Sunday, October 1, 2017

වහල් භාවයෙන් මිදී වසර 200 යි.


පුත්තලම නගර ආසන්නයේ, පුත්තලම අනුරාධපුර පාරේ, සිරම්බිඅඩිය ගමේ පදිංචි පවුල් විසි දෙකක, සියයක් පමණ දෙනා, පෘතිගීසි පාලන සමයේ, මොසැම්බික් දේශයෙන් ගෙන එන ලද අප‍්‍රිකානු වහලූන්ගෙන් පැවත එන්නන් වේ. 

ඔවුන් සියලූ දෙනා 2017 සැප්: 24 දින, පුත්තලම ප‍්‍රධාන කතෝලික දේවස්ථානය මූලික කරගෙන, ශ‍්‍රී ලංකාවට පැමිණි, දෙසියවන සංවත්සරය සමරනු ලැබීය.

පෘතිගීසි බස මොවුන්ගේ මව් බස වුවත්, අද මොවුන් දන්නේ, පෘතිගීසි බසින් බයිලා කීමට පමණි. ඔවුන්ට ඉතිරිව තිබෙන එකම සංස්කෘතික ලක්ෂණද එයයි.

සිංහලයින් සමග මිශ‍්‍රව, එහෙත් තම අනන්‍යතාවය රැුකගැනීමට මෙතෙක් දරන ලද උත්සාහය, දියවීම වැළැක්විය නොහැකි බව ඉතිරිව සිටින මේ පිරිස හොඳාකාරවම දනී.

”කැපර්” ලෙසට හඳුන්වාගන්නා මොවුන් ශ‍්‍රී ලාංකික පුරවැසියන්ය. සියලූ වරප‍්‍රසාද සහතිය. ශ‍්‍රී ලාංකික අප‍්‍රිකානුවන්” ලෙස තම අන්‍යතාවය රැුක ගැනීමට ඔවුන් දක්වන්නේ මහත් ආශාවකි. එය අයිතියකි.

මෙම පවුල් විසි දෙකට නායකත්වය දෙන අය අතුරින් විශේසිත දක්ෂතා පීටර් ලූවි ගේ රැුකියාව, ලොතරැුයි පත් අළෙවි කිරීමය. දිනකට අවම වශයෙන් ලොතරැුයි පත් 700 ක් පමණ අළෙවි කරයි.

පීටර් ලූවී පවුලේ, වැඩිමලා පීටර් ජසින්තාය. බාලයා පීටර් මේරි ජෙනට්ය. පීටර් මේරි ජෙනට් විවාහ වී ඇත්තේ වන්නිආරච්චි කෙනෙකු සමගය. ඇගේ දියණීය හමුදා සෙබළියකි. 
Peter Luvi

Jasintha

Merry

පීටර් ලූවී ප‍්‍රමුඛ, ”කැපර්” කණ්ඩායමකට දකුණු අප‍්‍රිකතාවේ දින පහක සංචාරයක් සඳහා වරම් ලැබී තිබින. පීටර් ලූවී එ් පිළීබඳව මහත් තෘප්තියකට සතුටකට පත්ව සිටී. එහෙත් මොසැම්මිකයට යාමට නොහැකි වීම ගැන ඔහුට ඇත්තේ දුකකි.

පෘතුගිසින් රට හැර ගියේ වහලුන් මෙහි දමය. එම අප‍්‍රිකානු වහලූන්ගෙන් පැවත එන මෙම ජන කොඨාශයට පෘතුලිසින් වන්දි ගෙවිය යුතුය. එ් සඳහා මොවුන් දිරිමත් කළ යුතුය.

No comments:

Post a Comment