Sunday, January 19, 2014

ස්ත්‍රී දූෂකයින් - මස් මාළු කන්නේ නැති අයලු.


ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ වලට, ප්‍රචන්ඩ ක්‍රියාවන්ට වගකිව යුත්තේ නිර්මාංශ කාරයින්. මේ බව ප්‍රකාශ කරන්නේ පසුගිය දා ඉන්දියාවෙන් නෙරපා හරින ලද ඇමෙරිකානු තානාපති නිලධාරී වොන් මේ ගේ බිරිඳ වන ඇලීසා මුලර්ය.

ඉන්දියානු ජන ජීවිතය නිරන්තරයෙන් පහත් කොට සැලකූ මෙම යුවල, තම නිවසේ බල්ලාට, ගෙවතු වගාව බාර ඉන්දියානු ජාතිකයාට වඩා ප්‍රෝටීන් සහිත පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන බව වරක් කියා සිටියේය.

ඉන්දියාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර හට ගෙන තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දුරදිග යමින්, එකට එක කිරීමේ ප්‍රතිපත්තියේ පිහිටා සිටින ඉන්දීය රජය, ඇමරිකා එක්සත් ජනපදයේ දි තම තානාපති නිලධාරිනියකට අඩම්තේට්ටම් කිරීමට එරෙහිව ගනු ලබන පියවරයන්හි එක් පියවරකි, වේන් මේ හා ඇලිසා මුලර් යුවල රටින් පන්නා දැමීම.
මෙයට පෙර නවදිල්ලිය ඇතුලු අනෙකුත් ප්‍රන්තවල ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලවලට දි තිබු ආරක්ෂාව ඉවත් කල අතර, තානාපති නිලධාරින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබා දි තිබු හැඳුනුම් පත් ආපසු ලබා ගත්තේය. එයින් අනතුරුව එරට රථවාහන නීති ඇමෙරිකානුවන්ට අකුරටම ක්‍රියාත්මක කිරිමටද, ගෘහණියන් ලෙසට විසා ලබාගෙන ඉනිදියාවට පැමිණ රැකියා වල නිරතව සිටින ඇමෙරිකානු තනාපති නිලධාරින්ගේ බිරින්දැවරන්ට එරෙහිව විසා නිති උල්ලංඝණය යටතේ පියවර ගැනිමද ආරම්භ කර තිබේ. ඒ රටට පැමිණි අමෙරිකානු දුත පිරිස හමුවීම වර්ජනය කරන ලදි.

ඉන්දියානු තනාපති නිලධාරිනියක්වු  Devyani Khobragade විසා වංචාවක් කළායැයි ෙචාදනා කරමින් අත්අඩංගුවට ෙගන මාංචු දමා රැෙගන යෑම හා නිරුවත් කර ෙසාදිසි කිරිම ගැන කිපුනු ඉන්දීය රජය අැයව ඒක්සත් ජාතීන්ෙග් ඉන්දිය නිෙයා්ජිත උසස්වීමක් සහිතව මාරු තානාපති වරප්‍රසාද යටෙත් සිය රටට ෙගන්වා ගන්නා ලදි.


ෙමම සිද්ධිය ෙදරට අතර තානාපති අර්බුදයකට වර්ධනය වී තිෙබ්.

1 comment:

  1. මෙය ඉන්දියානු ලිපියක පරිවර්තනයක්ද?
    1 එම යුවල කියා ඇත්තේ මාංශ ආහාර ගැනීම නොගැනීම ගැන ගැටලුවක්.
    2 එම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය නිරුවත් කර පරීක්ෂා කළ බවට සාක්ෂි නැත.

    ReplyDelete