Sunday, October 15, 2017

ලිංගික වෘතිකයින් සූරා කන ‘‘ගණිකාවෝ ’’ 


කරන්නාවූ රැුකියාව අනුව - කෙනෙකු උසස් හෝ පහත් වන්නේ නැත.  ඕනෑම රැුකියාවක නිරත අයෙකු, පිළිගත් නීතියට අනුව, එම රැුකියාවට අදාල ආචාර ධර්ම වලට අනුව නිරත වන්නේනම්, ඔහු ඇය, පහත් කොට සැලකීම, වසල ක‍්‍රියාවකි. එමෙන්ම පිළිගත් නීතිවලට පටහැනිව, රැුකියාවට අදාල ආචාර ධර්ම වලට පටහැනි නිරත වන්නා වසලයෙකි.

ගණිකා වෘත්තිය ලොව පැරණිතම වෘත්තිය ලෙසට සැලකේ. එහෙත් බොහෝ සමාජවල, ගණිකා වෘත්තියේ යෙදෙන්නන් පහත් කොට සලකනු ලබයි. නින්දා අපහාස වලට පාත‍්‍ර කරනු ලබයි. මෙම වෘත්තීය මරණීය දණ්ඩනය ලැබීමට තරම් බරපතල අපරාධයක් ලෙසට  එදත් සලකන, අදත් සලකන රාජ්‍යයන් සමහරක් ඇත. මේ රාජ්‍යයන් සියල්ලම යම් ‘‘ආගම්’’ රාජ්‍යය ආගම කරගත් එවාය. මෙම රාජ්‍යයන් හා ආගම් ”මනුෂයින්”, ”මනුෂයයින් වශයෙන්” නොසලකති.

මෙ වන විට, දියුණු, නීතිය මත පලානය පිළිගන්නා රටවලද, ගණිකා වෘත්තිය හා අනෙකුත් වෘතීන් අතර භේදයක් පවති. ඔවුන් ද නීතිය ඉදිරියේ අසමානය. ලිංගික වෘතිය නිත්‍යානුකුල නොර්වේ රට හඳුන්වාදුන් විකුණන්නා නොව මිළදි ගන්නා, එනම් ගණිකාව ඇසුරු කරන පිරිමියා වරදකරුවා කරන නිතිය ද මේවනවිට අර්බුද කාරිතත්වයට පත්ව තිබේ. කුමන නීතියක් යටතේවත්, ආගම් යටතේවත් ලිංගික වෘතිකයින්ව සුරාකෑම පාලනය කිරීමට නොහැකිව තිබේ. සෑම නීතියකම හිල් ඇත. එ් නිසා ලිගංක වෘත්තිකයන්ගේ අයිතීන් සුරැුකීමට මූලිකත්වය දීම ගැන අවධානය යොමු කළ යුතුය.

බුදුන් වහන්සේ වෙනස්කමකට භාජනය නොකල මෙම ඉපැරණි වෘත්තිය පිළීබඳව ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්වය කුමක්ද ?

ගණික වෘත්තිය ශ‍්‍රී ලංකාවේ නීති විරෝධී නොමැති බව, ශ්‍රේෂ්ඨාධිකරණය ඩැනී එරෙහි හලාවත පොලිසියේ පොලිස් පරික්ෂක, ීක්‍රැුත්‍ඍ488රැු98 දරන  මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවෙන් පැහැදිළි කරයි. 

ගෙස්ට් හවුසියක කාමරයක, රාත‍්‍රිය ගතකරමින් සිටි ”යුවලක්” අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීමට එරෙහිව, එමගින් පීඩාවට පත්වූ ”ඩැනී” - ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, අත්අඩංගුවට ගත් හලාවත පොලිසියට එරෙහිව නඩු පැවරීමට ආත්මශක්තිය ඇතිකර ගත්තේය. ඔහු ”කුහක” සමාජයේ, ඊනියා මාධ්‍යයේ හා ආගමික නායකයින් ගේ, කයි කතන්දර වලට බිය නොවීය.

අත්අඩංගුවට ගත් හලාවත පොලිසියේ පොලිස් පරික්ෂක සිරිමල් සිල්වා, පොලිස් පරික්ෂක ජයතිලක, සැරයන් කපුකොටුව 13846, පො.කො. බංඩාර 29768, පො.කො. දිපාල් 16638 හා මුලස්ථාන පොලිස් පරික්ෂක යන පොලිස්කාරයෝ වැරදකරුවන් විය. එම පොලිස් කාරයින් හය දෙනාට රු. 5000/ බැගින් වන්දි ගෙවන්නට විය. රජයට (පොලිස්පතිට* ගෙවන්නට වු වන්දිය රු. 25,000/කි. ගණිකා වෘත්තිය පිළිබඳව දුර්මතයන් දුරු කරන ලදි.

නීතිය මත පාලනාය බිඳ වැටිම තහවුරු කරමින් අද දක්වාම පොලිසිය වෙනස්ව නැත. අදටත් පගාව නොදෙන ගෙස්ට් හවුස් වලට කඩා වදින, පොලිසිය, එ්වායේ නීත්‍යානුකූලව කාමර වෙන්කරවා ගෙන සිටින, වැඩිහිටියන් අත්අඩංගුවට ගෙන පරිභාව කර, එම තොරතුරු මාධ්‍ය ලවා විකෘති කර පලකරවාගෙන, කාන්තාව පමණක් අධිකරණයට ඉදිරිපත් කරයි. මෙම පීඩාවට පත්වන්නේ, සාමාන්‍ය ගෙස්ට්හවුස් හා හෝටල් භාවිතා කරන්නන්ය. ඉහළ පෙළේ සේවාදායකයින්ට වෙන්වූ හෝටල්, කැසිනෝ, කැරකෝ, ස්පා වලට සම්බන්ධව වෘතියේ යෙදෙන දෙස් විදෙස් කාන්තාවෝ නොවේ. එමෙන්ම කොළඹ හා ප‍්‍රාදේශික ගෙස්ට් හවුස්, හෝටල් අයිතිකරුවන් පොලිසිය හා එක්ව නීති විරෝධී ක‍්‍රියාවන්හී නිරතවීම ඉතා සුලබය. මත්ද්‍රව්‍ය, මත් පැන් විකිණීම මෙන්ම  ‘‘ගණිකා නිවාස’’ පවත්වාගෙන යති. 

රාජ්‍ය නොවන සංවිධාන සමරක්, කොළඹ හා ප‍්‍රාදේශික වශයෙන් මෙම වෘත්තිකයින් සංවිධාන කරති.  එම සංවිධාන වල ‘‘වෘතිකයෝ’’ මෙන්ම ‘‘මැඩම්ලා’’ ද සිටිති. මෙම ‘‘මැඩම්ලා’’, වෘත්තිකයින්ට සෙවණ සලසමින් සැපයුම් කරුවන් වශයේන් ක‍්‍රියා කරයි. ඔවුන් නවකයින් මෙම වෘත්තියට එක්කර ගැනීම සඳහා - අපරාධ ජාලයන්ටද සම්බන්ධය. සමහර ‘‘විශ‍්‍රාමික’’ වෘතිකයෙක් දැන  මැඩම්ලායි. එක් මැඩැම් කෙනෙක් ඇගේ පුතා සැපයුම් කරුවකු මෙන් නවකයින් සම්බන්ධ කිරීමේ ලා කටයුතු කරන බව ප‍්‍රකාශ කරයිි. 

මෙම රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයක් පවත්වාගෙන යන්නේ ලිංගික ආශ‍්‍රිත රෝග මර්ධනය පෙරටු කරගෙනය. මෙම සංවිධාන නායිකාවන්, නායකයින් රාජ්‍ය නිලධාරීන් සමග පවත්වන්නේ කිට්ටු සම්බන්ධයකි. ලිංගික ආශි‍්‍රත රෝග මර්ධනය සඳහා රජයේ වැඩ පිළීවෙලේ කොටස් කරුවන්ය. ඔවුන් මුල්කත්වය ගෙන සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදිම, පරීක්ෂණ වලට යොමු කිරිම හා මෙවලම් සැපයීමද සිදුතරයි. මේ රාජ්‍ය නොව සංවිධාන කරන්නේද අළෙවි කිරීමකි. ඔවුන් මෙම වෘත්තිකයින් ගේ ගැට`ඵ ගැන සානුකම්පිතව කතා කරති. එමගින් ලාභ ප‍්‍රයෝජන ලබති. 

ස්වාධිනව තම වෘතිය පවත්වාගෙන යෑම සඳහා කිසිදු  බලගැන්වීමක්  නොකරන මේ පිරිස්, ගණිකා වෘතිය නිත්‍යානුකුල කරනු යන සටන් පාඨය ඉදිරිපත් කරයි. එනම් ලිංගික වෘතිකයින්ට බලපත‍්‍ර නිකුත් කරවා, රජයට ඔවුන්ගෙන් ගාස්තුවක් අයකර ගැනිමට මෙන්ම විවිධ බාධක වලට මුහුණ දීමට  ඉඩසැලැස්විමේ උත්සහයක ඔවුන් නිරතවේ. මෙම සටන් පාඨයට මුවාවි සදාචාරය ගැනද මොවුන් කතා කරයි. යහමගට ගැනිමට ක‍්‍රියාකරන බවද පෙන්වයි. 


No comments:

Post a Comment