Sunday, January 19, 2014

දරුවන්ට නැති සැප සුරතල් සතුන්ට.


සුරතල් සතුන්ට සහ වැඩිහිටියන්ට තිබෙන රැකවරණය දරුවන්ට නැති බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය ළමා කොමසාරිස් වරිය වන ඇට්කින්සන් මහත්මිය, ශාරීරික දඩුවම් පැමිණවීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය වෙනස් කළ යුතු බව පෙන්වා දෙයි.

දැනට ශාරීරික දඩුවම් කිරීම තහනම් වුවත්, පාරවල් නොසිටින ලෙසට පහරදීම අනුමත කරන බව පෙන්වා දෙයි.

පසුගිය වසරේ උතුරු ලන්ඩනයේ හටගත් කැරලි වලට හේතුව ශාරීරික දඩුවම් තහනම බවට මතයක් එරට මන්ත්‍රීවරයෙකු වන ඩේවිඩ් ලැම්මිගේ මතය විය.

මෙම මතය තරයේ ප්‍රතික්ෂේප කරන ළමා කොමසාරිස්වරිය සතුන්ට පහර දීම, වැඩිහිටියන්ට පහර දීම වැරදි නම්, දරුවන්ට පහර දීම හරි වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරයි.

පහර දීමට තිබෙන අයිතිය තහවුරු කිරීම මගින් විනය රැකිය හැකි බවට ගොඩ නගන තර්කය ඇය බැහැර කරයි.


ඇය ප්‍රකාශ කරන්නේ අතුල් පහරක් ගැහීම පවා තහනම් කළ යුතු බවයි.

No comments:

Post a Comment