Wednesday, October 4, 2017

පාරිභෝගිකයාට හිමිවු වන්දිය වදුලි බල මණ්ඩලයෙන් මිලියනයයි, පොලිස් කාරයිගෙන්න් ලක්ෂයයි.



විදුලි මීටරය අනවසර වෙනස්කම් කල බවට චෝදනා කරමින්, පොලිසියද හවුල් කරගෙන අත්අඩංගුවට ගෙන නඩු පවරා පීඩාවට පත්කල පුද්ගලයකු රුපියල් ලක්ෂ එකොලහක් වන්දි වශයෙන් ගෙවීමට විදුලිබල මණ්ඩලයට හා පොලිසියට සිදුවීමේ ප‍්‍රවෘත්තියකි මේ.

2005 වසරේ, මොරටුව, කටුබැද්දේ ගාමිනී ද සිල්වා මහතාට අයත් ව්‍යාපාරික ස්ථානයක විදුලි මීටරය, වෙනස් කරන ලද බවට, විදුල් බල මණ්ඩලයේ සේවයකයින් පිළිය්නදල පොලිස් ස්ථානයේ ස්ථානාධීපති නිෂාන්ත ද සිල්වා සමග එක්ව, ඔහුව අත්අඩංගුවට ගෙන විසිහතර පැයකට වඩා කාලයක් රඳවාගෙන නඩු පවරනු ලැබීය.

අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හා නඩු පැවරීම, ව්‍යාජ තොරතුරු මත කරන ලද බවත්, එ් මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලමින් එ් මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනු ලැබීය.

ශාන්ත ජයවර්ධන හා සෙනුර අබේවර්ධන නීතිඥවරුන්ගේ උපදෙස් මත, ජනාධීපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා, 2005 වසරේදී ගොනු කල මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දු 2017.09.27 වන දින ප‍්‍රකාශයට පත්කරන ලදි.

මෙම නඩුවේ මගඋත්තරකරුවන් වූයේ පිළීයන්දල පොලිසියේ ස්ථානාධීපති නිශ්න්ත ද සිල්වා ප‍්‍රමුඛ පොලිස් නිලධාරියෙකු හා ලංකා විදුලි බල මණ්ඩලය් විශේෂ පරීක්ෂණ ශාඛෘවේ නිලධෘරීන්, ප‍්‍රෘදේශීය ඉංජිනේරු ඇතුලූ නිලධාරීන් පිරිසකි.

විදුලි පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් තහවුරු කරමින්ද, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම් වලින් ද යළිත් තහවුරු කරන ලද නඩු තීන්දුවකි මෙය. සිවිල් සමාජයේ කථීකාවකට බදුන් විය යුතුයි.

එමෙන්ම මෙම නඩු තීන්දුවෙන්, විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියනයක් වන්දි වශයෙන්, ගාමිණී ද සිල්වා මහතාට ගෙවීමට නියම කර තිබේ.

එමෙන්ම නීත විරෝධී අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම නිසා පිළීයන්දල පොලිසියේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා, රුපියල් ලක්ෂයක් ගාමිණී ද සිල්වා මයාට ගෙවිය යුතුව තිබේ.

මෙම වන්දි මුදල හිමිවීම මගින්, ගාමිණී ද සිල්වා මහතාට එක්තරා දුරකතට යුක්තිය ඉටු වී තිබේ.

විදුලි බල මණ්ඩලය – මෙම වන්දි මුදල ගෙවන්නේ, මහජන මුදලින්ය. එම මුදල වරදට සම්බන්ධ සියලූම නිලධාරීන්ගෙන් අයකර ගත යුතුව තිබේ. එසේ අය නොකරන්නේ විදුලිබල මණ්ඩල ලේකම්, සභාපති ඇතුලූ බලධාරින් සිදුකරන්නේ ද අපරාධයකි. මෙය විගණනකාධීපතිගේ සැලකිල්ලට බදුන් විය යුතුයි.

එමෙන්ම, පෙලිස් ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා ට ලක්ෂය ගෙවා, බේරා හැරීමට ඉඩ නොදිය යුතුයි.

පොලිස්පති ගේ, පොලිස් කොමිෂමේ වගකීම වන්නේ මොහුට විරුද්ධව දැඩි විනය පියවර ගැනීමය. එසේ නොකරන්නේ නම් මොවුන් ද අපරාධ ප‍්‍රවර්ධනයට හවුල් කරුවන්ය.

සියුලූම මානව හිමිකම් සංවිධාන මේ පිළිබඳව අවධානය යොමු කර ක‍්‍රියා මාර්ග ගත යුතුයි.

තීන්දුව ස`දහා යොමුව:-  http://www.janasansadaya.org/page.php?id=632&lang=en

No comments:

Post a Comment