Monday, October 2, 2017

ළමා අපයෝජනයට ලක්කල විදුහල්පතිට, නියෝග දුන් පළාත් ලේකම්ට හා රැකවරණය දුන් පොලිස් අධිකාරි එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරනු..


මධ්‍යම පළාත් මහා ඇමතියාවූ සරත් එ්කනායක ගේ ප‍්‍රධානත්වයෙන්, සරත් එ්කනායක විදුහලේ කුඩා දැරියන් 250 කට අධික සංඛ්‍යාවක් බරපතල ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට එරෙහිව, එම අපයෝජනයට මූලිකත්වය දුන් එම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව වහාම නීතිමය පියවර ගත යුතුය. විනය පියවර ගත යුතුය. මෙම ළමා අපයෝජනය බලමින්, මහා ඇමතියා හා චීවරධාරින්  සමග එකට ඉදිමින්, එය වැළැක්වීමට පියවර නොගත් පොලිස් අධිකාරි වරයාට හා නියෝග කළ පළාත් ලේකම් සේවයෙන් නෙරපා දැමිය යුතුයි.

පොලිස් අධිකාරි වරයා, අත්පුඩි ගසමින් ළමුන් අපයෝජනයට ලක්කිරිම වැළැක්වීමට පියවර නොගෙන බලා සිටිමට තරම් නිචවිම මනාවට ඔප්පු කළේ ශ‍්‍රී ලංකා පොලිසිය තවමත් පාලක දේශපාලකයින්ගේ අනේවාසිකතයින් බවයි. 

අලූයම දෙකේ සිට සරසවා, මහ මග සිටුවා සාරිපොට උස්සවා ශාරීරික මානසික පීඩාවට පත් කරන ලද මෙම නීච ක‍්‍රියාව පිළිබඳ යහපාලනයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් මේ ගැන ප‍්‍රශණ කළ විරිත්තා අනුමැතිය දුන්නේය. සිරිසේන ජනාධිපති තාත්තා මේ ගැන කෙළ පිඩක් හලන්නේ නැත. මෙම නීච ක‍්‍රියාව පිළීබඳව අනෙකුත් යහපාලනයේ වගකිවයුත්තන් තවමත් නිහඬය.

මෙම කුඩා ළමුන් පිරිස දැඩි ලෙස ශාරීරික මානසික පීඩාවන්ට පත් කරන වා බලා සිටිමින් තෘප්තිමත් වූ පාදඩ චීවරධාරින් ට දානය පිරිනමන අය එ් ගැන ද දෙවරක් සිතිය යුතුය.  

මේ ක‍්‍රියාවට අණ දුන්න නිවට විදුහල්පතියා මාධ්‍ය ඉදිරියට පැමිණ, මෙය ඓතිහාසික සිද්ධියක් ලෙසට කීමට ඉදිරිපත් වූයේ ටයිකෝට් ඇඳගෙනය. එමගින් මොහු විදුහල්පති කමකට නොව පාසලක වැසිකිලි කැසිකිලි සුද්ද කිරීමට පවා සුදුසු එකෙකු නොවන බවද, ඔප්පු කර සිටියේය.

නිදහස් අධ්‍යාපනය රැුකගැනීමට උර දෙන ගුරු සමාගම් මේ පිළිබඳ දැඩි ක‍්‍රියාකාරි පියවර ගනු ඇතැයි අපේක්ෂා කරමු. ලංකා ගුරු සංගමය සිද්ධියට විරෝධය පලකර තිබෙන බවද වාර්තා විය. නමුත් එය හුදු විරෝධය පළ කිරීමෙන් ඔබ්බට ගිය කි‍්‍රයාකාරී එකක් විය යුතුය.

නිදහස් අධ්‍යාපනය රැුක ගැනීමේ පළමු පියවර විය යුත්තේ පාසැල් ගදරුවන් අපයෝජනයට ලක් කිරීම වැළැක්වීමය. එ් සඳහා පියවර ගන්නා බවක් නොපෙනේ. සයිටම් ජනසතු කිරීමෙන්ම නිදහස් අධ්‍යාපනය රැුකෙන්නේ නැත.

ළමා අධිකාරිය සිද්ධිය ගැන ජනතාවට ප‍්‍රකාශ දි, එ් පිළිබඳ මේ දක්වාම කිසිදු නිතිමය පියවරක් ගෙන නොමැත. මානව හමිකම් කොමිසම මේ පිළිබඳව නොපමාව පියවර ගත යුතුය. 

මෙම නිච, නීති විරෝධි ක‍්‍රියාව සිදුකළ, නියෝග දුන් සහ ආරක්ෂා කළ සියලූම රජයේ නිලධාරින්ට එරෙහි නිතිමය පියවර ගන්නා ලෙසට බල කිරිම හා ඔවුන් හෙළි දරව් කරමින්, ඔවුන්ට එරෙහිව මහජනතාව මෙහෙයවිම සිවිල් සමාජයේ වගකිම වේ.  



No comments:

Post a Comment