Thursday, July 27, 2017

සුමාණයක් ඇතුලත ‘හයිකොට්’ එකක් දානවා



උඹට විරුද්ධව දාපු ගැහැණු දුෂණ පැමිණිල්ල අයින් කළේ මම තමයි කියමින් කැ ගැසු පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්ම කුමාර නැමැති නිලධාරියා වත්තේ තිබු පරණ බොතල් ද එකතු කරගෙන ගියේ සුමානයක් ඇතුලත හයිකොට් නඩුවක් දානබව කියමින්ය. 

පානදුර පොලිස් අධිකාර්යාලයේ පවත්වාගෙන යන විශේෂ එකකයට අයත් නිලධාරින් ගේ මෙම ක‍්‍රියාව විඩියෝ ගත කර ඇත. එ් නිසා සිවිල් ඇදුමින් පැමිණ සිදුකරන අපරාධයකට වෙනත් සාක්ෂියක් අවශ්‍යය නොවනු ඇත. 

අජිත් පිරිස් 47 හැවරිදි විවාහක. දරුවන් 06කි. රැුකියාව:- වෙළදාම, මෙම සිද්ධිය අදාලව ඔහු 
ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට හා පොලිස්පති වරයාට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු. 
පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්ම කුමාර නැමැති නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරන්ගේ නීති විරෝධිව කඩා පැන තර්ජනය කිරිම, අපහස කිරිම හා බිය වැද්දීම.

2017 ජුලි 26 දින උදේ 11.00 ට පමණ මා දැන ගත්තා අප වෙළඳ සැල සොරු කඩා ඇති බව. එ් බව දැන ගත් අසල්වැසියන් 10ක් පමණ එතැනට එක්වුනා. අප නිවැසියන් ඔවුන් හා කථා කරමින් සිටින විට එතැනට යතුරු පැදියකින් සිවිලි ඇඳුමින් සිටි පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ දෙන්නෙක් ආවා. එක් අයෙක් එතැන සිටි පුද්ගලයෙකුගේ බෙල්ල මිරිකා උඹ අරක්කු බිව්වා නේද කියා ප‍්‍රශ්ණ කලා. මම ඉදිරිපත් එසේ නොකරන ලෙසට ඔහුට කිව්වා. මේ ඉන්න පිරිස කඬේ හොරු කඩපු එක ගැන ආරංචිවෙලා බලන්න ආපු අය කියා. ඔවුන් දෙන්නා මට බැන වඳිමින් පිටත්ව ගියා. 
සවස තුනට පමණ පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්මකුමාර නිලධාරියා එක්ක පස්දෙනෙක් එක්ක ජිප් රථයෙන් ආවා. සියලූම දෙනා හිටියේ සිවිල් පිට. පද්මකුමාර කියන නිලධාරියා මට උඹ බන් බොලන් කියමින් තර්ජනය කරමින් මට ‘‘හයිකොට්’’ එකක් දාන බවට තර්ජනය කලා. එ්සේ තර්ජනය කරමින් වත්ත පුරා ඇවිද සොදිසි කලා. එ් වේලාව් නිවසේ හිටියේ පවුලේ උදවිය හා දාන්නා අඳුනන දෙන්නෙක් විතර. වත්ත පුරා ඇවිද ඩෙංගු පරික්ෂකයින් විසින් දෙන ලද උපදෙස් දි තිබු පරිදි පොර උරයකට දමා විනාශ කිරිමට අයින් කර තිබු පරණ බොතල් ටික අරන් ගියා.   
මේ අතර කිහිප වතාවක් මට හා දියණියට පහර දෙන්න උත්සහ ගත්තා. ඇගේ ජංගම දුරකථනය උදුරාගෙන බැලූවා. පද්මකුමාර මට කිව්වා ‘‘ උඹට විරුද්ධව දාපු ගැහැණු දුෂණ පැමිණිල්ල අයින් කළේ මම තමයි කියමින් කැ ගැසුවා’’. එ් අවස්ථාවේ මම ඔහුට අභායා්ග කළා බොරු කියා පවුල් කඩන්න හදන්න එපා. 
එවිට ඔහු සුමාණයක් ඇතුලත ‘හයිකොට්’ එකක් දානවා කියමින් යන්න ගියා. මම වසර හතරකට පමන පෙර නීති විරෝධි මත්පැන් සම්බන්ධ වැරදි කර දඬුවම් විඳලා තියෙනවා. නමුත් මම දැන් කිසිම නිති විරෝධි ක‍්‍රියාවක් කරන්නේ නෑ.
මා ඉල්ලා සිටින්නේ පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්ම කුමාර නැමැති නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරන්ගේ නීති විරෝධි ක‍්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මට විරුද්ධව බොරු නඩු දැමිම වළක්වන ලෙසටය.
මෙයට, 
අජිත් පිරිස්

No comments:

Post a Comment