Saturday, July 15, 2017

අනතුරට අවුරුද්දයි මාස තුනයි, පරික්ෂණ නැ. සමන්දෙවි පිහිටත් නෑ



ලීලාවතී හැට අට වියේ පසුවේ. දරුවන් සිව් දෙනෙකුගේ මවකි. ඇය වැඩිමහල් පුතාගේ පුතා මුණුපුරා වත්, මුණුපුරාගේ දුවත් හදාවඩා ගනී.

එ් වැඩිමහල් පුතාගේ බිරිඳ කුලූ`ුල් දරුවා අතහැර ගිය දා සිට මුණුබුරාට ද. මුණුබුරාගේ බිරිඳ මුණුපුරාව  අතහැර ගිය දා සිට ඔහු ගේ දියණිය ටද මව වුයේ ඇයයි. දැන් ඇගේ වයස අවුරුදු 10 කි. 

ඇය 2016 මාර්තු 01 දින රත්නපුර - ඇහැළියගොඩ බස් රථයට ගොඩ වීමට සූදානම් වූයේ මාර ගහ ළඟ නැවතුම්පොලෙනි. මෙය පුද්ගලික බස් රථයකි. සුපුරුදු පරිදි බස් රථය පිටත් වූයේ ඇය බසයට ගොඩවනවාත් සමගය. විසි වී බිම වැටුණු ඇයව අතහැර බසය යන ලදි. අසල තී‍්‍ර රෝද රථයකින් ඇහැළියගොඩ පොලිසියට ගිය ඇයව රෝහලට යැවිමට පොලීසිය කාරුණික විය.

මේ දක්වාම රිය අනතුරට අදාල රියදුරුට හෝ කොන්ෙදාස්තරට හෝ එරෙහිව නඩු නැත. එයට හේතුව ඇය බසයේ නොම්මරය දන්නේ නැති නිසාලූ!

2017 මාර්තු 01 සිට මේ දක්වා ඇය ඇහැළියගොඩ ොපලීසියට, වටින් විට ෙගොස් දන්නා විදියට තම දුක කියයි. එ්ත් නඩු නැත. හැමදාමත් ඇහැළියගොඩ ොපලීසිය කියන්නේ තමන්ට බස් රථයේ නොම්මරය සොයා දුන්නොත් නඩු දාන්න පු`ඵවන් බවයි. 

බස් රථය රත්නපුරයෙන් පිටත් වූ වේලාව, අනතුර සිදු වූ වේලාව, ගමනාන්තය, බස් රථයට ගොඩ වෙන්න හැදු තැන නම් ඇය දනී. බැරිවු එකම දෙය බිම ඇද වැටුනු ඇයට බස් නොම්මරය ලියා ගැනීමය.

පොලීසිය පරීක්ෂණ කරන්නේ නැත. මන්ද ලීලාවතීගෙන් වැඩක් පොලීසියට නැත. ඇය සමන් දෙවියන්ට අයත් නැත. දෙවියන් ඉන්නේ බස් රථ අයිතිකරුවන් බේරා ගැනීමටයි. ලීලාවතීගේ ශරීරයේ කොහෙවත් සමන් දෙවි පිහිටයි කියා කොටා නැත. නමුත් බස් රථයේ ඉදිරිපසද පසුපසද සමන් දෙවි පිහිට ඉල්ලා බෝඞ් ගසාගෙන ඇත. පොලීසියට ද, බස් මුදලාලිලාට ද සමන් දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි. ලීලාවතීට නැත.

රථවාහන අනතුරු ගැන හැමදාම කථා කරයි. එත් අනතුරට පත්වන දුප්පතුන්ට නීතියක් නැත. දෙවියෝත් නැත.

කෙසේවෙත්ත ඇය සිද්ධිය පිළිබඳව පොලිස්පති පුජිත ජයසුන්දර ට, මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව ට පැමිණිලි කර තිබේ. එමෙන්ම පොලිසිය නිසි පරික්ෂණ නොකිරම මගින් තම අයිතින් උල්ලංණය කර තිබෙන බවට මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර තිබේ.

No comments:

Post a Comment