Wednesday, January 22, 2014

එංගලන්තය කුණාටු ගංවතුර ! දේව කෝප වෙලාලු.



පසුගිය නත්තල් සමයේ උතුරු ප්‍රෙදේශයට බරපතල හානි ගෙනදුන් කුණාටු හා ගංවතුර දෙවියන් කෝප වීම නිසා බව -   ප්‍රකාශ කළ මංත්‍රීවරයාගේ පාක්ෂිකත්වය තහනම් කිරීමට එක්සත් රාජධානි නිදහස් පක්ෂය-UKIP- පියවර ගත්තේය.
පාලක කොන්සර්වේටිව් පාක්ෂිකයෙකුව සිටි ඩේවිස් සිල්වෙස්ටර් නම් මොහු, අගමැති ඩේවිස් කැමරන් විසින් එරට සමලිංගික විවාහ නීතිගත කිරීමට ගත් පියවර දැඩි ලෙස විරුද්ධ වූවෙකි.
කොන්සර්වේටිව් පක්ෂයෙන් ඉවත්ව එංගලන්තයේ  UKIP  පක්ෂයට එක්වූවාට පසුවද,  පක්ෂ තීරණයන්ට පටහැනිව  ගල් යුගයේ මත ප්‍රකාශ කරන්නට පටන් ගත් අයෙකි.
පසුගිය නත්තල් සමයේ උතුරු එංගලන්තයට දැඩි හානි පැමිණ වූ හිම කුණාටු හා ගංවතුර, දෙවියන්ට එරෙහි වෙමින් සමලිංගික විවාහ නීතිගත කිරීම නිසා කෝප වු දෙවියන් ගේ ප්‍රකාශ කිරීමක් ලෙසට හේ හුන්වනු ලැබීය.
කිතු දහමේ  ශුභාරංචිය ට එරෙහිවීමේ ප්‍රතිඵලයක් ලෙසට එම ස්වාභාවික විපත අර්ථ දැක්වු ඔහු බයිබලය උපුටා දක්වමින් සර්ව බලධාරී දෙවියන්ට එරෙහිවූ කොතරම් බලවත් මිනිසෙකුට වුවද දඩුවම් නොලබා සිටිය නොහැකි බව පෙන්වා දී තිබිණ.
(“no man or men, however powerful, can mess with Almighty God with impunity and get away with it” and that “a Christian nation that abandons its faith and acts contrary to the Gospel will be beset by natural disasters.” )
මෙම ගල් යුගයේ මත ප්‍රකාශ කරන්නට පක්ෂය තුළ ඉඩ නැති බව ප්‍රකාශ කළ   UKIP පක්ෂය -  පක්ෂයේ ශාපය දෙවියන්ගේ ශාපයට වඩා බලවත් බව ක්‍රිරියාවෙන් ඔප්පු කර පෙන්වූයේ ඩේවිඩ් සිල්වෙස්ටර් ගේ පාක්ෂිකත්වය තහනම් කරමින්ය.

No comments:

Post a Comment