Friday, December 2, 2016

මර්වින් සිල්වාගේ පාහර වැඩට වන්දිය රු: 550,000/- යි.


උපුටා ගනීම-chitrangi7.blogspot.

ත‍්‍රීවිල් කාරයන්ගේ වුවමනාවට තාප්පය කඩා විනාශ කළ මර්වින් සිල්වාට ලක්ෂ 4 යි, අපරාධය වසන් කළ පොලිස් ස්ථානාධිපතිට රු: 50,000/- යි, අපරාධයට වගකිව යුතු රජයට ලක්ෂ 01 යි.

රාජපක්ෂ රෙජිමයේ බලූකම් පාහරකම් කරමින් නීතියෙන් ගැලවී සිටි මර්වින් සිල්වාට පක්කලි කම් කරන ලද ත‍්‍රීවිල් රියදුරන් පිරිසක් කිරිබත්ගොඩ, නුවර පාරේ අසිත ලියනගේ මහතාට හා ඔහුගේ පවුලට කරන ලද අඩම්තේට්ටම් කෙළවර වූයේ 2010.09.18 එ් මහතාගේ ව්‍යාපාරික ස්ථානයේ තාප්පය හා වැසිකිලිය කැළණිය ප‍්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත‍්‍ර යොදවා මර්වින් සිල්වාගේ මෙහෙයවීමෙන් කඩා බිඳ විනාශ කර දැමීමෙන්ය.

මහින්ද රාජපක්ෂ රෙජිමයේ මර්වින් සිල්වා ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න පොලීසිය ද ඉදිරිපත් වූයේ නැත.

සමහර පොලිස් නිලධාරීන් මොහුගේ පාහර නීති විරෝධී කි‍්‍රයාවන්ට සහය දැක්වීය.

රාජපක්ෂගේ මිනීමරු පාලනය තුළද තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අසිත ලියනගේ ඉදිරිපත් විය. ඔහු මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙන යෑම සඳහා අවසර ලබාදුන්නේ 2010.11.22 දිනය. නියමිත දිනවලට මර්වින් සිල්වා ඇතු`ඵ වගඋත්තරකරුවන් පිළිතුරු ලබාදුන්නේ නැත. එයට 2013.01.16 වන දින දක්වාම විවිධ හේතු දක්වමින් ප‍්‍රමාද කරණු ලැබීය.

නඩුව පවරා වසර 06 කට පසුව එනම්, 2016.06.14 දින විභාගයට ගනු ලැබීය. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු එස්.ඊ. වනසුන්දර, විනිසුරු අනිල් ගුණරත්න හා විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව 2016.06.14 වන දින ප‍්‍රකාශයට පත්කරණු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අනිල් ගුණරත්න විසින් සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ එකඟතාවයෙන් ප‍්‍රකාශයට පත් කළ මෙම තීන්දුව මගින් රාජපක්ෂ රෙජිමයේ රාජ්‍ය ඇමති පදවියක් දැරූ මර්වින් සිල්වාට රු: ලක්ෂ හතරක් ද, මර්වින් සිල්වාගේ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොකළ කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ලෙසට කටයුතු කළ පොලිස් පරීක්ෂක එදිරිසූරිය පටබැඳිගේ චමින්ද එදිරිසූරියට රු: පනස්දාහක් ද, රජයට රුපියල් ලක්ෂයක් ද වන්දි වශයෙන් අසිත ලියනගේ මහතාට ගෙවීමට නියම කෙරණි.

මේ අනුව අසිත ලියනගේ මහතාට රුපියල් පන්ලක්ෂ පනස් දහසක වන්දියක් හිමි විය.

එ් මහතාට මර්වින් සිල්වා සිදු කළ අලාභය මිළියන දෙකකට වැඩි බව ප‍්‍රකාශ වේ.

මෙම නඩු තීන්දුව මගින්, අසිත ලියනගේ මහතාගේ දේපළවලට හානි කිරීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් කවරේද මෙම විනාශය සඳහා රාජ්‍ය දේපළ භාවිතා කර තිබේද යන්න, නීතියට අනුකූලව පරීක්ෂණ පවත්වා නීතිපති උපදෙස් අනුව නිසි පියවර ගන්නා ලෙසට පොලිස්පතිට නියම කර තිබේ.

පොලිස්පති පූජිත ජයසුන්දර, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව නීතිය ක‍්‍රියාත්මක කරයි ද? මර්වින් සිල්වාට අවශ්‍ය විදියට ක‍්‍රියා කරයිද? දන්නේ නැත.
මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ උදවියට මෙන්ම මර්වින් සිල්වා වැනි තවත් අපරාධකරුවන් රැසකට නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදී ආරක්ෂා කර ගන්නා ලදි.

පොලීසියද එයට පූර්ණ සහය ලබාදෙන ලදි.

2010.09.18 දින, බරපතල අපරාධ සම්බන්ධයෙන් අසිත ලියනගේ මහතා කිරිබත්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන්, අපරාධ ස්ථානය පරීක්ෂා කරණු ලැබුවාද, අවට සිටි පුද්ගලයන්ගේ ප‍්‍රකාශ සටහන් කරගනු ලැබුවාද, සිදුකර තිබූ අලාභ පිළිබඳ සටහන් තැබුවාද, මහේස්ත‍්‍රාත්වරයාට කරුණු වාර්තා කරණු ලැබුවාද, ආදාල දුරකතන පරීක්ෂාවට ලක් කළාද, යන ප‍්‍රශ්න මතුකරන ශ්‍රේෂ්ඨාධිකරණය සිද්ධිය අදාලව විධිමත් පරීක්ෂණයක් නොපැවැත් වූ බව පෙන්වා දී තිබේ.

දේශපාලන හෝ අල්ලසට හෝ යම් කෙනෙකුගේ පුද්ගලික  ඕනෑ එපා කමකට අදටත් පොලීසිය, සාක්ෂි වසන් කරමින් අපරාධකරුවන් අරාක්ෂා කිරීමේ නියැලෙති.

මෙම නඩු තීන්දුව ජාතික පොලිස් කොමිෂමේ අවධානයට අප යොමු කළෙමු.

මෙම පොලිස් නිලධාරියාට, එනම් පොලිස් පරීක්ෂක එදිරිසූරිය පටබැඳිගේ චමින්ද එදිරිසූරියට එරෙහිව නොපමාව විනය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමු.

මේ වන විටත් මොහුට උසස්වීම් ලබාදී ඇත්නම් පුදුම විය යුතු නැත. එසේ උසස්වීමක් ලබාදීමත් සිදුකර ඇත්නම් එය අවලංගු කළ යුතුය. නිසි දඬුවම් ලබාදිය යුතුයි. 

නැතිනම් යහපාලනය විගඩමක් වන බව ජාතික පොලිස් කොමිෂමට කියා සිටිමු.

මෙම නඩු තීන්දුව ජනතා අවධානයට යොමු කිරීම යහපාලනය හා සංහිඳියාව ගොඩ නැගීමට වැදගත් වනු ඇත.

Link:-

http://www.janasansadaya.org/page.php?id=621&lang=en



No comments:

Post a Comment