Thursday, January 9, 2014

පිදෙල් ගෙන් පසුව - සමාජවාදයට good bye කියන්නට සැරසෙන කියුබාව.



හැටේ දශකයේ සිට ලොව ප්‍රබලයාටම අභීයෝග කරමින්, විශේෂයෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය අංශයේ ඇති දැවැන්ත සංවර්ධනයක් ඇති කල කියුබාව ආදර්ශයට ගත යුතු බව එදා "සමාජවාදීන්ගේ " යෝජනාව විය.

1959 විප්ලවයෙන් බලයට පැමිණි පිදෙල් කැස්ත්‍රෝ එතැන් පටන් දැඩි මර්ධනකාරී ප්‍රතිප්තතිය අනුග්‍රහය කරමින් සීමා පනවමින්, අනෙකුත් ක්ෂේත්‍රවල සංවර්ධනයට පිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් එරට කොමියුනිස්ට් පක්ෂය ගත් උත්සාහය අසාර්ථක විය.

සොවියට් දේශය ප්‍රමුඛ නැගෙනහිර යුරෝපයේ කඩා වැටීම සමග, ඒ තැන ගන්නට චීනය සම්පූර්ණයෙන් අසමත්වු අතර මුහුණ දීමට සිදුවු ආර්ථික දුෂ්කරථා වල බර ජනතාව පිටට පැටවින.

නායකත්වයෙන් ඉවත් වූ පිදෙල් කැස්ත්‍රෝ බලය ඔහුගේ සොහොයුරා වූ රාවුල් කැස්ත්‍රෝ ට බාර දුණි.
එදා පටන්, එතෙක් ගමන්ගත් "සමාජ වාදී" මග - වෙනස් කරන්නට, බලය රඳවා තබා ගනිමින්, හේ පියවර ගත්තේය.

පළමුව - තම රට ලෝකයාට විවෘත කිරීමට පියවර ගනිමින්, ක්‍රමානුකූලව "සමූපකාර" ආර්ථිකය, පුද්ගලික අංශයට මාරු කිරීම ආරම්භ කළේය. ආගමික නිදහසට ඉඩ හැරියේය.

ඉතා කෙටි කලකින් සංචාරක ව්‍යාපාරය දියුණු වූයේ, එරට ගෞරවනීය රැකියාවන් දෙකක් ලෙසට සලකනු ලැබූ ගුරුවෘතියෙන් හා වෛද්‍ය වෘතියෙන් ඉවත්වු දක්ෂ ගුරැවරු සහ වෛද්‍යවරු සංචාරක ව්‍යාපාරයට එක් වෙමින්ය.

තවදුරටත් අධ්‍යාපනය රජයේ පාලනයේ පවත්වාගෙන යෑමට නොහැකි වී ඇත. ඉතා උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන ගිය අධ්‍යාපන ආයතන පිරිහීමට ලක්වෙමින් පවතින අතර, එයට සමාන්තරව පුද්ගලික අධ්‍යාපන ආයතන ආරම්භ වීමට පටන් ගෙන තිබේ.

වසර 50ක් ක්‍රියාත්මක වූ- කැස්ත්‍රෝ පාලනය යටතේ අලුත් කාර් ගෙන්වීම තහනම් විය. අදටත් කියුබාවේ දැකිය හැක්කේ - පාරෙන් ඉවත් කරන ලද - ඇමෙරිකානු කාර්ය, වෑන්ය, බස්ය.

එම තහනමද ඉවත් කල කියුබාව ඉතා පසුගාමී තත්වයක පවතින මගී ප්‍රවාහන සේවය - නවීන කාරණයට පියවර ගෙන තිබේ. මෙම වාතාවරණය යටතේ, කියුබාවේ සාමාන්‍ය ජනතාව, රජය විවේචනයට නොබියව ඉදිරිපත්ව ඇත.

කියුබාවේ විදේශ ප්‍රතිප්තියද සමාගාමිව වෙනස් කරමින් සිටියද මුඵ ලතින් ඇමෙරිකාවම හා එක්වඇමෙරිකානු ආධිපත්‍යය අභීයෝග කරන්නට කියුබානු ආදර්ශයේ වෙනසක් නැත. මෙම විදේශ ප්‍රතිපත්තිය - අගය නොකරන, කිසිදු රාජ්‍යයක් නැති තරම්ය. මෙය මනාව පැහැදිලි වූයේ - අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා ගේ අවමංගල්‍ය යේදීය. එහිදී කියුබාවට හිමි වූයේ ඇමෙරිකාවට නොදෙවෙනි ස්ථානයකි.

මේ වනවිට චිනය අනුගමනය කරමින් කොමියුනිස්ට පක්ෂයේ පාලනය යටතේ, ධනේශ්වර සංවර්ධනයට කියුබාව උත්සහය ගනිමින් සිටි.

No comments:

Post a Comment