Monday, October 2, 2017

සමන් දෙවි අඩවියේ විදුහල්පතියෙක් වධකයින් රකින්නට පොල්ල ගනී.

රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසැලේ විදුහල්පතියා, පහලොස් හැවිරිදි ශිෂ්‍යයකුට වධ දී, අපයෝජනයට ලක් කල ගුරුවරු දෙන්නෙකු හා උඩගෙඩිදුන් නියෝජ්‍ය විදුහල්පතිනිය ආරක්ෂා කිරිමට, සිසුවා ගේ දෙමාපියන්ට තර්ජණය කිරීමටත්, සිසුවා ගේ ඉගෙනීම කඩාකප්පල් කරන බවට තර්ජණය කිරීමට පටන්ගෙන ඇත.  

වේවැලකින් හා අතින් පයින් පහරදී, සිසුවා ගේ බාහු බඩ හා කලවා මිරිකමින් මස් කිලෝ ගනන් කපා ගතහැකි බව සිසුන් හා ගුරුවරු හමුවේ නින්දිත ලෙස හැසිරී ඇත්තේ ජයන්ත නැමැති ඉංග‍්‍රීසි උගන්වන ගුරුවරයාය, මෙම ගූරුවරයාම සිසුවාව විදුහල්පතිගේ කාර්යාලයට යාබද කාමරයට කණෙන් ඇදගෙන ගොස් දමා, අතින් පයින් පහර දීමට බාරදි ඇත්තේ එම විදුහලේ ශිෂ්‍යභට කණ්ඩායම බාර බංඩාර නැමැති ගුරුවරයාටය. මෙම කෲරකම් වලට උපදෙස් දෙමින්, අනුග‍්‍රහය දෙමින්, අසභ්‍ය වචන කියමින් ක‍්‍රියාකර ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිනිය පුෂ්පා ඩග්ලස් නැමැති ගුරුවරියයි. එදින නොසිටි විදුහල්පති, පසුදින මෙම සිද්ධිය වසන් කිරීමටත්, අපරාධකරුවන් බේරා ගැනීමටත් පියවර ගෙන ඇත.
පොලිස් නිලධාරින් රැුසකගේ පුතුන් මෙම වදුහලේ ඉගෙන ගන්නා නිසා පොලිසිය මෙම අපරාධය හා අදාල විමර්ශණ මනදගාමිව සිදුකරනු ඇත යන සැකය මතුව තිබේ. 
විදුහලේ ගෞරවය ආරක්ෂා කරගැනිම සඳහා මෙම අපරාධය කළ ගුරුවරුන්ට එරෙහිව නිතිය ක‍්‍රියාත්මක විය යුතු බව යුක්ති ගරුක ආදි සිසුන්ගේ, දෙගුරුන් ගේ මතයයි.
සිසුවා ගේ පියා - බලධාරින්ට කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
‘‘ 2017.09.21 දින, රත්නපුර, ර/ඇලෝසියස් ජාතික පාසලේ, 10 වසර ඞී, පංතියේ ඉගෙනුම ලබන,  මාගේ පුතාට (අවු: 15), එම විදුහලේ, 1. බී.පී.ආර්.කේ.ජයන්ත 2. විනය භාර/ශිෂ්‍ය භට කණ්ඩායම භාර එම්.එම්.එස්.එ්. බංඩාර 3. නි/විදුහල්පති පුෂ්පා ඩග්ලස් යන ගුරුවරුන් තිදෙනා එක්ව අමානුෂික ලෙස පහර දී, මානසික වධහිංසාවට පත්කර, අපයෝජනයට ද ලක්කර තිබේ. තවද මාගේ පුතාට පහර දීමෙන් පසුව, බලහත්කාරයෙන් ලිපියක් ලියවා ගෙන ඇත. එම ලිපිය ලියන අතරද, පුතාට පහර දී ඇත.

එමෙන්ම මට හා මවට නින්දා අපහාස කර තිබේ. මේ සියල්ල කර ඇත්තේ ශිෂ්‍යයින් ඉදිරියේදීය. ගුරුවරුන් කිහිප දෙනෙකුගේ සහයද මෙම කෘරකම් කල ගුරුවරයාට ලැබී ඇත. 

එ් සම්බන්ධයෙන්, 2017.09.23 වන දින, පොලිසිය සිදුකරන ලද විමර්ශණයට, බී. පී. ආර්. කේ. ජයන්ත නැමැති ගුරුවරයා පමණක් ඉදිරිපත් විය. එම විමර්ශණ අවස්ථාවේදී ද, මාගේ පුතාට මෙම ගුරුවරයා බැණ තර්ජණය කරන ලදි. එම බැණ තර්ජණය කිරීම පොලිසිය ඉදිරියේදී මෙන්ම පො.ප. මිණීපුර ඉදිරයේදී සිදුකර තිබේ. එසේ බැණ තර්ජණය කර ඇත්තේ අසභ්‍ය වචන කියමින් වැලමිටෙන් අණිමින්ය.

හෙට, 2017.09.26 දින, සවස 3.00 ට නැවත වරක් පුතාව හා පුතාට පහර දුන් අනෙක් ගුරුවරයා වන එම්.එම්.එස්.එ්. බංඩාර නැමැති ගුරුවරයාව කැඳවා ඇත. එ් අවස්ථාවේදීවත් මාගේ පුතාට දුෂ්කරතාවයන්ට පත් නොකිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලමි. තවද මෙම අපරාධයට හවුල්වු, උපකාරකළ හා අනුබල දුන් පුෂ්පා ඩග්ලස් ගුරුවරිය කැඳවා නොමැත.

එමෙන්ම  ර/ඇලෝසියස් ජාතික පාසැලේ  ගුරුමණ්ඩලයේ 1.බී.පී.ආර්.කේ.ජයන්ත, 2. විනය භාර/ශිෂ්‍ය භට කණ්ඩායම භාර එම්.එම්.එස්.එ්. බංඩාර  සහ 3. නි/විදුහල්පති පුෂ්පා ඩග්ලස් යන ගුරුවරුන් අධ්‍යාපන අයිතිය උදුරා ගැනිමේ උත්සහයක යෙදි ඇත.

No comments:

Post a Comment