Sunday, January 5, 2014

අපි මේ ප්‍රකාශනයේ තියෙන කරුණු කතා කරන්න ඕන. එවිට අපේ දරුවන් ඉගෙන ගනීවී පොලීසිය එක්ක, උසාවිය එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා.


මාධ්‍ය‍ වේදී ජයසිරි අලවත්ත ඉහත ප්‍රකාශය කළේ  2013.12.29 පැවති නීතිය, උසාවිය පොලීසිය හා යුක්තිය පසිලීම ප්‍රකාශනය මූලික කරගෙන පැවති කතිකාවේදීය.
ඒ මහතා. තවදුරටත් අදහස් පල කරමින් ...........
අපි දැන‍් දන්නවා නහය මට්ටමින් ඉහළට වතුර ගිහිල්ලා , මේ ජල මට්ටම ගෙල මට්ටමටවත් පහත දා ගන්න මේ එළඹෙන මැතිවරණයේ දී මේ දූෂිතයින් එළවන්න ඕන. අඩු ගානේ ජල මට්ටම ගෙල දක්වා වත් පහළ දාගන්නට එලෙව්වා යයි කියවෙපු  ඒ ගොල්ලො ඇවිල්ලා කරන්නෙත් ඒ දේමයි. මේ වන තෙක් වුනේ ඒකයි. අපි වරින් වර ඒ දේ කළා.
ඒ තුළ සිද්ධ වුනේ ජනතාව අවබෝධය ලබා ගන්න එක ක්‍රම ක්‍රමයෙන් පහුවෙන එක. ඒ නිසා අපි කරන්න ඕනි - මේ ජනසංසදය කරලා තියන පොත, ඔබ කියවලා පසෙක තබන එක නෙවෙයි. එහෙම වුනොත් අප බලාපොරොත්තු වන දේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. මෙහි කරුණු සමාජය අතරට ගෙනියන්න ඕන. කොහොමද ගෙනියන්නේ -  ප්‍රශ්නයක් තියෙනවා. එතනදී අපි කරන්න ඕනි හැම වෙලාවෙම, අපි කතා කරන ‍කොට කියන්න ඕනි, පොලීසියට ගිහිල්ලා ඔය දේ ඔහොම කරන්න එපා. මේ විදියට තමයි පොලීසිය එක්ක කටයුතු කරන්න ඕන කියලා. ඒ වාගේම නීතිඥයෝ එක්ක, උසාවිය එක්ක කටයුතු කරන්න ඕන මෙහෙමයි කියලා. කියන්න ඕන.

එය නිතරම කියන්න ඕන. මෙහිදී, දුප්පත්, පොහොසත්, උගත් නූගත්, බුද්ධිමත් බේදයකින් තොරව මේ දැනුම ලබාදෙන්න ඕන. බුද්ධිමත් අය වුනත් පොලීසිය එක්ක, උසාවිය එක්ක වැඩ කරන හැටි දන්නෙ නෑ. මේ පොත හා මීට පෙර පල කළ පොතද ධාරණය කරගෙන, ඒ දැනුවත්වීම් කරන්න. එහෙම කළොත් අපේ දරුවන් ඉගෙන ගනීවි කොහොමද පොලීසිය එක්ක, උසාවිය එක්ක වැඩ කරන්නේ කියලා.  

No comments:

Post a Comment