Friday, January 3, 2014

රථ වාහන නීති උල්ලංඝණයකට අත්අඩංගුවට ගෙන අධිකරණයට මොවුන් දෙන්නාව ඉදිරිපත් කරන්නේ ‘‘ගංජා’’ ලඟ තබා ගැනීමේ චොදනාව යටතේ.



උඹලාට අපි ක්‍ත්‍ඛ බල්බ් ව්‍යාපාරය කරගෙන යන්න ඉඩ තියන්නේ නෑ. යටවත්ත පොලීසිය මෙසේ කියන්නේ නීතියානුකුලව දහඩිය මහන්සියෙන් තමන්ද තම පවුල්ද පොෂණය කිරිමට මාතලේ දිස්ත‍්‍රික්කයේ දුෂ්කර ගම්මානවලට ගොස් ක්‍ත්‍ඛ බල්බ් හඳුන්වා දෙමින් ජිවත්වන්නට උත්සහා ගන්නා තරුණයින් පිරිසකටය.

විසි හය හැවරිදි නන්දික ඇල්ලෙපොල, තමන් හා තම සගයින් විසින් වාරික ක‍්‍රමයට අලෙවි කරන ලද බල්බ් වල මුදල් එකතු කර තම සහයක අසංක තිලකරත්න සමග නිවෙස බලා යතුරු පැදියෙන් එන අතර මග තරමක් පාලූ තැනක නැවැත්වුයේ සහයකයාගේ ස්වාභාවික අවශ්‍යතාවයකටය.

එසේ නවත් වගෙන සිටින විට එතැනට යතුරු පැදියෙන් පැමිණි යටවත්ත පොලීසියේ උ.පො.ප. වික‍්‍රමරත්න හා එම පොලීසියේ  සැරයන් 2885 වසන්ත කුණුහරප කියමින් ඔවුන් ගමන් ගත් යතුරු පැදියේ බලපත‍්‍ර පරික්ෂාකරන ලදි.යතුරු පැදිය පැදවු නන්දික ඇල්ලෙපොල ට තිබුනේ ‘‘ ලනර්ස් පර්මට්’’ එකකි. එම වැරැුද්දට ඔවුන් දෙන්නාව අත් අඩංගුවට ගෙන, දුරකථන පණිවුඩයක් දී ජිප්රථය ගෙන්වා ගෙන නන්දික ඇල්ලෙපොලව සහ අසංක තිලකරත්නව යටවත්ත පොලීසියට ගෙන යන ලදි.

රථ වාහන නීති උල්ලංඝණයකට අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ගොස් මු`ථ රැුයම පොලීසියේ රඳවා තබාගෙන සිට පසු දින මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට මොවුන් දෙන්නාව ඉදිරිපත් කරන්නේ ‘‘ගංජා’’ ලඟ තබා ගැනීමේ චොදනාව යටතේය.
දෙදෙනාට එකම අවස්ථාවේ, එනම් එකම තැන, එකට සිටියදී අත්අඩංගුවට ගෙන නන්දිකට, නඩු අංක 17422 යටතේ ගංජා මි. ග‍්‍රෑම් 790 වක් සහ අසංක තිලකරත්නට, 17423 අංකය යටතේ ගංජා මි. ග‍්‍රෑම් 693 වක් ලඟ තබා ගැනිම යන චොදනාව යටතේ නඩු පවරා තිබේ.  

මොවන් දෙන්නාම අධිකරණයේදි චොදනා ප‍්‍රතික්ෂේප කර තිබේ. මෙවන් චොදනාවලට වරදකරු බව පිළිගෙන දඩය ගේවා නිදහස් වීමේ පවතින පිළිගත් සම්ප‍්‍රදාය මෙම තරුණයින් දෙන්නා බිඳ හෙලා තිබේ. ඔවුන්, මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, නීති පතිගෙන් සහ පෙලිස්පති ගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ, 2013.10.04 වන දින රථවාහන නීති උල්ලංඝණය කිරිමේ වැරැුද්දකට අත්අඩංගුවට ගෙන, යටවත්ත පොලිස් ස්ථානයට ගෙනවිත්, නීති විරෝධීව රඳවා තබාගෙන ගංජා තබා ගත් බවට ව්‍යාජ චෝදනාවක් මත නඩු පවරා ඔවුන්ගේ මුලික අයිතීන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් යටවත්ත පොලිස්ථානයේ, රථවාහන අංශයේ උ.පො.ප. (වැඩ බලන* වික‍්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා මෙම ව්‍යාජ චෝදනා නැගීම පිළිබ`දව පොලිස් මූලස්ථානය මගින් පරීක්ෂණයක් පවත්වන ලෙසටය. තවද මෙම බොරු නඩුව ඉවත් කරන ලෙසට නීතිපති ගෙන් ඉල්ලා සිටි.

No comments:

Post a Comment