Monday, September 18, 2017

පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය, සිල් රෙදි හා චිවරධාරින්


වසර 46 කට පෙර යුද්ධ හමුදාවේ නිලධාරීන් දෙන්නෙක් මූලිකව පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය කළේ, ¥ෂණය කර, නිරුවත් කර, මහ පාරේ ඇවිද්දවා ය. එ් කතරගමදීය.

ඇයට එ් ඉරණම අත්වූයේ 1971 කැරැුල්ලේ ප‍්‍රතිඵලයක් ලෙසටය. නීතිඥ ප‍්‍රින්ස් ගුණසේකරයන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මැද්හත් කරවාගෙන ගෙන ගිය බලපෑම්වල ප‍්‍රතිඵලයෙන් එම ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරීය. චූදිත හමුදා නිලධාරීන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ උගත් නීතිඥවරුන්ගේ එකම තර්කය වූයේ ”උසස්” නිලධාරීන්ගේ අණට කීකරුව එම ඝාතනය සිදුකළ බවයි.

මෙම හමුදා නිලධාරීන් දෙදනොට එරෙහිව මහාධිකරණයේ පැවති නඩුවේ ජූරි සභාව දෙන ලද තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද අභියාචනා නඩුවේ තීන්දුව ඓතිහාසික එකකි. එය අදටත් වලංගුය. කාලෝචිතය. එහෙත් එ් පිළිබඳව කථිකාවක් නැත. පේ‍්‍රමවතී මනම්පේරි ගැන කථා කළ යුතුය. නිරන්තරයෙන් සිහිපත් කළ යුතුය. ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් ප‍්‍රමුඛ ඔවුන්ගේ කැඞී බිඳී වෙන්ව ගිය පිරිස් මුනිවත රකී. ඔවුන්ගේ වත්මන් අනුගාමිකයන් ඇය ගැන අසාවත් ඇද්දැයි සැකයකි.

අභියාචනය ඇසූ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනාගේ තීන්දුව, අද අන්තර්ජාලය ඔස්සේ  ඕනෑම කෙනකෙුට බලා කියවා ගත හැකිය. එම තීන්දු නීතිඥවරුන්ට සීමා විය යුතු නැත. අනාගතය කෙසේ විය යුතු ද, රට යන්නේ කොයිබටද යන්න වටහා ගැනීමට සංවාදයට ලක් කළ හැකි එකකි.

මෙම නඩුවේ විනිසුරුවරුන් තිදෙනාම සිය මතය ප‍්‍රකාශයට පත් කර ඇත. තිදෙනාම, ඝාතනය සිදු කළ හමුදා නිලධාරීන් දෙදෙනාවම වරදකරු කරමින් ලබාදුන් තීන්දුව සනාථ කළ ද එ් වෙන් වෙන් වශයෙනි. මෙම අභියාචනයේදී රජය වෙනුවෙන්, නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටි අතර, විත්තිකාර හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේ අදටත් සමකළ නොහැකි කීර්තිමත් නීතිඥවරුන් පිරිසකි.

වර්තමාන පරපුරේ දැන ගැනීම සඳහා එම නම් සඳහන් කිරීම වැදගත්ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු වූ විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තමෝදරන් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විමලරත්න යන මහත්වරුන්ය.

විත්තිකරුවන් වූ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලූතිනන් විජේසූරිය හා සෙබල රත්නායක වෙනුවෙන්, එකල ප‍්‍රවීණ නීතිඥවරුන් වන ජී.ආර්.චිට්ටි, අර්ඞ්ලි පෙරේරා, ඊ.ආර්.එස්.ආර්. කුමාරස්වාමි ප‍්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින ලදි. රජය වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ කෙනෙත් සෙනෙවිරත්න ප‍්‍රමුඛ රජයේ නීතිඥවරුන් කණ්ඩායමක් ඉදිරිපත් විය. මෙම නඩුවේදී දෙපාර්ශවයේම නීතිඥවරුන් දේශීය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල රටවල හා ජාත්‍යන්තර නීතිය, නඩු තීන්දු ඉදිරිපත් කරමින් තර්ක කළහ.

පෙර සඳහන් කළ පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනාම වෙන් වෙන් වශයෙන් තීන්දු ලියා මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව සනාථ කළේය.

1971 කැරැුල්ලේදී හමුදාව, පොලීසිය සිදුකළ ඝාතන පිළිබඳව එකම නඩුව මෙය විය. එම නඩුවේදී හදිසි නීතිය යටතේ හෝ යුද්ධ නීතිය යටතේ හෝ යුද්ධමය තත්ත්වයක් තුළ හෝ නීතියට පරිභාහිරව මිනිස් ඝාතන කර, එය සාධාරණීකරණය කිරීමට ඉහළින් දුන් අණට කීකරුව සිදුකළා යන්න වලංගු විත්ති වාචිකය නොවන බව තහවුරු කරණු ලැබූවකි.

මෙය අදටත් වලංගු වන්නේ, 1988 -  90 ජ.වි.පෙ. භීෂණ සමය තුළ හා තිස් වසරක් පුරා පැවති ජනවාර්ගික ගැටුම තුළ පොලීසිය, විශේෂයෙන් ත‍්‍රිවිඩ හමුදාව සිදුකළ අතුරුදහන් කිරීම්, පැහැරගෙන ගොස් මරා දැමීම්, පිළිබඳව හා බාරවූවන් මරා දැමීම් පිළිබඳව ඊනියා උගතුන්, ජාතිවාදී දේශපාලකයන්, චීවරධාරීන් නගන මෙලේච්ඡු හඬ සමග සැසඳීමෙන් රටේ නීතිය පිළිබඳව ජනතාවගේ මතය විමසීමට තිබෙන හොඳම සිද්ධිය නිසාය.

ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගෙන් කැඞී ගිය පෙරටුගාමී සමාජවාදීන් ට, විමල් වීරවංශලාගේ ජාතික නිදහස් පෙරමුණට පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය හා එම නඩු තීන්දුව ගැන වගතුවක් නැති මෙම පිරිස උතුරු නැගෙනහිර ජනවාර්ගික යුද්ධයේදී නිරායුධ සමාන්‍ය ජනතාව මරා දැමීම, අතුරුදහන් කිරීම, අත්අඩංගුවට ගත් අය මරා දැමීම, පැහැරගෙන යෑම හා මරා දැමීම, බාර වූවන් මරා දැමීම සියල්ලම අනුමත කළා පමණක් නොව එම ක‍්‍රියාවන්හි නිරත වූවන් වීරයින් ලෙසට සැමරීමට තරම් මෙලේච්ඡුයින් පිරිසක් බවට පත්විය.

අදටත් එසේම අපාරධකරුවන්ට දඬුවම් දීමට ඔවුන් විරුද්ධය. අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම දේශ ද්‍රෝහී ක‍්‍රියාවකි. මෙම ඊනියා දේශපේ‍්‍රමීන්, ඇත්ත වශයෙන්ම දේශද්‍රෝහීන්ය. රණවිරු නාමය ඉදිරයට දමා උඩුබුරලන්නේ තමන් කරන ලද අපරාධවලින් ගැලවීමටය.

මහින්ද රාජපක්ෂ දේශපාලනයට පිවිසි දා සිටම, සිදුකරන ලද ක‍්‍රියාවන් දන්නා බොහෝ දෙනෙකු සිටිති. ඔවුන් එම අපරාධ වංචා, වංචා, ¥ෂණ, ඝාතකයින්, ස්ත‍්‍රී ¥ෂකයින් ආරක්ෂා කිරීම මේ පිරිස් කියන්නට ඉදිරිපත් වන්නේ නැත. මේ නිහඬ පිරිස උගතුන්ය, වෘතිකයින්ය.

එදා මනම්පේරි ඝාතනය කළ හමුදා නිලධාරීන් බේරා ගැනීමට උගත් නීතිඥවරුන්ගේ එකම නීතිමය තර්කය වූයේ ඔවුන් එසේ කළේ උසස් නිලධාරීන්ගේ අණට කීකරුව බවය. අද කෝටි ගණනක් මුදල් හොරකම් කර, රටේ නීතිය උල්ලංඝණය කරන ලද ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට ගේ ”නිදහසට” කරුණද එයමය.

ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට ට එරෙහි තීන්දුවට පක්ෂ බව හඟවමින් ඔවුන් ”මහත්වරු” බව කියාපාන තවත් ”හොරු” පිරිසක් ද අද පෙරට විත් තිබේ. මේ හෙළි වී ඇත්තේ එක් හොරකමකි. එක් නීති විරෝධී වැඩකි. මොවුන් සිය ධූර කාල වලදී තවත් නීති විරෝධී වැඩ මෙන්ම රාජපක්ෂ රෙජිමය රැුකීමට කර තිබෙන පක්කලි වැඩ අනන්තය.

මොවුන් අනෙකුත් රජයේ නිලධාරීන් යටපත් කරගෙන සිටියේය. වැරදි ”කුපාඩි වැඩ” බව දැන දැනත් එළිපිට විරෝධය දැක්වීමට ඉදිරිපත් නොවීය. එවැනි අයව නොමරා මැරුවේය. එ් වාගේම මොවුන් තම හිතේෂීන්ට ද නීති විරෝධී වැඩ කිරීමට අනුග‍්‍රහය දෙන ලදි. ලාභ ප‍්‍රයෝජන ලබා ගැනීමට ඉඩ සලස්වන ලදි. එසේ ලාභ ප‍්‍රයෝජන ගත් වූවන්, පිල් මාරු කරන ලද අධිකරණ තින්දුව හරි බව ප‍්‍රකාශ කළ ද එය නිෂේධ කිරීමට මේ තක්කඩියන් දෙපොල ”මහත්වරු” ලෙසට හඳුන්වති.

එදා මෙන්ම අදටත් ‘‘යහපාලනය යටගේ’’ ඉහළ නිලධාරින් ‘‘නිති විරෝධික‍්‍රියාවන්හි’’ නිරත වෙති. ඔවුන් නිතිය නමයි. කිසිදු වෙනසක් නැත. මහා පරිමාන දුෂණ ගැන හෙළි කරනු ලැබුවද ප‍්‍රාදේශිය වශයෙන් සිදුකරන දුෂණ හෙළි කරන්නේ නැත. 

මේ වනවිට හොරුන්, තක්කඩියන් බේරා ගැනිමට චිවරධාරින් පිරිසක් එක්ව ඇත. මොවුන් දුප්පත් කමින් මිදෙන්නට පන්සලට බාරදුන්න නොදරුවන්ට සිවුරු අන්දවා පාත්තරය අතට දි සිඟමේ යවමින් අපයෝජනයට ලක්කරති.  

මේ පසුබිම යටතේ සාමාන්‍ය ජනතාවට ”නීතිය” යුක්තිය” ”සදාචාරය” යනු කුමක්ද යන්න පැහැදිළි කර ගැනීමට හැකිවන පරිදි කථිකාවකට, සංවාදයකට ”පේ‍්‍රමවතී මනම්පේරි” තීන්දුව පාදක කර ගත යුතුය. මෙය විශේෂයෙන් ස්ත‍්‍රී අයිතිය ගැන කථා කරන සැමගේ අවධානයට ලක්විය යුතු කරුණකි.

No comments:

Post a Comment