Tuesday, July 25, 2017

රාජ්‍යය යාන්ත‍්‍රණය බිඳ වැටිලා. වහා ප‍්‍රතිසංස්කරණය කළ යුතුයි.


දේශපාලකයින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න අප සුදානම්. නමුත් රාජ්‍යය යාන්ත‍්‍රණයේ, රාජ්‍ය ආයතන වල වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න සිවිල් සමාජය සුදානම් නෑ. මෙය ඛේදවාචකයක්. අද උසාවි, පොලිසිය, නිතිපති, බන්ධනාගාර ඇතුලූ රාජ්‍ය ආයතන පමණක් නොව මහා බැංකුවද වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලින් පිරිලා. එම වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලට වග කිවයුතු කිසිම නිලධාරියෙකුට දඬුවම් නැහැ. දෙශපාලකයින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලට කථා කරන සිවිල් සමාජය රාජ්‍ය නිලධාරින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න හෙළි කරන්න සුදානමක් නැ. 
මෙම තත්වය වෙනස් කිරිම තුල පමණකි වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලින් අවම රාජ්‍යය සංවිධාන/ආයතන ඇති කිරිමට, නිතිය මත පාලනය ස්ථාපිත කර සංවර්ධිත රටක් ගෙඩ නැගිමට හැකි වන්නේ. එ් ජන පාසැල් ක‍්‍රමවේදය හඳුන්වාදිමේ වැදගත්කම සාකච්ඡුාවට බඳුන්වු සිවිල් සමාජ ක‍්‍රියාකරින්ගේ එකතුවකදි, ආරම්භයක් වශයෙන් උසාවි වල පවතින වංචා, දුෂණ හා අක‍්‍රමිකතා පිටු දැකිම සඳහා ඉල්ලීම් මාලාවක් සකස් කර ජනගත කිරිමට තිරණය කරගන්නා ලදි. ආසියානු මාකව හිමිකම් කොමාසම - හොංකොං අනුග‍්‍රහකත්වයෙන් හා නිතිඥ බැසිල් ප‍්‍රනාන්දු යන්ගේ මෙහෙය විමෙන් මෙම සාකච්ඡුාව කොළඹ පැවැත්වින.








No comments:

Post a Comment