Friday, September 22, 2017

පූජීත ගේ භාවනාවේ අනුහසින් අත් පා කඩයි..කුඩු හයිකෝට් දමයි..



බේරුවල බෝට්ටු හිමයෙකුගේ අනුහසින් ධීවර තරුණයෙකුව, ගෙදර දී අත්අඩංගුවට ගෙන, වධ දී, කුඩු මිළීග‍්‍රෑම් 2040 ක් ලඟ තබාගත් බවට - ව්‍යාජ චෝදනා දමා රක්ෂිත බන්ධණාගාරගත කරවා ඇත.

දැනට ක`ඵතර බන්ධනාගාරයේ සිටින, චමීර නැමැති 27 හැවිරිදි මෙම ධීවර තරුණයාව ශෛල්‍යකර්මයකට භාජනය කලයුතු බව වෛද්‍යවරු පවසා ඇත. එහෙත් වෛද්‍ය උපදෙස් නොසලකා හරිමින් බන්ධනාගාරය මේ දක්වා ඔහුව රොහල් ගත කර නොමැත.

මොහුගේ මව මංගලිකා මහත්මිය, තම පුතාට බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රමුඛ නිලධාරින් විසින් සිදුකල අපරාධය පිළීබඳව මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කර තිබේ. මානව හිමිකම් කොමිසමේ හදිසි ඇතුම් අංකයට දැනුම් දිමට ගත් උත්සහයද ව්‍යාර්තව තිබේ. ඇමතුම ගත් නිලධාරියා නමක්න නැති එකෙකි.

”යහපාලනය” යනු නීතිය මත පාලනයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කරන පොලිසිය බාර ඇමති හා අගමැතිට පොලිසිය පාලනය කිරීමට නොහැකිවීමට හේතුව, ඔවුන්ද දුෂණයේ කොටස් කරුවන් නිසා බව මනාව පැහැදිලි

මව මංගලිකා මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාව හා පාලිස්පති වෙත ලිඛිත පැමිණිලි දෙකක් කර ඇත. 

No comments:

Post a Comment