Tuesday, January 14, 2014

ගහපු එවුන් මහත්වරු!! ගුටි කාපු එකා හු....පුතෙක්!!! කැ... යෙක්!!!!



හය දෙනෙකුගේ මැර ප‍්‍රහාරයට ලක්ව සරණ පතා පානදුර දකුණ පොලීසියටපැමිණි පුද්ගලයෙකුව අත්ඩංගුවට ගෙන කුඩුවට දැමු පානදුර දකුණ පොලීසිය,මැරවරයින්ව අත් අඩංගුවට ගන්නයයි පොලිස් අධිකාරිගේ වාචික නියෝගයද නොසලකා හැරියේය.

මැර ප‍්‍රහාරයට ලක්වු තිදරු පියෙක් වන තිස් නව හැවරිදි අසේල සපරමාදුසිද්ධිය සම්බන්දව  පොලිස්පති සහා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘ 2014.01.04 දින - මා ව්‍යාපාරික කටයුත්තක් සඳහා මාගේ සොහායුරා වූ දිල්හාන් සපරමාදු සමගයතුරු පැදියෙන් නිවෙස බලා යමින් සිටියා. නිවසට ඉතා අසාන්නව සිටියදීපිටුපසින් පැමිණි ත‍්‍රී රෝද රථය පටවා තිබූ පුටුවල කකුල් මගේ ඇෙඟ් වැදුනා. මා වැටෙන්නට ගිය අතරඔහොමද පාරේ යන්නේ කියා අසාමා වත්තට ඇතු`ඵ වුනා.

එ් සමගම ත‍්‍රී රෝද රථයේ සිටි දෙන්නා බැස වත්තට කුණූ හරප කියාගෙන ආවා. ත‍්‍රී රෝද රථය පැදවූ දුෂාන්ත නවරත්න සිල්වාඑ් අතරම එතැනින් ඉස්සරහාට ගිය මෝටර් රථයකට අත්පුඩි ගසා නැවැත්වූවා. එම රථයෙන් හතරදෙනෙකු බැහැලා ආවා. ඔවුන් සිය`ඵ දෙනාමමා වටකරගෙන අතින් පයින් පහර දුන්නා. එ් අතර මගේ පියා මා බේරාගන්න ආවා. මගේ බිරිඳපුතා ආවා. මාව බිම වැටුනා. ඔවුන් මටත්. මගේ බිරිඳටත් පුතාටත් පහර දුන්නා. ඔවුන් පහර දුන්නේ අතින් පයින් හා ත‍්‍රී රෝද රථයේ බීඩින් පටි වලින්.’’

සිද්ධිය 119 ට කථා කර දැනුම් දුන්න විට පැමිණි පොලිස් නිලධාරීන් දෙන්නා විස්තර විමසා පහරදුන් අයගේ නිවෙසද පහර දුන් අයවද අසේලගෙ බිරිඳ හා පුතා සමග ගොස් දැක බලාගෙන තිබේ. එයින් අනතුරරුව හිරණ පොලිසියේ ජිප් රථයෙන් ඔවුන්ව එනම් අසේලවබිරිඳවපුතාව හා සිද්ධිය දුටු අසල් වැසි කාන්තාවක් පානදුර දකුණ පොලීසියට ගෙනවිත් තිබේ.

පානදුර දකුණ පොලීසියට පැමිණි ඔවුන්ට මුහණපාන්නට සිදුවු දේ අසේල සිය පැමිණිල්ලේ
මෙසේ සඳහන් කර තිබේ.

‘‘අප පොලිසියට පැමිණෙන විටඅපට පහර දුන්නදුෂාන්ත නවරත්න සිල්වාජයන්ත නවරත්න සිල්වාලලිත් නවරත්න සිල්වා හා දුෂාන්ත නවරත්න සිල්වා ගේ බිරිඳ සුද්දී සිටියා. ඔවුන් ස්ථානාධිපති මහේෂ් පෙරේරා සමග කථා කරමින් සිටියා.

පොලිස් ස්ථානාධිපති මහේෂ් පෙරේරා මාව හා සොහොයුරාව පෙන්වා මුන්ව කූඩුවට දාන්න කියා - එහි සිටි නිලධාරීන්ට කිව්වා.

මාව හා සොහොයුරාව- කූඩුවට දැම්මා. මගෙන් කිසිම දෙයක් විමසුවේ නැහැ. කූඩුවේදී මගේ ජංගම දුරකථනය නිළධාරියෙක් උදුරා ගත්තා. එහි අංකය 0725427883වේ. දුරකථනය ාද යන වර්ගයේ සුදු පැහැති ජංගම දුරකථනයකි.

එහි වටිනාකම රු: 2900/=කි එම දුරකථනයේ තොරතුරු මා සතුව තිබේ. රාත‍්‍රී 9.30 පමණසැරයන් උදය හා තවත් නිලධාරියෙකු මාව කූඩුවෙන් එළියට ගෙන,පානදුර මූලික රෝහලට ගෙන ගියා. ගෙන ගියේ පයින්. එහිදී මාව වෛද්‍යවරයෙකු ඉදිරියට ඉදිරිපත් කලා.

සැරයන් උදය නිලධාරියාඑම වෛද්‍යවරයාට කිව්වා මා මත්පැන් පානය කර තිබේදැයි පරීක්ෂා කරන්න කියා. මා එවිට වෛද්‍යවරයාට මාගේ මූණේ හා ඇසේ තුවාල පෙන්වමින්මට හොඳටම ගහලා තියෙන්නේමාව රෝහලේ නවත්වා ගන්න කියා ඉල්ලා සිටියා.

එවිට සැරයන් උදය නිලධාරියාලියලා නෙවෙයි ගෙනාවේගිහිල්ලා ලියලා අරගෙන එන්නම් කියා මාව යලිත් පොලිසියට රැුගෙන ගියා.

මාව පොලිසියට ගේනත් සැරයන් උදය රෝහලේ වූ මේ විස්තරය ස්ථානාධිපති මහේෂ් පෙරේරාට කිව්වා. මහේෂ් පෙරේරාසැරයන් උදයට කිව්වා මූට දාන්න තියෙන ඔක්කොම දාලාබන්ධනාගාර රෝහලෙන් බෙහෙත් ගන්න සලස්වන්න කියා. එදින රාත‍්‍රියේ කූඩුවේ සිටියා.

පසු දින උදේ 10ට පමණ අප දෙන්නාව කූඩුවෙන් එළියට අරන්ස්ථානාධිපති මහේෂ් පෙරේරා ගේ කාමරයට ගෙන ගියා. එ් අවස්ථාවේ මට පහර දුන්න දුෂාන්ත නවරත්න සිල්වාඔහුගේ බිරිඳ සුද්දී හා තවත් අයෙක් හිටියා. ඔහු දුෂාන්ත නවරත්න සිල්වාගේ සොහොයුරෙක් බව දන්නවා. ඔහු ද මට පහර දුන්න අයෙක්. මට පහර දුන්න අනෙක් සොහොයුරාහමුදාවේ අයෙක්. ඔහු පොලිසියට පැමිණ සිටියේ නැහැ.

එහිදීස්තානාධිපති මහේෂ් පෙරේරාමට ,බලපන් මේ මහත්වරු ත්‍රුිය  එකේ ඉන්න හැටිකියා ඔවුන්ව පෙන්වා සිටියා. මම කිව්වා මම ආවේ කූඩුවේ ඉඳලාගෙදර ඉඳලා ආවානම් මමත් ත්‍රුිය  එකේ එනවා කියා. එවිට ස්ථානාධිපති මහේෂ් පෙරේරාමූගේ කට වැඩියිමූව දානවා දවස් 14කට කියාමට පහර දුන්න අයට ඔයගොල්ලෝ යන්නගිහිල්ලා දානේ ගෙදර වැඩ කටයුතු කරගන්න කියා පැවසුවා.

ඔහුඋප පොලිස් පරීක්ෂක වරයෙකුට කථා කොටමූව දවස 14කට යවන්න - ලියන්න කිව්වා. එම නිලධාරියාමාව උඩ තට්ටුවට ගෙනිච්චා. එහිදී මම ඔහුට කිව්වා නීතිය කරන්නඅසාධාරණ වැඩ කරන්න එපා කියා. ඔහු මට - හු--- පුතාතෝ දැනගනින්දවස් 14කට යවනවාආවහම ආයෙත් යවනවාදැන ගනින් කැ-යා කියමින්,මට තර්ණය කරමින් නින්දා අපහාස කලා.

එ් අවස්ථාවේ පැමිණිලි සඳහා පැමිණි 20ක් පමණ එතැන සිටියා. ඔහුඑසේ බැන වැදීහිටපන් උඹට කරන දේ මම මහේෂ් පෙරේරා මහත්තයාගෙන් අහලා එන්නම් කියා පහලට ගියා. නැවත පැමිණඑතැන සිටිය පොලිස් කොස්තාපල් වරයෙකුට කිව්වා මාගෙන් ප‍්‍රකාශයක් ගන්න කියා.

ඔහු මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එසේ ගන්න විටඋඹ කොහොම කිව්වත් කමක් නෑඋඹව උසාවි දානවාමයි කියාඋප පොලිස් පරීක්ෂකවරයා කිව්වා. පැයක් පමණ මා ඉන් විටසු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මූණගම පැමිණ උඹව උසාවි දානවා කියා මගේන නැවත ප‍්‍රකාශයක් ලියා ගත්තා.

ප‍්‍රකාශ දෙකටම මගෙන් අත්සන් ගත්තා. ටික වේලාවකින්උ.පො.ප.මූණගමමාව ස්ථානාධිපති මහේෂ් පෙරේරා ළඟට රැුගෙන ආවා.

එහිදී - ස්ථානාධිපති මහේෂ් පෙරේරා මට කිව්වා මීට පස්සේ උඹ අරගොල්ලන්ගේ දිහා බලන්නවත් බෑආයේ එ් ගොල්ලන්ට විරුද්ධව පොලිසියට එන්න බෑ කියා තර්ජණය කොටමට යන්න කිව්වා.
එදින සවසමමපානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් සිද්ධිය ප‍්‍රකාශ කලා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප‍්‍රකාශ කලා - ආසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියා. එමෙන්ම පහර දුන් අයව අත්අඩංගුවට ගන්නා ලෙසට.’’

නමුත් තාමට පහරදීම පිළිබ`ද පරික්ෂණ නොකල බව පවසන අසේල තමාට පහරදුනේ,
ජයසිංහ දුෂාන්ත නවරත්න සිල්වාජයසිංහ ජයන්ත නවරත්න සිල්වාජයසිංහල ලලිත් නවරත්න සිල්වා`ඵ ආනන්ද (රත්මලානේ පදිංචි*නලින් - ක`ඵ ආනන්දගේ පුතා හා තවත් අයෙක් බව සිය ලිඛිත පැමිණිල්ලේ සඳහන් කරයි.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. අසේල හා පවුලේ උදවිය ඇමති වෙල්ගම ගේ හා නිර්මල කොතලාවල ගේ ප‍්‍රබල ආධරකරුවන්ය. අසේල පවසන පරිදි සිද්ධිය අදාලව ඇමති වෙල්ගම පුද්ගලිකවම පානදුර ජෙෂ්ඨ පොලිස් අධිකාරිරයාට කථා කර තිබේ. තමාව රිමාණ්ඞ් කිරිමට පොලිස් ස්ථානාධිපති ගත් උත්සහය වැළකුණේ එ් නිසා බව ඔහු විශ්වාස කරයි. එ් සමග ඔහු කියා සිටියේ  තමා පිළිබඳ කරුණු කියා පැමට පොලීසයට පැමිණි ඇමති නිර්මල කොතලාවල ගේ ලේකම් වරයෙකුව ස්ථානාධිපති පන්නා ගෙන තිබෙන බවයි. තවද තමාට පහර දුන්න පිරිස සමගපානදුර දකුණ පොලිස් ස්ථානය තුලදස්ථානාධිපති මහේෂ් පෙරේරා සමගද හැසිරුනේ ඉතා කු`ඵපගුව බවද ඔහු කියා සිටි.

No comments:

Post a Comment