Thursday, January 30, 2014

ජනපති - පොලිස් බලතල එකට එක්කොට කෙළින්නට හදයි අන්සතු ඉඩම් වලට.



‘කඩයප්පන්’ සාදා, විකුණනා පස් දෙනෙකු ගේ බඩ ගිනි නිවන, 54 හැවරිදි කුසුමාවත හා පවුල, වසර හැකට ආසන්න කාලයක් නිරවුල්ව භුක්ති විඳිමින් එන නිවස හා ඉඩමෙන් පන්නා දැමීමට  දෙපිරිසක් දරන වෙර පිළිබඳ කථා වකි මේ.
ඇය බුලත්සිංහල, අමරගෙදර පදිංචි කාරයකි. ඇය පවසන අන්දමට ඞී.එන්.කේ. ජයසුන්දර හා ආර්.ජයසේන අසල්වැසියන් ය. 2013.05.18 දින, ඩි.එන්.කේ.ජයසුන්දර ඔහුගේ සොහොයුරෙකු වන කපිල කුමාර ජයසුන්දර ඇතුලූ විසි දෙනෙකු පැමිණ, තමන්ට හිමි ඉඩමෙන් හා නිවසින් ඇය ඇතුලූ පවුලේ සාමාජිකයින් පන්නා දමා නිවස කඩාදමා, කම්බි ගැසීමට උත්සාහ දරණ ලදි. නමුත් පොලිසිය මැදිහත්ව, එම ක‍්‍රියාව නවත්වනු ලැබීය.

එයින් අනතුරුව ඞී.එන්.කේ. ජයසුන්දර ගේ බිරිඳ වන දවල පුෂ්පා සහා ආර්. ජයසේන ඇයට හා ඇගේ ගේ පවුලේ සාමාජිකයින්ට නිරන්තරයෙන් බැණ වදිමින්, අපහාස කරමින්, දැඩි පීඩාවට පත් කරනු ලබයි. ආර්.ජයසේන ?ට බිමතිව පැමිණ කුණු හරප කියමින් බැන වදියි. මේ අවස්ථා වල පොලීසියට පැමිණිලි කලද කිසිදු නීතිමය ක‍්‍රියා මාර්ගයක් ගැනීමට පොලීසිය ඉදිරි පත් නොවේ.

ඇය මේ පිළිබඳව පොලිස්පති වරයාට ලිඛිතව පැමිණිලි කරමින්, පොලීසිය ක‍්‍රියාත්මක නොවීම ගැන මේසේ සඳහන් කරයි.
‘‘ මෙයට එකම හේතුව. ඞී.එන්.කේ.ජයසුන්දර, දවල පුෂ්පාගේ සැමියා, ජනාධිපති ආරක්ෂක අංශයේ රියදුරෙකු වශයෙන් කටයුතු කරන නිසා බව ප‍්‍රකාශ කරමි.මන්ද යම් පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවල, කොතැනකින් හෝ ලැබෙන දුරකථන පණිවුඩයකින් ‘පරීක්ෂණ’ කටයුතු වහා අවසන් කිරිමට බුලත්සිංහල පොලීසිය ක‍්‍රියා කරනු ලබන හෙයිනිි.

එම බලතල උපයෝගි කරගෙන් 1952 සිට මාගේ පියා ආරම්භ කර, ඉන්පසුව මා විසින්, ඔවුන්ගේ ඇවෑමෙන් පසුව මා විසින් අඛණ්ඩව පදිංචිව සිටින නිවස, ”අනවසර ඉදි කිරීමක් ” ලෙසට කඩා දැම්මට දරන උත්සාහයයි.
එ් පිළීබඳව ජනාධීපති කාර්යාලයෙන් ප‍්‍රාදේශීය සභාවට උපදෙස් ලැබී තිබෙන බව ප‍්‍රකාශ කරන්නේ බලවත් කණගාටුවෙනි.

ජනාධීපති සහකාර ලේකම් ගේ අංක ක්‍ීරැු01රැු17රැු21රැු270087 දරන ලිපියට බුලත්සිංහල ප‍්‍රාදේශීය සභාවේ ලේකම් ගේ අංක බුල/ප‍්‍රාස/බී10/අ.ග.ඉ හා 2013.06.26 දාතමින් යවා ඇති පිළිතරු ලිපියෙන් එ් බව මනාව තහවුරු වේ.
දිනපතාම, බීමත්ව පැමිණ, අසභ්‍ය වචන කියමින්, බැණ තර්ජණය කරන ආර්.ජයසේන නැමැත්තාගේ ක‍්‍රියාව, එ් අවස්ථාවේදීම, 119 පොලිස් හදිසි ඇමතුමට දැනුම් දුන්නත් පොලිසිය පැමිණෙන්නේ නැත.

ආර්.ජයසේන නැමැත්තා බීමත්ව අසභ්‍ය වචන කියමින් බැන තර්ජණය කරන විට, නිරන්තරයෙන් ප‍්‍රකාශ කරන්නේ, තමාව ‘‘බිමත්ව කරන ලද වැරදි’’ වලට බුලත්සිංහල පොලිසියෙන් අල්ලන්නේ නැති බවයි.එයට හේතුව වශයෙන් ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නේ තමා ‘මීවනපලානේ’ බවත්, බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ගුණරත්න ද මීවනපලානේ බවත්, නෑ කමට ඔහු අයියා වන බවත්ය.”” එක් පැත්තකින්, අ* ජනාධිපතිවරයාගේ බල තල උපයෝගී කරගෙන, ආ* අනෙක් පැත්තෙන් බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ බල තල උපයෝගී කරගෙන,නීතියෙන් හිමිව තිබෙන දේපල මංකොල්ලා කෑමේ අරමුණ ඇතිව සිදුකරන නීති විරෝධී ක‍්‍රීයාවන් නැවැත්වීමට හා එම නීති විරෝධී ක‍්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රීයාත්මක නොකිරීම පිළිබඳව, මැදිහත් වන ලෙසට සහා ඉහත සඳහන් දවල පුෂ්පා නැමැත්තියටද,ආර්.ජයසේන නැමැත්තාට ද එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසටයි.” යනු වෙන් සඳහන් ඇය සිය පැමිණිල්ල අවසන් කරයි කරයි.ඇය පොලිස්පති අමත ලද ලිපියේ පිට පතක් ජනාධිපති වරයා වෙත ද යවා තිබේ.

No comments:

Post a Comment