Friday, September 22, 2017

ක`ඵතර වනසන ‘‘පැනෝරාමා’’ වට බෝ සමිදු පිහිටයි. බුදු සරණයි.



ක`ඵතර බෝ සමිදුගේ පිහිට පතන බැතිමතුන් ගේ පිහිටෙන් - ව්‍යාපාර ගොඩනැගුණු බව නොදන්නා කෙනෙක් නැත. මේ එ් ගැන නොවෙයි. බෝ සමිදු ගේ පිහිටෙන්, ක`ඵතර විනාශ කරන්නන් අතරින් එක් යුවලක් පිළිබඳවය.

ක`ඵ ගඟ තම බඩගෝස්තරය සඳහා විනාශ කරන මහා ව්‍යාපාරිකයින් කොපමණදැයි කියන්න අප නොදනිමු. එ් අතර ප‍්‍රසිද්ධියේම කලු ගංග රක්ෂිතය විනාශ කරන්නවුන්, එ්වා කරන්නේ ඔවුන් නීතියට යටත් නැති බව පෙන්වාදෙමින්ය. ඔවුන්ට අදාළ නිලධාරීන්ගේ රැකවරණය පූර්ණව ලැබේ. ලැබෙන දේශපාලන අනුග‍්‍රහය ඊට නොදෙවෙනිය.

‘‘සංවර්ධනය” යන යෙදුමට මුවා වී, ක`ඵතර උතුර, ‘‘පැනෝරාම’’නමින් ක`ථ ගඟට මායිම්ව ඉදිකර තිබෙන හා ඉදිකරමින් යන හෝටල් සංකීර්ණය මු`ඵමනින්ම නීති විරෝධී බව කාලයක් මු`ඵල්ලේ කරන ලද පර්යේෂණ හා එකතු කරගෙන තිබෙන රාජ්‍ය ලේඛන මගින් ඔප්පු කර සිටින්නේ, වීරක්කොඩි මහත්මියයි.

ඇය, මුදලට යටනොවන ඉතාමත් අල්පයින් අතර කෙනෙකි. මැය ගේ සත් ක‍්‍රියාව, විශේෂයෙන් ක`ඵතර නගර සභාවට, උතර හා දකුණ පොලිසි වලට, පරිසර අධිකාරියට, නාගරික සංවර්ධන අධිකාරියට, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුලූ අදාල ආයතන වල නිලධාරින්ට මහත් හිසරදයකි. එමෙන්ම ප‍්‍රදේශයේ චිවරධාරින්ට හා දේශපාලකයන්ටද අගුණය.

මෙම පැනෝරාමා හෝටල් සංකීර්ණය අඹු සැමි යුවලකට අයත් එකකි. 

ඇය විසින් කර තිබෙන හෙළිදරව්වල ආසන්නම හෙළිදරව්ව සම්බන්ධයෙන් ලියන ලද ලිපි 02ක පහත දැක්වේ. එම ලිපි වලට අවධානය යොමු කරන්න. විමර්ශණ කරන්න. විරෝධය පළකරන්න.

01. වීරක්කොඩි මහත්මිය ක`ඵතර දකුණ, නාගරික සංවර්ධන අධිකාරියේ උප කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එස්. හේමන්ති මහත්මිය අමතන ලද ලිපිය. 

ක`ඵතර උතුර, පරණ තොටුපල පාරේ අංක 47/14 ස්ථානයේ ඇළ හා 
ප‍්‍රවේශ මාර්ගය අවහිර කර, ගේට්ටු හා තාප්ප ඉදිකිරීම හා 
ගොවිජන සේවා රක්ෂිත මාර්ගය අත්පත් කර ගැනීම.

ක`ඵතර උතුර, කොස්පනාවත්ත පාර, පැනෝරමා හෝටලයේ අයිතිකරුවන් වන ඉන්දික පේ‍්‍රමලාල් හා අමාලි ඉනෝකා ඉහළගම යන අඹු සැමි දෙපළ විසින්,

ක`ඵතර උතුර, තොටුපල පාරෙන් ආරම්භ වන කොස්පනාවත්ත පාර, කෙළවරින් ආරම්භ වන ක`ඵගඟට පිවිසෙන ගොවිජන සේවා රක්ෂිත මාර්ගය 

(අ) ප‍්‍රවේශවන ස්ථානය සම්පූර්ණයෙන්ම අවහිර වන පරිදි ගේට්ටුවක් දමා අවහිර කර ඇත.

(ආ) එතැන් සිට ක`ඵගඟ දක්වා, ප‍්‍රවේශ මාර්ගය (රක්ෂිතයකි) අත්පත් කරගෙන තිබේ. මෙම කෙළවර ඉදිරිපිට කිරලගහ තොටුපල පිහිටි ස්ථානය මේ නීති විරෝධී ක‍්‍රියාවන් නිසා,

(1) ඵෙතිහාසික වැදගත්කමකින් යුතු කිරලගහ තෙටුපල පිහිටි ස්ථානයට යන රක්ෂිත පාර මහජනතාවට භාවිතය බලහත්කාරයෙන් වළක්වා තිබේ.

(2) මෙම ප‍්‍රවේශ මාර්ග අවහිරය නිසා කොස්පනාවත්ත පාරේ ගමන් කරන, වාහන හැරවීමට නොහැකිව පුද්ගලික වතුවලට ඇතුලූ කිරීම මගින් දෙපස නිවැසියන් බලවත් දුෂ්කරතාවන්ට මෙන්ම අනාරක්ෂිත තාවයන්ට මුහුණපෑමට සිදුව තිබේ.

මා ඉල්ලා සිටින්නේ,

නොපමාව, අනවසර ඉදිකිරීම් හා අනවසර අත්පත් කරගැනීම් ඉවත් කරවීමට පියවර ගන්නා ලෙසටය.

සැ.යු. මේ සම්බන්ධයෙන්, 2016.11.11 දාතමින් හා අංක: ක`ඵ/නස/03/01/අන.ඉ/78/2016 දරන ක`ඵතර නගර සභාවේ දැණුම් දීම මේ දක්වාම ක‍්‍රියාත්මක කර නොමැති බව ප‍්‍රකාශ කරමි. එම දැන්වීමේ ඡුායාස්ථ පිටපත මේ සමග අමුණා ඇත.

මෙයට,

අ.ක/එම්.එ්.ආර්. වීරක්කොඩි

පිටපත්: 01. ලේකම්, මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය
          02. අධ්‍යක්ෂ ජනරාල්, නාගරික සංවර්ධන අධිකාරිය
          03. කොමසාරිස් ජනරාල්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
          04. ලේකම්, ක`ඵතර නගර සභාව, ක`ඵතර 



02.  වීරක්කොඩි මහත්මිය ක`ඵතර දිස්ත‍්‍රික් පාරිසරික කමිටුවේ සියලූම සාමාජිකයන්ගේ අවධානය සඳහා ලියන ලද ලිපිය.

ක`ඵතර උතුර පරණ තොටුපල පාරේ සිට අලූත් ඇල (කැපූ ඇල)
දක්වා රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් ඉවත් නොකිරීම.

2017 අගෝස්තු මස 20 වන දින පැවති ක`ඵතර දිස්ත‍්‍රික් පාරිසරික කමිටුව මගින්, පසුගිය මහා ගංවතුර නිසා, සිදු වූ හා සිදුවන්නට ගිය හානියට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ ක`ඵගඟ ආශ‍්‍රිතව කර තිබෙන නීති විරෝධී අනවසර ඉදිකිරීම් බව නිගමනය විය. 

එ් අනුව එම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළ යුතුව තිබේ.

ක`ඵතර උතුර පරණ තොටුපල පාරේ සිට අලූත් ඇල හෙවත් කැපූ ඇල දක්වා වූ රක්ෂිතයේ,

(1* ඉන්දික පේ‍්‍රමලාල් හා ඉනෝකා ඉහළගම  යන අය විසින් ඉදි කර තිබෙන පැනෝරාමා හෝටල් සංකීරණයේ බැමි හා තාප්ප,

(2* ජේ. කරුණාරත්න යන අය පදිංචි නිවස,

මේ දක්වාම ඉවත් කිරීමට පියවර ගෙන නොමැත.

මෙම කමිටු රැුස්වීමෙන් පසුව, රජයේ මිනින්දෝරුවරයා විසින් ගඟ රක්ෂිතයට අදාල කොටසක් පමණක් මැන තිබේ.

එනම්, කොස්පනාවත්ත පාවුල වෙල්කැටිය යන වත්තේ සිට, ගොවිජන සේවා ඇල දක්වා පමණි. නියමිත පරිදි පරණ තොටුපල දක්වාම මිණුම් කටයුතු කළයුතුව තිබේ.

මේ කරුණු පිළිබඳව විධිමත් සොයා බැලීමක් කර සියලූ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමි.

විධිමත් පරීක්ෂණයකදී සියලූ තොරතුරු ලබා දීමට මා සූදානම් බවද ප‍්‍රකාශ කරමි.

මෙයට,  

අ.ක/ එම්.එ්.ආර්. වීරක්කොඩි


No comments:

Post a Comment