Friday, October 27, 2017

හෙලූවෙන් එල්ලා පහර දුන්නාට, හත් අවුරුද්දකට පස්සේ - වන්දිය ලක්ෂ තුනයි



මීට වසර හතකට පෙර, දහ අට හැවිරිදි තරුණයෙකුට එල්ලා පහර දුන් වැලිපැන්න පොලිසියේ පොලිස් කාරයින්ට ගෙවන්නට නියම වූ වන්දිය රුපියල් ලක්ෂ තුනකි.

2010 මැයි 26 වන දින, දහ අට හැවිරිදි රුවන්ව, වැලිපැන්න පොලිසිය අත්අඩංගුවට ගෙන වධ දී, බොරු චෝදනා නගා උසාවියට ඉදිරිපත් කරන ලදි.

මේ අපරාධයට අදාල ව එම වසරේ දීම පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, 2017.10.27 දින විභාගයට ගත් අවස්ථාවේ, දෙපැත්තේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් පසුව, රුපියල් ලක්ෂ තුනක වන්දියක් නුවන්ට ගෙවන ලෙසට නියම කර, නඩුව අවසන් කරන ලදි. මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තර කරුවන් වූයේ වැලිපැන්න පොලිසියේ,  පොලිස් සහායක ගාමිණී , කොස්තාපල් බංඩාර, කොස්තාපල් 82100, ස්ථානාධීපති, පොලිස්පති හා නීතිපතිය.

මෙම නඩුවේ තීන්දුව පිළිබඳව කථිකාවතක් ආරම්භ කළ යුතුය. එම නඩුවේ ඉතාම වැදගත්, කථිකාවකට භාජනය කල යුතු කරුණු වන්නේ, මතුගම හා නාගොඩ මහා රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ ක‍්‍රියා පටිපාටියයි.

අපේ රටේ වෘතිකයින් අතර අන්ත ¥ෂිතයින් මෙන්ම ආත්ම ගරුත්වයක් අති වෘත්තීය ආචාර ධර්ම අකුරටම පිළිපදින්නන් ද සිටිති.

නුවන් ව පරීක්ෂා කල, වෑත්තාව හා නාගොඩ මහා රොහලේ වෛද්‍යවරුන් දෙන්නා පොලිසියේ වධ හංසාවට පත් වූ, අසරණයෙකු සම්බන්ධයෙන්, ක‍්‍රියාකර ඇති ආකාරයත්, ජනසංසදයේ මැදිහත්වීමෙන් අනතුරුව ඔහුව පරික්ෂාකළ කොළඹ අධිකරණ වෙද්‍යෙ හා විෂවේදී ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයකු ගේ ක‍්‍රියාකලාපයත් සංවාදයට ලක් කල යුතුය.

පොලිසියට බැල මෙහෙවර කරමින්, කිසිම තුවාලයක්, ආබාධයක් නොමැති බවට ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලබාදුන් වෛද්‍යවරු හා ඔවුන් ඉගෙනගත් වෛද්‍ය විද්‍යාල පිළිබඳව ද, දින කිහිපයකට පසුව මොහුව පරීක්ෂා කල විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්තාවන්ද සැසඳීම මගින්, සයිටම් නාඩගම නටන ඊනියා වෛද්‍ය නඩයේ තර්ක වලට නිසි පිළිතුරු ලබාගත හැකි වන්නේය.

ඉදිරියේදී එවන් කථිකාවකට අවශ්‍ය සියලූ තොරතුරු ඔබ හමුවේ තබන්නෙමු.
ඡයාරූප    

විඩියෝව:-https://www.youtube.com/watch?v=bd0vDEQqMQM&t=2s



No comments:

Post a Comment