Sunday, January 26, 2014

අහිංසකයෙකුව වරදකරු කළ නිතිඥවරිය ගැන නීතිඥ සංගමය No කථා.


මා ගේ දැනීමේ හැටියටඅධිකරණය ඉදිරියේ සේවාදායකයෙකු ගේ උපදෙස් නොමැතිව පෙනී සිටී ම වරදකි. එසේ උපදෙස් නොමැතිව පෙනී සිටඑම පුද්ගලයාව (චුදිතව) වරද කරුවකු කිරිම එක් අතකට වංචාවකිඅනෙක් අතට බර පතල අපරාධයකි.
මේ බව ප‍්‍රකාශ කරන්නේ තමා ගේ උපදෙස් නැතිවතමාට විරුද්ධව නගා තිබු ‘‘බොරු චොදනා” නඩුවකට ඉදිරිපත්වතම වරදකරු බව පිළිගන්නා බව අධිකරණය ඉදිරියේ කියා පාන ලද නීතිඥවරියට එරෙහි කරන ලද පැමිණිල්ල ගැන පිළිතුරක් නොදි සිටින නිතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය අමතමින්ය. 
මැතක දී වසා දමන ලද බම්බලපිටියේ සුපිරි රාත‍්‍රි අවනිහලක් වු හොට ස්පොට්” හි සූපවේදියා වු පත්මසිරි ප‍්‍රනාන්දු අත් අඩංගුවට ගෙන බම්බලපිටිය පොලීසියට රැුගෙන ගොස් තිත්ත කුණුහරප කියමින් බැන වැදි අපවිත්ත‍්‍ර ජලය” මහා පාරට මුදා හල බවට චොදනා කරමින් නඩු පැවරිය.
මෙය අවන්හලේ අයිතිකරුවු කාරියවසම් නැමැති අයට පැවරිය යුතු නඩුව” කි. බම්බලපිටිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකගේ උපදෙස් මත ‘‘ අයිතිකරුවු කාරියවසම්’’ වෙනුවට සුපවේදියාව ආදේශ කරමෙම අවන්හල අපවිත‍්‍ර ජලය මහ මගට මුදාහරින බවට පැමිණිලි කරන ලද නියොජ්‍ය පොලිස්පති වරයෙකු තෘප්තිමත් කිරිමටය.
බම්බලපිටිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකගේ ‘‘රැවුලයි කැඳයි’’ බේරා ගැනීමේ දුෂිත පිළිවෙත සාර්ථක කර ගන්නට නොහැකි බව පෙනී ගියේ පත්මසිරි ‘‘වරද’’ පිළි ගන්නට සුදානම් නැති බව පෙනීගිය විටය.
මෙම තත්වය යටතේ අයිතිකරුවු කාරියවසම්ට තමාත් බේරිතමාව ෙබිරා ගැනීමට ඉදිරි පත්වු බම්බලපිටිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවත් බේරා ගැනිම ට සිදුවිය. එ් සඳහා ඔහුබැංකු සේවිකාවක්වු තම නීතිඥ බිරිඳවන නිමාලි කාරියවසම් ව යෙදවිය. වාර්තා වන අන්දමට ඇය රැුකියාව කරන්නේ ්‍යීඊක්‍ බැංකු වේය.
මෙම පසුබිම යටතේ වුව තම සැමියාව හා බම්බලපිටිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකව බේරා අධිකරණයට ඉදිරිපත්වතමා පත්මසිරි වෙනුවෙන් පෙනී සිටින බව පවසා ඔහු ‘‘පත්මසිරි’’ වරද පිළිගන්නා බව අධිකරණයට පවැසිය.
ශ‍්‍රි ලංකාවේ පවතින අධිකරණ සම්ප‍්‍රදාය අනුව විනිසුරු ‘‘චුදිතට’’ තමන් නිර්දෝශිදඑසේ නැති නම් වරද පිළිගන්නවාද කියන්නට ඉඩක් දෙන්නේ නැත.
පත්මසිරි ගේ නිතිඥවරිය ලෙසට වංක ලෙසට ඉදිරි පත්වු නිතිඥ නිමාලි කාරියවසම් ජය ගත්තේය. පත්මසිරට රු:-1000/ක දඩයක් නියම කෙරින. වහා ක‍්‍රියාත්මකවු  අයිතිකරුවු කාරියවසම් වහාම දඩය ගෙවීය. පත්මසිරි සදහටම මහ මගට අපිවිත‍්‍ර ජලය මුදා හැරිය ‘‘සමාජ විරෝධ්යකු’’ ලෙසට ‘‘සම්මානය’’ හිමි කර ගත්තේය.
ගරුත්වයක් ඇතිපත්මසිරි අනුන්ගේ පව් කර ගසන්නට සුදානම් නොවීය.
සුපිරි ධනවතෙක් වු කාරියවසම්ඔහු ගේ බිරිඳ නිතිඥ නිමාලි කාරියවසම් ඔනෑම නීච වැඩක් කරන්නට සුදානම් වුවද පත්මසිරි සුදානම් නැති බව මේ වන විටත් ක‍්‍රියාවෙන් පෙන්නා දි තිබේ.
මේ වන විට ශ‍්‍රී ලංකාවේ නිතියේ ආධිපත්‍ය ගැන බොහෝ දෙනා උනන්දු වෙති. එ් අතර ශ‍්‍රි ලංකාව් නිතිඥ සංගමයද වෙයි. මැතකදි තම සංවිධානයට  ‘‘ශ‍්‍රී ලංකාවේ නිතියේ ආධිපත්‍ය’’ ස්ථාපිත කිරිමටඇමේරිකාවේ විදේශ ප‍්‍රතිපත්තියට සහයෝගය ලබා ගැනීමේ ඉලක්කය ඇතිව ආධාර ප‍්‍රධානය කරනඇමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියද විශාල ප‍්‍රධානයක් (US.AID) සිදු කළ බව සඳහන් වේ.
මෙම පසුබිම යටතේ පත්මසිරි මෑතකදි නිතිඥ සංගමයේ සභාපති අමතමින් ලියන ලද ලිපියෙන් කරුණු දෙකක් ගැන විමිසා සිටි. ඔහුගේ වචන වලින් එ් මෙසේය.
‘‘ ඔබ මාගේ ලිපි වලට පිළිතරු නොදි නිහඬ තාවයකින් පසු වන්නේමෙම නීතිඥවරියදැනට ්‍යීඊක්‍ බැංකුවේ නීති නිලධාරිනියක් ලෙසට රැුකියාව කරනනිතිඥ නිමාලි කාරියවසම් මිය සිදු කළ මෙම ක‍්‍රියාව
(1) වෘතිය ආචාර ධර්ම වලට එකඟ නිසාද ?
(2) මෙම කාරණය ඔබ සභාපති ත්වය දරන ශ‍්‍රි ලංකා නිතිඥ සංගමය මේ දින යන්හි මහා හඬින් කථා කරන නීතියේ ආධිපත්‍යය” ට ගැනෙන කරුණක් නොවන නිසාද? ”
සටහන:-

පත්මසිරි මුහණදි තිබෙන මෙම අවසනාවන්ත තත්වය හුදකලා වුවක් නොවේ. මෙම ප‍්‍රශණයට මුහුණ දෙන පිරිස මෙ පමණයි කිව නොහැක. ඔවුන් දුප්පතුන්ය. 

No comments:

Post a Comment