Sunday, January 5, 2014

1983 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ සිටි දෙමළ ජාතීකයින් සියයක් දවස් දෙකක් තුළ දී මරා දැමීම. අද වනතුරු වගකිව යුත්තන්ට විරුද්ධව ගත්තු ක්‍රියා මාර්ගයක් නොමැත. ඒක මාගේ බන්ධනාගාර ජීවිතය තුල දැකපු ඉතාම නිහීන, රටේ ඉතිහාසය වෙනස් කිරීමට හේතු වූ සිද්ධියක්.


නීතිය,පොලීසිය, උසාවිය හා යුක්තිය පැහැදිලිවම තේමාව කරගත්, 2013.12.29 දින ජනසංසදයේ පැවති කථිකාවට එක්වෙමින් ඉහත අදහස් පළ කළේ බන්ධනාගාර ජේලර්වරයෙකුව සිට පසුව ජේ ්‍යෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී වශයෙන් රජයේ සේවයෙන් විශ්‍රාම ගත් පී.වී.එස්. සේනාරත්න මහතාය. ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා,   
1983 දී, වැලිකඩ බන්ධනාගාරයේ රවා සිටියා, දෙමළ රැවියන්, එල්.ටී.ටී.ඊ. අය නොවෙයි මම හිතන්නේ ටෙලෝ සාමාජිකයින්.
1983 ජූලි කලබල වලින් දවස් 2 කට පස්සේ කුට්ටුමනී ඇතුලු  පනස් දෙනෙකු වැලිකඩ බන්ධනාගාරය තුල මැරුවා. පළමු වෙනි දවසෙන් නැවතුනේ නෑ. දෙවන දවසෙත් ඒ ආකාරයෙන්ම පනස් දෙනෙකු මැරුවා.
ප්‍රභාකරන් බිහිවෙන්න කලින් ටෙලෝ සංවිධානයේ නායකයාව සිටියේ කුට්ටුමනී. කුට්ටුමනී කියන පුද්ගලයා ප්‍රභාකරන් වගේ මෘග පුද්ගලයෙක් නෙවෙයි. ඉගෙන ගත්තු ඉංජිනේරුවරයෙක්. ඔහු බන්ධනාගාර ගත වෙලා හිටියේ සොරකම් සම්බන්ධයෙන්.
ඒ වන විට මැගසින් බන්ධනාගාරයේද දෙමළ රැවියන් රවලා හිටියා. මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ඔවුන් එක්කෙනෙක් වත් මරන්න නොදී හොින් ආරක්ෂා කළා. වැලිකඩ බන්ධනාගාරයේ ඒ සිද්ධිය, ඊට පස්සෙ ජන අරගලයට විශාල වශයෙන් බලපෑවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිම පරීක්ෂණයක් පැවැත්වූයේ නැහැ. අදාල වැරදිකරුවන්ට කිසිම දඩුවමක් දුන්නේ නැහැ. ඒක ‘ෂේප් කරලා යැව්වා. ඒක බන්ධනාගාරය තුළ සිදු වුනු කැරැල්ලක් කියලා ඒක සම්පූර්ණයෙන් මගහැරලා දැම්මා.
එය සංවිධානාත්මක අපරාධයක්. ඒ මගේ විශ්වාසය. පසුකාලීනව අප රටේ බලපාපු යුද්ධය සම්බන්ධයෙන් ඉතාමත් තදින්ම බලපෑවා. රජයක් වුනාම බන්ධනාගාර ගත කරන සියලුම රැවියන් ආරක්ෂා කිරීමට බැී සිටිනවා. නමුත් අද වෙනකොට සමාජයට සේවයක් කරන්න යයි කියාලා පිහිටුවලා තියන පොලීසිය, බන්ධනාගාරය, හමුදාව වැනි ආයතන තුලින් හා ඒ ආයතන නිසාම අපරාධ සිදුවන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.
අපි ඒ පිළිබව දැනුවත් වෙලා විමසීමක් නොකර සිටියොත් වෙන්නේ ඒ ආයතන වලින් තවදුරටත් අපරාධ සිද්ධ වීමයි. ඒ නිසා අපි දැනුවත් වෙලා ඔවුන් කරන වැරදි වලට, අපගේ විරෝධතාවය පල නොකළ හොත්, තවදුරටත් මේ ආකාරයට මෙවැනි සිදුවීම් අනිවාර්යයෙන්ම සිදුවෙන්න පුළුවන්.
අපි ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ වැඩ කරන කොට, කොළඹ අංක 02 උසාවියේ අත්දැකීම් ප්‍රකාශ කරන්න කැමතියි.
ප්‍රජා විශෝධනයට ඉදිරිපත් කරන වැරදිකරුවන් කිසිම දඩයක් ගෙවන්න බැරි සමාජයේ ඉතාමත්ම කොන්වෙච්ච පුද්ගලයන් තමයි මේකට ඉදිරිපත් වෙන්නේ.
ඔවුන්ගේ නඩුවල වාර්ථා ගන්න මොෂන් එකක් දැම්මොත් හොයා ගන්න බෑ කියලා අපි අපහසුතාවයට පත් කරනවා. මොකද මේ නඩු හොයන්න එයට සම්බන්ධ ආරච්චිලා කිසිම උත්සාහයක් ගන්නේ නෑ.
නීතිඥ මහත්වරු ඉදිරිපත්කරන අනෙකුත් නඩු වලට එවෙලේම හොයලා දෙනවා. මොකද ඔවුන් මාසයකට ගානක් මේ පුද්ගලයින්ට ගෙවනවා.

අපි ඉදිරිපත් කරන නඩු වලට කිසිම ගෙවීමක් කරන්නෙ නැති හින්දා අපි දැඩි අපහසුතාවයට පත් වුනා. පසුව අපි මහේස්ත්‍රාත් තුමාට කියලා අපිම රෙකෝඩ් රූම් එකට ගිහිල්ලා නඩුව හොයලා උසාවියට ඉදිරිපත් කරන එක තමයි කළේ.

No comments:

Post a Comment