලූ දෙනාම හිටියේ සිවිල් පිට. එ් අතර හොරණ පොලීසියේ හිටපු අසංක කියන මහතාද සිටියා. එතන සිටිය එක් අයෙක් මගෙන් ඇහුවා, පුතා මංකොල්ලයක් කාලා තියෙන්නේ පිළිගන්නවාද කියා. මම නැහැ කිව්වා. එවිට නිලධාරියෙක් පුතාට කිව්වා, මංකොල්ලා කාපු බව අම්මාට කියපන් කියලා. පුතා කිව්වා ලක්ෂ පහක් ගෙනත් දෙන්න කියා කිව්ව බව. අසංක කියල නිලධාරියා කිව්වා එ් සල්ලි නඩු භාණ්ඩවලට දාන්න  ඕන කියලා.මම අසංක කියන නිලධාරියාට කිව්වා, මහත්තයා රෝහලේ එ් නිසා, රුපියල් ලක්ෂ පහක් දැන්ම හොයන්න විදියක් නෑ කියලා. එවිට එතන හිටිය නිලධාරීන්, හෙට උදේ (2017.07.18 වන දින* උදේ 8.00 වන විට මුදල් ගේන්න යයි කිව්වා. මම එතනින් පිටවී රෝහලේ සිටින මගේ ස්වාමියාව දැණුවත් කර දැනට අප පදිංචි නිවස හා ඉඩමේ, ජන කිරුල ඉන්වෙස්ට්මන් ආයතනයේ එල්.එස්.පී. පෙරේරා මහතාට ඔප්පුව බාරදී රුපියල් ලක්ෂ පහක් ලබා ගත්තා. මා පසුදින, එනම් 2017.07.18 වන දින එයින් රුපියල් ලක්ෂ තුනක් රැුගෙන පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටි, යුනිට් එකට ගොස් මාගෙන් මුදල් ඉල්ලූ නිලධාරියාට රුපියල් ලක්ෂ තුන ලබාදුන්නා. එම නිලධාරියාව දුටුවොත් මට අඳුරන්න පු`ඵවන්. එදින සිට මාගේ පුතාව හැමදාම රාත‍්‍රියට හොරණ පොලීසියට ගෙන ගොස් කූඩුවට දමනවා. පසුදින උදේ නැවත, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකට ගෙන එනවා. මේ ආකාරයට 2017 ජූලි 21 දක්වාම පුතාව තියාගෙන හිටියා. 2017 ජූලි 22 හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබුවා.මාගේ පුතාව, 2017 ජූලි 16 වන දින අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වන, හොරණ කුඩා උඩුව, රෙස්ට්ටුරන්ට් එකේ සිටියදීය. දැනගන්නට ලැබුණ පරිදි මාගේ පුතාට, කුඩු, ගිනි අවි හා මංකොල්ල චෝදනා දමා ඇත. මේ ආකාරයට බොරු චෝදනා දැමීමට හා මුදල් ලබාගෙන, නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර සිදුකර තිබුණේ අපරාධයකි. පොලීසිය සිදුකර තිබෙන අපරාධය පිළිබඳව නිසි පරීක්ෂණ කරන මෙන් ඉල්ලමි. මෙයට, මව, එල් ප‍්‍රනාන්දු    


No comments:

Post a Comment